ජීවන බර මිනිසුන්ට මහ බරකි. සියල්ලෝ ගැටෙන්නේ හැපෙන්නේ ඒ වෙනුවෙනි. විධායක ශ්‍රේණියේ හෝ මහ මඟ සිඟමන් යදිමින් හෝ මුදල් එකතු කරන්නේ ජීවන බර පියවීම වෙනුවෙනි. ඉහළ පහළ යන බඩු මිල අතර, ඒ සියලු ජීවිත වලට එළවළු මිල තදින් දැනෙයි.
විවිධ හේතු මත උච්ඡාවචනය වන එළවළු මිලට හේතු කාරණාද නැතිවා නොවේ. අව්ව, වැස්ස, නියඟය මැද ගොවියාගේ දහඩියට ඉහළ මිලක් නියම වීම සැබැවින්ම වාසනාවකි. එහෙත් ඉන් පාරිභෝගිකයා එළවළු මිලදී නොගන්නා තැනට පත්වී නම් එය වඩාත් අනතුරුදායකය. කුමක් හෙයින්ද යත් වෙළෙඳ පොළේ එළවළු ඉතිරිවීම වෙළෙන්දාටත්, ඊළඟ වතාවේ එළවළු මිලදී ගන්නට ගිය විට ගොවියාටත් ගැටලු පැන නගින බැවිනි.
කෙසේ වුවද සියල්ලෝ රැකෙන්නේ පාරිභෝගිකයා එළවළු මිලදී ගන්නවා නම් පමණි. එහෙයින් පාරිභෝගික අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාව හිමිවීම අතිශයින් වැදගත්ය. පසුගිය සතියේ ඇතැම් එළවළු කිලෝවක මිල රුපියල් 1000කට ආසන්න මුදලක් දක්වා ඉහළගොස් තිබුණි. එය සියලු පාරිභෝගිකයන්ට දැනෙන තරමේ දෙයක් වූ අතර, නිරන්තර කතාබහකට පවා මග පෑදුවේය.
කෙසේ වුවද මේ වනවිට එළවළු මිල පසුගිය සතියට වඩා පහළ මට්ටමකට පැමිණ ඇතත්, දිවයින පුරා වෙළෙඳ සැල් හිමියන් ආර්ථික මධ්‍යස්ථාන හෝ පොදු වෙළෙඳ පොළ වල මිලටම එළවළු අලෙවි කරන්නේ නැත. එසේ හෙයින් පාරිභෝගික ඔබද වඩ වඩාත් සැලකිලිමත් විය යුතුය. දිවයින පුරා එළවළු විවිධ මිලට අලෙවි වෙද්දී මේ වනවිට ක්‍රියාත්මක මිල දර්ශන කිහිපයක් අපි ඔබට ගෙනෙන්නෙමු.
ඒ පාරිභෝගික ඔබේ අවධානය වෙනුවෙනි. මේ පිළිබඳ බලධාරීන්ද අවධානය යොමු කළයුතු අතර, එහිදීද මිල නියාමනයක් හෝ වෙනත් මොනයම් ආකාරයක හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. කුමක් වුවද පවතින තත්ත්වය මෙසේ යැයි කියන්නට අප ඔබට දත්ත කිහිපයක් පමණක් ගෙන එන්නෙමු.
මැනිං පොදු වෙළෙඳ සමිතියේ ලේකම් -ගාමිණී හඳුන්ගේ
"පසුගිය සතියට වඩා දැන් එළවළු මිල අඩුවෙලා තියෙන්නෙ. පසුගිය සතියේ කැරට් රු. 200 ට මිල වුණා. දැන් 120-130 දක්වා ඇවිත් තියෙනවා. මිරිස් රු.700 ට ගියා. දැන් 600 යි. තක්කාලි රු. 200 ට මිල වුණා. දැන් රු. 150 යි. මම හිතනවා ඉදිරියේදිත් මේ තත්ත්වය ක්‍රමානුකූලව අඩුවේවි කියලා. පසුගිය සතියට වඩා දැනට 50% කින් විතර අඩුවෙලා තියෙනවා. විවිධ හේතු උඩ ඉතින් මිල අඩු වැඩිවීම වෙන්න පුළුවන්"
මැනින් පොදු වෙළෙඳ පොළ
දෛනික මිල තොරතුරු (තොග) 2014/07/02
එළවළු තොග මිල (1kG)
ගෝවා 80.00
බෝංචි 100.00
ලීක්ස් 60.00
කැරට් 120.00 – 130.00
බීට් 110.00
තක්කාලි 150.00
මාළු මිරිස් 220.00
රාබු 50.00
අර්තාපල් (ලංකා) 135.00
වැටකොළු 90.00
බණ්ඩක්කා 80.00
පතෝල 80.00
කරවිල 150.00
පිපිඤ්ඤා 50.00
වට්ටක්කා 70.00
වම්බටු 60.00
දඹල 150.00
මුරුංගා 180.00
අළුකෙසෙල් 90.00
දෙහි 100.00
තලන බටු 70.00
අමුමිරිස් 600.00\
දඹුල්ල විශේෂිත ආර්ථීක මධ්‍යස්ථානය
දෛනික මිල තොරතුරු (තොග) 2014.07.01
එළවළු තොග මිල (1 kg)
ගෝවා 95.00
බෝංචි 87.50
ලීක්ස් 60.00
කැරට් - නුවරඑළිය 140.00
කැරට් - යාපනය 140.00
කොළ බීට් - නුවරඑළිය 75.00
කට් බීට් - මැල්සිරිපුර 80.00
කට් බීට් - යාපනය 80.00
තක්කාලි 140.00
මාළු මිරිස් 235.00
රාබු 22.50
නෝකෝල් 57.50
අර්තාපල් - නුවරඑළිය 135.00
අර්තාපල් - වැලිමඩ 115.00
අර්තාපල් - ආනයනය 86.50
වැටකොළු 65.00
බණ්ඩක්කා 57.50
පතෝල 65.00
කරවිල 110.00
පිපිඤ්ඤා 17.50
වට්ටක්කා 50.00
වට්ටක්කා ලොකු 50.00
බටු 45.00 - 70.00
බටානා 72.50
දඹල 110.00
එළබටු 72.50
එළවළු තොග මිල (1 kg)
මුරුංගා 135.00
අළු කෙසෙල් 57.50
බතල 47.50
දෙහි 82.50
කැකිරි 45.50
තිත්බටු 120.00
අමුමිරිස් 490.00
වියළි මිරිස් 97.50
රතු ලූනු - ආනයන 57.50
රතු ලූනු - ලංකා 55.00
ලොකු ලූනු - ආනයන 76.50
ලොකු ලූනු - ලංකා 37.00
ධාන්‍ය
බඩඉරිඟු ඇට 40.00
සෝයා බෝංචි 25.00
සියඹලා 50.00
තල 25.00
මුං ඇට 140.00
කවුපි 137.50
කුරක්කන් 72.50
පලතුරු
සීනි කෙසෙල් 25.00
ඇඹුල් කෙසෙල් 22.50
කෝලිකුට්ටු 67.50
පැපොල් 30.00
පොල් 31.50