තේ පානයේදී මෙන්ම අපේ රටේ ආහාර නිෂ්පාදනයේදීද 'සීනි' ප්‍රධාන රසකාරකයක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ උක් ගසේ සාරයෙන් සීනි නිපදවුවද එම ප්‍රමාණය රටේ අවශ්‍යතාවෙන් 20%ටත් වඩා අඩුය. පැල්වත්ත,හිඟුරාන,සෙවණගල වැනි කර්මාන්තශාලා ආශ්රයෙන් අපේ රටේ සීනි නිෂ්පාදනය වේ.
ශ්‍රී ලංකාවේ සමස්තයක් ලෙස සීනි පරිභෝජනය සඳහා මෙට්‍රික් ටොන් පනස්දහසක් පමණ භාවිත වේ.මෙරටට වැඩිපුරම සීනි අපනයන කරන රට වනුයේ ඉන්දියාවයි. නමුත් ඉන්දියාව මෑතක සිට සීනි අපනයනය සඳහා සීමා පමුණුවා තිබේ.
ඉන්පසු මෙරටටබ්රසීලයෙන් සීනිඅපනයනය කෙරිණි. බ්‍රසීලයේ සීනි කන්ටේනර්වලට මුවා වී අවස්ථා 04කදී 'කොකේන්' වැනි මත්කුඩු මෙරටට ගෙන්වන ලදී. ඒ තුළින් අත්‍යවශ්‍ය භාණ්ඩ අපනයනය සඳහා ගැටලුකාරී බවක් ඉස්මතු විය. ඒ අනුවමෙරට තුළට බ්‍රසීලයෙන් සීනි අපනයන කරලීම නවතා දැමිණි.මෙවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාවට තායිලන්තයෙන්සීනි ගෙන්වීමටකටයුතු යොදා ඇත.
කෙසේ වෙතත් මෙවැනි ජාවාරම් නිසා අපේ රටට 'සීනි' ගෙන්වීමටද ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. මේ තත්ත්වය රටේ අත්‍යවශ්‍ය ආහාරපාන සඳහාද බලපා ඇත. බ්‍රිතාන්‍යය වැනි රටකින් සීනි ගෙන්වීමට නොහැකි වීම ඊට කදිම උදාහරණයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය 'රිෂාඩ් බදියුදීන්' මහතා පවසන්නේ,බ්‍රසීලයෙන් සීනි ගෙන්වීම ගැටලුකාරී වූ බැවින් (කොකේන් වැනි මත්ද්‍රව්‍ය මෙරටට හොර රහසේ ඇතුළු වීම නිසා) තායිලන්තයෙන් සීනි ගෙන්වීමට සාකච්ඡා කර ඇත. එලෙසම කොකේන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා දී ඇති බවදඔහු කීය.
ශ්‍රී ලංකාවේ මත්කුඩු ජාවාරම නිසා විනාශ වන තරුණ පරපුර අති මහත්ය. කොපමණ දැල එලුවත් මෙරටට ජාවාරම් ඇතුළු වීමවැළැක්විය නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර කලාපයේ කෙන්ද්‍රීය තැනක පිහිටීම නිසා මත්කුඩු ජාවාරම් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. මෙවන් පසුබිමක් තුළ රටේ අත්‍යවශ්‍ය ආහාර අපනයනය සඳහාද ගැටලුකාරී බවක් උද්ගත වී ඇත.
මෙවැනි ගැටලුකාරී තත්ත්ව මත මෙරටට අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීම සඳහා විශාල සටනක යෙදීමට සිදුවී ඇත. එමනිසා මෙවැනි ජාවාරම් වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය. එලෙසම මෙවැනි ක්‍රියාකලාප මැඬලීම රටේ විනාශ වී යන මතු තරුණ පරපුර අනාගතයටද මහත් පිටුවහලක් වනු ඇත.
එහෙයින් රටේ සිදුවන වංචා පිළිබඳ සොයා බලා ක්‍රියමාර්ග ගැනීම දේශපාලන නායකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ සමස්ත වගකීමකි.
මහේෂානි මීගහපොල