Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
'කවර හෝ රටකට, ජාතියකට විය හැකි ලොකුම විපත ඒ රටේ හෝ ඒ ජාතියේ ස්වාධීනත්වය අහිමි වීම. පරාධීනත්වයට යට වීම. ලෝකයේ රටවල් පිළිබඳ අධ්‍යයන කර ඒ පිළිබඳ සලකා බැලීමේදී එය නැවත නැවතත් සනාථ වූ සත්‍යයක්. අද අපි ජීවත්වන ලෝකයේ තිබෙන ඉහළම සමාජ රටාව ගත් විට දේශපාලන බලපෑම, ආර්ථික ශක්තිය, මිලිටරි බලය හා සංස්කෘතික සමාජීය බලපෑම යන සාධක අතරින් ඉහළින්ම තැන සිටින්නේ රටවල් අතළොස්සක් පමණයි. අපි ලෝකයේ සිටින රටවල් සංඛ්‍යාව එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයට සීමා කළොත් එය රටවල් 193කි. ඒ රටවල් අතරින් ඉහළ ආර්ථික වර්ධනයක්, ඉහළ ජීවන තත්ත්වයක් හිමි කරගෙන තිබෙන රටවල් සංඛ්‍යාව 35ටත් අඩු ප්‍රමාණයක්. මෙම රටවල් 35 ගෙන බැලුවහොත් එහි බහුතරය කෙමෙන් කෙමෙන් ආර්ථික වර්ධනයක් අත් කරගන්නා අතර, ඒ ආර්ථික වර්ධනය උපයෝගි කර ගනිමින් ලෝකයේ සෙසු ජාතීන් යටත් කොටගෙන ඔවුන්ගේ සම්පත් කොල්ලකෑමෙන් තමයි. මේ තැනට පත්ව සිටින්නේ.
අපි ඇමෙරිකා එක්සත් ජනපදය ගත්විට එහි ඉතිහාසය අවුරුදු 225ක් වැනි කාලයක්. ඒ රාජ්‍යය ගොඩනගාගෙන තිබෙන්නේ උතුරු ඇමෙරිකාවේ ඒ වනවිට පදිංචිව සිටි ස්වදේශික ජනයා ඝාතනය කර ඔවුන්ගේ භූමිය පැහැරගැනීමෙන්. ඉන්පසුව ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ සෙසු රටවල් පුරා තමන්ගේ මිලිටරි ආ‘ධිපත්‍යය තහවුරු කරන්නට සමත් වුණා. ඔවුන් ලෝකයේ වෙනත් රටවලින් දැවැන්ත ආර්ථික අතිරික්තයක් තමන්ගේ රටවලට ගෙනගියා. ඒ අනුව තමයි ඔවුන් ආර්ථිකය ගොඩනගා තිබෙන්නේ. ජර්මනිය, බෙල්ජියම, ඕලන්දය වැනි රටවල්ද එවැනි ක්‍රම ඔස්සේ ස්වකීය රාජ්‍ය ගොඩනගාගත් අයයි.
රටක් ඉහළ ආර්ථික තත්ත්වයකට ළඟාවෙන්න නම් ස්වාධීනව සිටිය යුතුයි. මේ යුගයේදී ජපානය, ඉන්දියාව, රුසියාව, චීනය වැනි රටවල් ඒ සඳහා හඳුන්වාදෙන්න පුළුවන්. අපි දන්නවා බටහිර රටවලට සාපේක්ෂව මෑත යුගයේදී ලෝකයේ ධනවත් රාජ්‍යයක් බවට පත් වූ ජපානය යටත් විජිතයක්ව තිබී නැහැ. ඒ නිසා ජපානයට පුළුවන් වුණා තමන්ගේ ආර්ථික සම්පත් හඳුනාගෙන, ඒ ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන තමන්ට අභිමත ස්වාධීන ආර්ථික මාදිලියක් තෝරාගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගන්න. මෑතකදී ධනවත්භාවයට පැමිණි දකුණු කොරියාව වැනි රට කලක් යටත් විජිතයක්ව තිබී නිදහස දිනාගත්තත් තමන්ගේ ස්වාධීන ආර්ථිකයක් ගොඩනගාගත්තා. මා කියූ එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතරින් ලෝකයේ ධනවත් යැයි කියූ 35 අත්හළ විට අනෙකුත් සියලු රටවල ආර්ථික වර්ධනය ඉතා අඩු මට්ටමක තිබෙනවා.
ඒ රටවල ජීවන තත්ත්වය බොහොම දුක්ඛිතයි. ඒ රටවල ආර්ථිකය වර්ධනය වන්නේ නැහැ, ජනතාවට අවශ්‍ය ආහාර, නිවාස, ඇඳුම් පැලඳුම්, සෞඛ්‍ය හා ප්‍රවාහන තත්ත්වයන් තිබෙන්නේ ඉතාම අඩු මට්ටමක. මා කලින් කී පරිදි අපි දුප්පත් යැයි පොදුවේ වර්ග කරන රටවල් සියල්ලම පාහේ යටත් විජිත වශයෙන් පැවති රටවල්. මෙරට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතීම මම දකින විදිහට මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට වුණ ලොකුම විපත්තිදායක දෙයක්.
ඇමෙරිකාවේ සිටින ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙකු වන නොම් චොම්ස්කි යටත් විජිතකරණයේ බලපෑම උදාහරණ සහිතව සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තිබෙනවා. ඔහු එය උදාහරණ සහිතව පෙන්වා දෙන්නේ රටක ස්වාධීනත්වයට, සංවර්ධනයට හා ප්රජාතන්ත්රවාදයට තිබෙන ලොකුම බාධකය වන්නේ පරාධීනභාව බවයි. අපේ රට යටත් කරගෙන යටත් විජිතයන් විසින් ඔවුන්ට රුචි පරිදි පාලනය කිරීම නිසා අපි පරාධීනභාවයට පත් වුණා. සුද්දට තවම රට තිබුණ නම් හොඳයි කියන පිරිසක් අපේ රටේ තවම සිටිනවා. සුද්දා හදපු කෝච්චි පාරවල් ටික තමයි අපට තවමත් තියෙන්නේ කියලා ඔවුන් හිතනවා. මේවා අවිද්යාත්මික අදහස්. ඉංග්‍රීසි පාලකයන් මේ රටේ පාරවල් හැදුවා. නමුත් අපේ රටේ රජ කාලයෙත් පාරවල් තිබුණා. ඒ කාලයේ අවශ්‍යතාවට අනුව මහාමාර්ග පද්ධතියක් සකස් වී තිබුණා. ඉංග්‍රීසි පාලකයන් දුම්රිය මාර්ග හැදුවා. ඒ හැදුවෙත් ඔබ, මගේ ප්‍රයෝජනයට නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ මේ රටේ වැවිලි කර්මාන්තයේ නිෂ්පාදන එම ප්‍රදේශවල සිට වරායට ගෙන ඒම සඳහා. එමෙන්ම ඔවුන්ගේ පරිපාලන අවශ්‍යතා සඳහා ගමන්බිමන් යන්න. ඒ අරමුණින් තමයි ඔවුන් මේවා සකස් කළේ.
ඔවුන් මේවා යටත් කරගනු ලැබුවේ කිනම් හෝ දිනක මේවා දාලා යන්න නෙමෙයි. නමුත් 20 වැනි සියවසේ පළමු භාගයේදී ලෝකයේ අතිශය තීරණාත්මක වර්ධනයන් රාශියක් නිසා එය වෙනස් වුණා. එකක් තමයි ඔවුන් අතරම ඇති වුණ භයානක යුද්ධ. ඒ ප්‍රථම ලෝක යුද්ධ සංග්‍රාමය සහ දෙවැනි ලෝක සංග්‍රාමය. ඇත්තෙන්ම මේවා ලෝක යුද්ධ සංග්රාම නෙමෙයි යුරෝපීය සංග්රාම ලෙසින් හැඳින්වුවහොත් නිවැරදියි. යුද්ධ නිසා ඔවුන්ගේ ආර්ථිකය පිරිහුණා. රටවල් පාලනය කිරීමේ හැකියාව පිරිහුණා. යටත් විජිතවල සිටින ජනතාව අධ්‍යාපනයක් ලබා සමාජය පිළිබඳ අවබෝධය පුළුල් වුණා. ඔවුන් නිදහස ඉල්ලා උද්ඝෝෂණ කරන්නට පටන් ගත්තා. මෙන්න මේ වගේ සාධක රාශියක් නිසයි අධිරාජ්‍යවාදීන් අපේ රටවලින් යන්නේ.
එංගලන්තයේ සිටි ප්‍රධාන පෙළේ විද්වතෙකු වන ග්රෝරි මෙනාඩ් කේන් ආර්ථික විද්‍යාව පිළිබඳ කළ අධ්‍යයන හා එයින් එළඹුණු නිගමන නිසා ඔහුගේ අදහස් පසුකාලීනව කේනිසියානු විප්ලවය යන නමින් හැඳින්වූවා. මේ විද්වතා 1917 වර්ෂයේදී පළමු ලෝක සංග්‍රාමය අවසන් වෙමින් සිටියදී බ්‍රිතාන්‍යයේ පාලකයන්ට පැවසුවේ, %මේ අධිරාජ්‍යය තවදුරටත් නඩත්තු කරන්න බැහැ. එහෙම වුණොත් එය අපේ රටටත් අනර්ථයක්.'
ඒ නිසා මෙය විසුරුවා හරින ලෙස ප්‍රකාශ කළා. එනිසා ඔවුන්ට මේ රටවලින් යන්න වුණා. අපට සීමාසහිත නිදහසක් ලැබුණා. නමුත් අපට ආර්ථික නිදහසක් ලැබුණේ නැහැ. නිදහසින් පසුව අපේ රටේ පාලන බලය හිමි කරගත් සමාජ ස්ථරවලට තමන්ගේම වූ ස්වාධීන දැක්මක් තිබුණේ නැහැ.
ඔවුන්ට තිබුණේ ඉංග්‍රීසි පාලකයන් විසින් අප වෙත පටවනු ලැබූ පරාධීන චින්තනය පමණයි. අපේ රටෙන් කොල්ලකෑ ධනයට වඩා දසදහස් ගුණයක් ඉංග්‍රීසින් විසින් ඉන්දියාවෙන් කොල්ලකාගෙන ගියා. මුල් අවධියේ ඉංග්‍රීසින් වෙනුවෙන් ඉන්දියාව පාලනය කළේ පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම නමැති කොල්ලකාරී සමාගමයි. ඒ කොල්ලකාරී සමාගමේ විධායක මණ්ඩලයක් තිබුණා. එය හැඳින්වූයේ සුප්‍රීම් කවුන්සිල් නමින්. 1835දී එහි සාමාජිකයෙකු ලෙස තේරී පත්වන්නේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු මෙන්ම උගතෙකු වන තෝමස් බැබින්ටන් මැකෝලී. ඔහු සාමිවරයෙක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මධ්‍යස්ථ මතවාදී අදහස් දරන මන්ත්‍රීවරයෙක්. ඔහු ඉන්දීය බලධාරී සමාගමේ වැඩවලට හවුල් වෙන අතර, ඔහු එහිදී ඉන්දීය සමාගමට අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ ලියකියවිල්ලක් ඉදිරිපත් කරනවා. එහි අන්තර්ගත වන්නේ ඉන්දියාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යන්න. ඔහු වරක සඳහන් කරනවා, බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කළ යුත්තේ, ලේ සහ වර්ණයෙන් ඉන්දියානුවන් වුවත්, රුචිකත්වය, මතවාදය, ආචාර ධර්ම, සාරධර්ම සහ බුද්ධිය විසින් ඉංග්‍රීසින් පිරිසක් බිහි කරන්න බව. මේ කියන ධර්මය මගින් අපේ රටේ බිහිකළ සමාජ පංතියක් තිබෙනවා. හමෙන් කළු වූවත් ඔවුන් දරන්නේ මුළුමනින්ම බ්‍රිතාන්‍ය අදහස්. ඔවුන් මැකෝලී අපේක්ෂා කළ පරිදි ඔහුගේ අදහස්වලින් බිහි වූ දරුවන්. මේක තමයි අපේ රටවලටත් ඇති වුණ ශාපය.
අපි බටහිරින් එන දේ අන්ධානුකරණයෙන් පිළිගෙන ඒවා දේවභාෂිතයක් සේ සලකනවා. ඒ නිසා මේ රටේ සිදු කරන්නට අවශ්‍ය බොහෝ දේ අමතක කළා. බටහිර සංවර්ධන ආකෘති විචාරයකින් තොරව පිළිගත්තා. මම කිසිසෙත්ම මෙයින් අදහස් කරන්නේ නැහැ බටහිර සංවර්ධන ආකෘතීන් අපට ගුරු කොට ගන්න බැහැ කියලා. නමුත් අපි එය තේරුම් ගන්න අවශ්‍යයි. ඔවුන්ට තිබෙන්නේ සෙසු රටවල් කොල්ලකා ගොඩනගාගත් ආර්ථිකයක්. නමුත් අපි එසේ කර නොමැති නිසා අපට එවන් ආර්ථික හැකියාවක් නැහැ. තැනකුත් නැහැ. ඒ නිසා අපි කළ යුතුව තිබුණේ යටත් විජිතයන් විසින් විනාශ කරන ලද දේශීය ආර්ථිකය, වැවිලි කර්මාන්තය හෝ සුළු කර්මාන්ත වැනි දේ දියුණු කරන, සංවර්ධනය කරන, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන ක්‍රියාදාමයක්. නමුත් අපි ඒ වෙනුවට බටහිර ජාතීන් එසේත් නොමැති නම් අධිපති ජාතීන් වන කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් රටවල් අතරින් බලවත් වන රටවල් 15 සහ ජපානය මෙන්ම ඔවුන් සමග සම්බන්ධ වී සිටින ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු කොරියාව වැනි අධිපති ජාතීන් විසින් ඔවුන්ගේ අභිවෘද්ධිය හා වාසිය පිණිස ගොඩනගන ලද ආර්ථික මාදිලිය අපි අනුවණ ලෙස පිළිගන්නවා.
මීට වසර 250කට පෙර අවධියකදී ලෝක ආර්ථික නිෂ්පාදනයෙන් 75%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙන්නේ අපි දුප්පත්ය කියලා හඳුන්වන රටවල්. ඉන්දියාවේ කොංග්රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ශෂි තරු උගත් පුද්ගලයෙක්. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විෂය භාර සහාය මහ ලේකම්වරයා ලෙසත් කටයුතු කර තිබෙනවා. ඔහු බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කළ සංවාදයකදී ප්‍රකාශ කරන්නේ බ්‍රිතාන්‍යයන් ඉන්දියාවට එන විට ලෝක ආර්ථිකයට ඉන්දියාව කළ දායකත්වය 23%ක් වන බවයි. නමුත් ඉංග්‍රීසින් ඉන්දියාවෙන් යනවිට ඒ දායකත්වය හෙවත් පංගුව 3%ක් දක්වා අඩු වී තිබුණා. මෙය ඉබේ අඩු වුණා නෙමෙයි අඩු කළා. ඇත්තෙන්ම මොවුන් ඉන්දියාවේ ආර්ථිකය විනාශ කළා.
අප සමග සසඳන විට ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු තමන්ගේ ආර්ථිකයක් හදන්න පටන් ගත්තා. එහි අඩුපාඩුකම් තිබුණු බව ඇත්ත. ඒ විතරක් නොවේ 1970 දී පමණ බටහිර ජාතීන් ඔවුන්ගේ පරණ මාදිලිය අසාර්ථක වෙලා, ආර්ථික බලය හීන වනවිට වෙන මතාවාදයක් අපි මත පැටෙව්වා. එය නව ආර්ථික, සමාජ කාර්යයේදී අපි හඳුන්වන්නේ නව ලිබරල්වාදය නමින්. එය තමයි අද ධනවාදය, ලිබරල් සමාජවාදය, ගෝලීයවාදය ලෙස නොයෙක් මුහුණුවරින් හඳුන්වන්නේ. මේ ආණ්ඩුවේ මෙවර අයවැයේ තේමාව තමයි නිදහස් කරළිය හා ගෝලීයකරණය වේගවත් කිරීම. 1970 ගණන්වල මේ නව ලිබරල්වාදය අපට හඳුන්වලා දුන්නම අපි ඒකත් පිළිගත්තා අන්ධයෝ වගේ. 1977 වර්ෂයේදී බලයට පත් වුණ ආණ්ඩුව විසින් ඒ වනවිට ජාතික ආණ්ඩු ක්‍රමයක් ගොඩනැගී තිබුණා නම් එහි සියලු කොටස් විනාශ කරනවා. 1977 අවසන් වනවිට රාජ්‍ය ආයතන හා ව්‍යාපාර 300කට ආසන්න ප්‍රමාණයක් ගත් විට ඒ සියල්ලම සමාන කාර්යක්ෂ්මතාවකින්, ඵලදායිතාවෙන් තිබුණේ නැහැ. ඇතැම් ආයතන ඉතා හොඳ මට්ටමක තිබුණා. පිඟන්, සිමෙන්ති, සීනි, කඩදාසි, වානේ, ටයර් වැනි නිෂ්පාදන ඒ අතරින් කිහිපයක්. නමුත් මේ සියලු දේවල් විනාශ වෙලා. අද අපි මේ සියල්ලම විදේශයන්ගෙන් ගෙන්වනු ලබනවා.
මේ පරාධීන චින්තනය සහිත ආණ්ඩු හා දේශපාලන පක්ෂ අද අපි පත්වෙලා තිබෙන තැනට වග කියන්න ඕන. අද තිබෙන මේ නව ලිබරල් මාදිලිය ආර්ථිකයේ වර්ධනයට ආධාර වන නමුත් ඒ ආර්ථික වර්ධනය අතිශය අසමාන විෂම ආකාරයට ව්‍යාප්ත කරනවා. පසුගියදා ස්විට්සර්ලන්තයේ දාවොස් නගරයේදී පැවැත් වූ ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික ආර්ථික සමුළුව ලන්ඩන් නුවර මූලස්ථානය කරගත් ඔක්ස්ෆෑන් ආයතනය ඉදිරිපත් කළ වාර්තාවක ඔවුන් කියනවා 2017දී ලෝකය උත්පාදනය කළ ආර්ථිකයෙන් 82෴ක්ම හිමි කරගත්තේ ලෝක ජනගහනයෙන් 01%ක පිරිසක් බව. මෙය කෙතරම් අසාධාරණ ක්රමයක්ද? ඒ මාර්ගය නිසා සත්‍ය වශයෙන්ම අපේ රට තුළ ජනගහනයෙන් 80%ක් ගත කරන්නේ දුක්ඛිත, අතෘප්තිකර, අසහනකාරී පීඩනයක්. මේ රටේ බහුතරයකට බරපතළ රෝගයක් හැදුණොත් ඔහු ජීවත් වෙනවාද යන්න සැක කටයුතුයි. නමුත් ඇමතිවරයෙකුට අසනීපයක් සෑදුණු විට ඔවුන්ට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් ප්‍රතිකාර ලබන්න පුළුවන්.
මෙම ක්‍රමයට එන්න මම දකින මූලික කාරණාව තමයි එකක් අපි පරාධීනභාවයට පත් වීම. ඒක අපට වෙනස් කරන්න බැහැ. එයින් අපට පාඩම් ඉගෙනගන්නයි තිබෙන්නේ. සත්‍යය තත්ත්වය ගතහොත් මේ දක්වා සිටි සියලු ආණ්ඩු එසේ තමයි ක්‍රියා කළේ. නමුත් පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් එහි යම් පාලනයක්, යම් සීමාවක් තබාගත්තා. නමුත් පරාධීන මානසිකත්වයෙන් මුළුමනින්ම වෙනස් වීමට හැකි උපායමාර්ගයක් ඔවුන්ට තිබුණේ නැහැ. දැන් යහපාලන ආණ්ඩුව ඊට වඩා භයානක තත්ත්වයක් ඇති කර තිබෙනවා. ඔවුන් මේ රටේ ආර්ථිකය විදේශිකයන්ගේ දඩබිමක් බවට පත්කර තිබෙන්නේ ලාංකිකයන්ගේ චින්තනය පවා වෙනස් කරමින්.
නිදහස් සැමරුම සඳහා ආණ්ඩුව මෙවර ආරාධනා කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය රැජින නියෝජනය කරමින් එඩ්වඩ් කුමාරයාට. ඔහු අහිංසක හොඳ පුද්ගලයෙකු වෙන්න පුළුවන්. නමුත් ඔහු නියෝජනය කරන්නේ බ්‍රිතාන්‍යය. අපේ රට යටත් කොට බ්‍රිතාන්‍යය අපට කළ විනාශය අති බහුලයි. ඔවුන් ආර්ථික පද්ධතිය විනාශ කළා. කඳුකරය එළිපෙහෙළි කළා. කඳුකරයේ දැන් නාය යන්නෙත් එහි ප්‍රතිඵල නිසා. ඔවුන් මේ රටේ සංස්කෘතික ජීවිතය සම්පූර්ණයෙන් අවුල් කළා. පුරාවස්තු හොරකම් කළා. මේ මෑතකදී ඔවුන්ගේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබුණා තාරා දෙවඟනගේ පිළිමය. එය අතිවිශිෂ්ට කලා කෘතියක්. නමුත් මෙය හොරකම් කළ දෙයක් වුවත් ඔවුන් කිසිම ලැජ්ජාවකින් තොරව එය ප්‍රදර්ශනය කරනවා. ඉතින් එවැනි රටක නියෝජිතයෙක් නිදහස් සමරන්න ගෙන්වන දෙයම අපේ රටේ පාලකයන්ගේ තිබෙන දීන වූ චින්තනය ප්‍රදර්ශනය කිරීමක් නොවෙද?
මේ පරාධීන වූ මාදිලිය අනුගමනය කිරීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් හා තමන්ගේ ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත්කර දීමට සමත් වූ රටක් ලොව කොහෙවත් නැහැ. සෑම රටක්ම ඉහළ තැනකට ආවා නම් ඇවිත් තිබෙන්නේ තමන්ට අභිමත සංවර්ධන මාදිලියක සිට ඒ සැලසුම් හා උපායමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් පමණමයි. 1950 ගණන්වල කොරියාව ගැන මේ රටවල කතා කළේ සමච්චලේට. නමුත් අද වනවිට කොරියාව ආර්ථික වර්ධනයේ ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටිනවා. ඒ රට ඒ තැනට එන්නේ ස්වකීය රටට ගැළපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක් ගොඩනගාගැනීමෙන් සහ ඒ පදනමේ සිට ලෝකය සමග සම්බන්ධතා ඇති කරගැනීමෙන්. ලෝකයට විවෘත වෙන්න වෙන්න තමන්ට වාසිදායක වැඩියි. නමුත් අපි විවෘත වී සිටින්නේ සියලු දේ පිට රටවලින් ආනයනය කරන ආකාරයටයි. මේ රටේ ආයතන හා ව්‍යාපාර රැසක් විදේශියකන්ට පවරා දෙමින් සිටිනවා. මේ නිසා සිදුවන රජයේ වියදම් පියවාගන්න බදු වැඩි කරනවා. ඒ අනුව ජනතාවගේ සාරය උරාබොන පිළිවෙතක් තමයි දැන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ. ඒ නිසා අපි මේ වෙලාවේ සමරන නිදහස උත්සවයක්, වෙනත් අයට සන්තෝෂයක්, ව්‍යවහාර භාෂාවෙන් කියනවා නම් ආතල් එකක්. නමුත් බහුතර ජනතාවට නම් මේ සමරන නිදහසේ කිසිදු ආතල් එකක් නැහැ. නිදහස් උත්සවය අපි අර්ථවත් සමරන්න නම් මුලින්ම අපි අපේ දෙපයින් නැගී සිටින්න ඕන. ස්වශක්තියෙන් නැගී සිටින්න ඕන. එසේ නැගී සිටිමින් පමණයි අපි ලෝකය සමග බද්ධ වී කටයුතු කළ හැක්කේ. එවිට අපිට අපේ සැබෑ නිදහස භුක්ති විඳීමට හැකි වේවි.'
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd