ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 16 වන සඳුදා
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ඉන්දියානු සාගර කලාපයේ ජ්‍යෙෂ්ඨ මත්ද්‍රව්‍ය මර්දන නිලධාරීන්ගේ සම්මන්ත්‍රණය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගිය 13 වැනිදා ආරම්භ විය. ඉන්දියානු සාගරික කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩළීම සඳහා කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ පරමාර්ථයෙන් සංවිධානය කෙරුණු මෙම තෙදින සම්මන්ත්‍රණය සඳහා රටවල් 21ක සහ සංවිධාන 7ක ඉහළ තනතුරු දරන නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.
මුහුදේ සහ වරායවලදී අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය පිළිබඳව ක්‍රමවත් ලෙසට දත්ත පවත්වාගෙන යාම, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කලාපීය සම්බන්ධතාව මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රම සහ එය මැඩළීම සඳහා මත්ද්‍රව්‍ය මර්දන ආයතනවල හැකියාවන් වර්ධනය කිරීම යනාදී මාතෘකා සම්මන්ත්‍රණයේදී සාකච්ඡාවට බඳුන්විය. මෙම තෙදින සමුළුවේ අවසන් වැඩසටහන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ පිහිටි බටහිර නාවික විධාන මූලස්ථානයේදී පවත්වන ලද අතර, කපිතාන් මයිකල් ටර්නර් මහතා විසින් එහිදී නෞකාවන්ට ප්‍රවිෂ්ට වීම සහ සෝදිසි කිරීම පිළිබඳව දේශනයක් පවත්වන ලදී.
වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයන් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මුහුද මැදදී නෞකාවකට ප්රවිශ්ට වීම සහ සෝදිසි කිරීම පිළිබඳව නිරූපණයක් ඉදිරිපත් කරන ලදී. මෙම නිරූපණයේදී ක්ෂණිකව නෞකාවකට ප්‍රවිෂ්ට වීම සඳහා අවශ්‍ය වෘත්තීමය නිපුණත්වය මෙන්ම නෞකාවක සඟවා ඇති මත්ද්‍රව්‍ය සොයාගැනීමට අවශ්‍ය විශේෂ දැනුම හා ප්‍රායෝගික පුහුණුව පැමිණ සිටි විදේශීය නියෝජිතයන් හමුවේ ප්‍රදර්ශනය කරන ලදී.
නෞකාවක සඟවා ඇති මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ඇති අපහසුතා පිළිබඳව මෙන්ම එම අපහසුතාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තම අවශ්‍යතා සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී පැමිණ සිටි පිරිසට අවබෝධයක් ලබාදෙන ලදී. මේ ආකාරයට මුහුද මැදදී සැකකටයුතු නෞකා පරීක්ෂා කරන අතර ඒ තුළින් මත්ද්‍රව්‍ය මෙරට ගෙනඒම වැළැක්වීමට නාවික හමුදාව විශිෂ්ට මෙහෙවරක් ඉටුකරන බව මෙහිදී ප්‍රකාශ විය.
popular news
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd