නවතම ගෝලීය පර්යේෂණයක් හරහා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තුළ ඇති විෂ සහිත ගිනි මන්දකාරක රසායනික දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ තුළින් සොයාගෙන තිබේ. උපහාසයට කරුණ නම් ස්නායු පද්ධතියට සහ ඒ හරහා බුද්ධිමය ධාරිතාවට හානිකර බලපෑම් ඇතිකළ හැකි මෙම රසායනික හමුවූයේද මනස වර්ධනය සඳහාම නිර්මාණය කර ඇති 'රුබික්ගේ කැටය' නම් සෙල්ලම් භාණ්ඩය තුළින් වීමය.
පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) අයිපෙන් ජාත්‍යන්තර සංවිධානය (IPEN) සහ චෙකොස්ලොවැකියානු පරිසර සංවිධානයක් වන ආර්නිකා (ARNIKA) සමග එක්ව සිදුකරන ලද පර්යේෂණයක් හරහා මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
හායනය නොවන රසායනික ගණයට වැටෙන ඔක්ටබ්රෝ ‘මොඩයිෆීනයිල් ඊතර, (OctaBED) ඩෙකාබ්රෝ ‘මොඩයීෆීනයිල් ඊතර (DecaBDE) සහ හෙක්සබ්රෝ ‘මොසයික්ලොඩොඩෙකේන් (HBCD) යන මෙම විෂ රසායනික ඉලෙක්ට්‍රොනික භාණ්ඩවල ආවරණය තුළ යොදාගැනේ. මෙම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමේදී මෙම සංයෝග ඉවත් නොකළහොත් එම ප්ලාස්ටික් නැවත භාවිත කිරීමේදී නව භාණ්ඩ තුළට ඇතුළු විය හැකිය.
මෙම පර්යේෂණය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 26කින් ලබාගත් රුබික්ගේ කැට යොදාගෙන ඇති අතර, ඉන් 90%කම ඔක්ටබ්රෝ ‘මොඩයිෆීනයිල් ඊතර (OctaBDE) සහ ඩෙකාබ්රෝ ‘මොඩයීෆීනයිල් ඊතර (HBCD) අඩංගු වී ඇතැයි හෙළිව තිබේ. ශ්‍රී ලංකාවෙන් ලබාගත් සාම්පල පහක් අතරින් දෙකක පමණක් අධික සාණ්ද්රණයෙන් ඔක්ටබ්රෝ‘මොඩයිෆීනයිල් ඊතර සහ ඩෙකාබ්රෝ‘මොඩයීෆීනයිල් ඊතර සොයාගෙන තිබේ.
මෙම රසායනික පරිසරය තුළ හායනයට නොවේ. ප්‍රජනන පද්ධතියට සහ හෝමෝන ක්‍රියාකාරීත්වයට හානිකර වන අතර, බුද්ධියට, අවධානයට හා ඉගෙනීමේ හැකියාවට මෙන්ම මතක ශක්තිය කෙරෙහිද අහිතකර බලපෑම් ඇතිකරයි.
මෙම පර්යේෂණයට සහාය දැක්වූවෝ ඒ පිළිබඳව මෙලෙස අදහස් දැක්වූහ.
''ඉලෙක්ට්‍රෝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ යුතු නමුත් ඒවායේ ඇති මෙවන් අහිතකර රසායනික දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩ තුළ නොතිබිය යුතුයි''
- හේමන්ත විතානගේ (විධායක අධ්යක්ෂ)
''මෙම පර්යේෂණ ප්‍රතිඵල නිකුත් කරන ලද්දේ ස්ටොක්හෝම් සම්මුතියේ ගෝලීය සමුළුවේ පාර්ශ්වයන්ගේ හමුවට දින කිහිපයක පෙරයි. ඒ අනුව මෙම ඔක්ටබ්රෝ‘මොඩයිෆීනයිල් ඊතර (OctaBDE), ඩෙකාබ්රෝ‘මොඩයීෆීනයිල් ඊතර (HBCD) අඩංගු උපකරණ කොටස් තවදුරටත් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් සම්මුතියේ විශේෂඥ කමිටුව අනතුරු අඟවා තිබෙනවා.
විෂ රසායනික උපකරණ ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ඒවායේ අඩංගු මෙවැනි හානිකර රසායනික නව උපකරණ තුළටත් ඇතුළු වෙනවා. මේ නිසා ඒවාට නිරාවරණය වීම තවදුරටත් සිදුවීම ප්‍රතිචක්‍රීකරණ සංකල්පයේ විශ්වාසනීයත්වයටත් පටහැනි වෙනවා. මෙම නීතිමය අඩුව පිරවීමට සියලු රජයන් කටයුතු කළ යුතුයි.''
- ජෝ දිගැන්සි අයිපෙන්
''ස්ටොක්හෝම් සම්මුතියේ ගෝලීය සමුළුවේ තවත් තීරණයක් නම් හානිකර අපද්‍රව්‍ය සඳහා සීමාවන් නිර්ණය කිරීමයි. ආරක්ෂිත සීමා හරහා මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට අවසර නොමැති වනු ඇත. නමුත් පුදුමයට කරුණ නම් දරුවන් සඳහා ඇති ඇතැම් භාණ්ඩ තුළ මෙම යෝජිත ආරක්ෂිත සීමා ඉක්මවා අහිතකර රසායනික අඩංගු වීමයි. අපට ආරක්ෂිත අන්තරායකර අපද්‍රව්‍ය සීමා අවශ්‍ය වෙනවා.
දුරවල සීමාවල ප්‍රතිඵල විදිහට විෂ රසායනික සහිත භාණ්ඩ වගේම ප්‍රමිතියකින් තොර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලි ඇතිවිය හැකියි. මේ නිසා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන හරහා අපගේ නිවාසවලටත් ශරීර තුළටත් විෂ රසායනික පහසුවෙන් පැතිරිය හැකියි.''
- ජත්තා ස්ට්රකෝවා (ආර්නිකා)
''බ්රෝමීන් අඩංගු ගිනි මන්දකාරක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තුළ හමුවන බැවින් මේ සදහා දැඩි නීතිමය සිමා පැනවීම අවශ්‍ය වේ. බොහෝ රටවල විශේෂයෙන්ම දැඩි නීති පවතින රටවල සිට දුර්වල නීති රාමුවක් ඇති රටවල් සඳහා අන්තරායකර අපද්‍රව්‍ය ආනයනය සහ අපනයන කෙරෙහි බලපාන එකම නීතිය වන්නේ ස්ටොක් හෝම් සම්මුතියයි.
ස්ටොක් හෝම් සම්මුතියෙන් වගේම බාසල් සම්මුතියෙනුත් ශ්‍රී ලංකාව, අන්තරායකර අපද්‍රව්‍යවලින් ආරක්ෂා වෙනවා. නමුත් ගැටලුව එම නීති ක්‍රියාත්මක කිරීමේ දුර්වලතාවයි.''
- හේමන්ත විතානගේ (විධායක අධ්යක්ෂ)
''අන්තරායාකර අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අදටත් බොහෝ පිටුපසින් සිටින අතර, පාරිභෝගික ආරක්ෂාව කෙරෙහි වගකිවයුතු ආයතන තවදුරටත් සැලකිලිමත් විය යුතය.
දරුවන්ගේ සෙල්ලම් භාණ්ඩ සඳහා රසායනික ප්රමිතීන් ක්‍රියාත්ම කිරීමට දැන්වත් පියවර ගත යුතුයි. දරුවන් තමයි මේ රටේ අනාගතය සෙල්ලම් භාණ්ඩයේ පටන්ම ඔවුන්ගේ වර්ධනයට වඩා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සියලු වැඩිහිටියන්ගේ යුතුකමයි.''
හේමන්ත විතානගේ විධායක අධ්යක්ෂ - 077 7 600 503
දලෙන පාත්‍රාගොඩ (කළමනාකරණ අධ්යක්ෂ) - 077 3 365 884
ආර්නිකා යනු, පාරිසරික තීරණ ගැනීමේ ක්‍රියාවලි විෂ රසායනික සහ අන්තරායකර අපද්‍රව්‍ය අවම කිරීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම පිණිස මහජන සහභාගිිත්වය ප්‍රවර්ධනය කරන චෙකොස්වැකියානු රාජ්‍ය නොවන සංවිධානයකි.
පරිසර යුක්ති කේන්ද්‍රය යනු රසායනික අපවිත්රනය සහ කාලීන පාරිසරික ගැටලු පිළිබඳ විද්‍යාත්මක අධ්‍යනයන්හි යෙදෙන මෙන්ම ඒවාට අදාළ නෛතික ක්‍රියාමාර්ගයන් ගනු ලබන ප්රමුඛ පාරිසරික ආයතනයකි.
අයිපෙන් සංවිධානය යනු ලොව පුරා රටවල් 100කට වැඩි ජනහිතකාමී රාජ්‍ය නොවන සාමාජික සංවිධාන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ජාලයකි. විෂ රසායනිකයන්ගෙන් මහජන සෞඛ්‍ය කෙරෙහි ඇති හානිය අවම කිරීම හෝ නැති කිරීමට කටයුතු කිරීම මෙහි ප්‍රධාන කර්යය වේ. පරිසර යුක්ති කේන්ද්‍රය සහ ආර්නිකා මෙහි ක්‍රියාකාරී සාමාජිකයන් වේ.