Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා
2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා
සැකකටයුතු අවස්ථා කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වුවත් රාජ්‍ය වෛද්‍ය පීඨවලට ශිෂ්‍යයන් තෝරාගෙන වෛද්‍ය පුහුණුව හා සීමාවාසික ලබාදීම වඩාත් විනිවිද පෙනෙන විධිමත් සහ විද්‍යාත්මක ප්රතිපත්තියකට අනුව සිදුවීම අප ලබා තිබෙනා විශාල ජයග්රහනයකි.1870 වසරේ ආරම්භ වූ කොළඹ වෛද්‍ය විද්‍යාලය 1880 වසරේදී ලංකා වෛද්‍ය විද්‍යාලය ලෙස නම් කර තිබෙන අතර, ලංකා වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවන වෛද්‍ය වෘත්තකයන්ට බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගැනීමටද අවස්ථාව හිමි විය.
බටහිර වෛද්‍ය ක්‍රමය වැඩිදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා 1908 වසරේදී ඇපෝතිකරි පාඨමාලාව ආරම්භ කර තිබේ.1942 වසරේදී කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමත් සමග වෛද්‍ය උපාධි පිරිනැමීම ආරම්භ වූ අතර, අද වනවිට පේරාදෙණිය, යාපනය, රුහුණු, කැලණිය,ශ්‍රී ජයවර්ධනපුර, නැගෙනහිර සහ රජරට විශ්වවිද්‍යාලවල වෛද්‍ය පිඨ සහ රාගම වෛද්‍ය පීඨය බිහි වී තිබේ.
මෙම ස්ථානවලින් රටට අවශ්‍ය වෛද්‍ය උපාධිධාරීන් බිහිකරනු ලබන අතර, එලෙස විශ්වවිද්‍යාල වලින් සහ විදේශීය වෛද්‍ය විද්‍යාලවලින් අධ්‍යාපනය හදාරා මෙරට පවත්වන විභාගයකින් සමත් වූ වෛද්‍ය උපාධිධාරීන් මෙරට රජයේ සෞඛ්‍ය ආයතනවල සේවය කරනු ලබයි. සමස්තයක් ලෙස රජයේ රෝහල්වල වෛද්‍ය උපාධිධාරීන්, විශේෂඥ වෛද්‍යවරුන් 16,000කට අධික පිරිසක් සේවය කරන බවට වාර්තාවන අතර, රටේ ජනගහනයට සාපෙක්ෂව වෛද්‍ය වෘත්තකයන්ගේ ප්‍රමාණය ප්‍රමාණවත් නොවුණත් දැනට සේවයේ යෙදී සිටිනා වෛද්‍යවරුන් සිදුකරන කැපවීම මත එම අඩුව විශාල ලෙස රටට දැනෙන්නේ නැත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්වලට අනුව මිලියන 22ක් වූ ජනතාවට සේවය කිරීමට වෛද්‍යවරුන් 42,000කට අධික පිරිසක් සිටිය යුතු වුවත්, වෛද්‍යවරයෙකු නොමැති වීම නිසා රෝගියෙකු මිය ගියායැයි මෙරටින් වාර්තාවී නැත.එහෙත් සේවයේ යෙදී සිටිනා වෛද්‍යවරුන්ගේ යම් අතපසුවීම් නිසා රෝගී ජීවිත අනතුරකට පත්වූ අවස්ථා වාර්තා වී තිබෙන අතර, එම වාර්තා වීම්ද ඉතාමත් අල්පය. මේ නිසා ආණ්ඩුව සිදුකළ යුතු වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට මෙරට තුළ වෛද්‍යවරුන් සේවයේ යොදවා ගැනීමට, වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන වෛද්‍යවරුන් මෙරට තුළ රඳවා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම සහ වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා ප්‍රමාණය ඉහළ දැමීමය.
වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන වෛද්‍යවරුන් මෙරට තුළ රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවට අප සඳහන් කරන්නේ මෙරට තුළදී වෛද්‍යවරයෙකුට ලැබෙනා වරප්‍රසාද ප්‍රමාණවත් නොවීම නිසා යම් යම් අවස්ථාවල වෛද්‍යවරුන් විදේශගතවන බැවිනි.ආසන්න වශයෙන් ගෙවී ගිය දශක දෙක තුනක කාලය තුළදී විදේශගතවී ඇති වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය 5000 ඉක්මවන බවද වාර්තා වේ.මෙම පිරිස රට තුළ රඳවා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූවා නම් අද වනවිට අප රටතුළ 21,000 ඉක්මවන වෛද්‍යවරුන් ප්‍රමාණයක් සේවය කරනු ලබයි.
මීට අමතරව වෛද්‍ය විද්‍යාලවල පහසුකම් ඉහළ දමා වෛද්‍ය විද්‍යාලවලට බඳවා ගන්නා ප්‍රමාණය ඉහළ දමන ලෙසට ඉල්ලා සිටින්නේ විද්‍යා විෂයන් සඳහා ඒ සමාර්ථ 03ක් ගත්තත් ඇතැම් දිස්ත්‍රික්කවල පාසල් දරුදැරියන්ට වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් වීමට වරම් නැති නිසාය.මේ හේතුවෙන් බොහෝ ඉහළ දස්කම් දැක්වූ දරුවන්ගේ සේවාව අප රටට ලබාගැනීමට නොහැකි වී තිබෙන අතර, ඔවුන්ගෙන් මුදල්හදල් ඇති දෙමාපියන් මුදල් වියදම් කර විදේශ රටක වෛද්‍ය පුහුණුව ලබාදීමට කටයුතු කරනු ලබයි.
එහෙත් දිනකට රුපියල් 250ක ආදායමක් නොමැති 40%කට වැඩි පිරිසක් ජීවත්වන රටේ එම අවස්ථාව උදාවන්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයකට පමණි.
මේ නිසා රජයක් වශයෙන් සිදුකළ යුතු වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල සම්පත් ප්‍රමාණය ඉහළ දමා ඉහළම දක්ෂතා ඇති දරුවන්ට වෛද්‍යවරයෙකු වී රටට සේවය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීමය. එහෙත් 1977 වසරින් පසු මෙරට බිහිවූ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුළ ආරම්භ කර, මුදල්හදල් ඇති දෙමාපියන්ගේ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත දරුවන් වෛද්‍යවරුන් බවට පත්කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය.
මෙහි උච්චතම අවස්ථාවන් වර්තමාන ආණ්ඩුව තුළින් දැකගත හැකි වන අතර, ඔවුන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල රටතුළ ව්‍යාප්ත කිරීමට කොතරම් උනන්දුදයත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ගොඩනැගිලි ඉදිකිරීමට රාජ්‍ය බැංකුවලින් රුපියල් මිලියන 600ක ණයක් ලබාදීමටද කටයුතු කරනු ලැබිණි.
මීට අමතරව රටේ ප්‍රධානියාගේ සුරතින් සිසුන් දහදෙනෙකුට ඉගෙන ගැනීමට ශිෂ්‍යත්ව දහයක්ද පිරිනමනු ලැබිණ.
මෙම විහිළු සැපයීමට අමතරව දැනට මාලඹේ ප්‍ර‘දේශයේ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට වෛද්‍ය සභාවේ අවසර ලබා නොදීම නිසා වෛද්‍ය සභාව විසුරුවා හැර හෝ අනුමැතිය ගන්නා බවට අමාත්‍යවරයෙකු යටි ගිරියෙන් කෑ ගසනු ලැබිණ. ලෝකයේ කිසිදු රටක වෛද්‍ය සභාවේ කටයුතුවලට දේශපාලනඥයන්, රටේ නායකයා ඇඟිලි ගැසීම් සිදුකරන්නේ නැත. අවාසනාවකට කරුණ වී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය රටතුළ ක්‍රියාත්මක වන බවට කෑ මොර දෙන දේශපාලනඥයන්ම වෛද්‍යවරුන් සම්බන්ධ තීන්දු තීරණ ගන්නා වෛද්‍ය සභාවේ කටයුතුවලට ඇඟිලි ගැසීමය.
වර්තමාන ආණ්ඩුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ බිහිකිරීමට උත්සාහ කරනවා සේම 1981 වසරේ මෙරට පාලනය කළ පාලකයන් උතුරු ලංකා නමින් යාපනය ප්‍ර‘දේශයේත්,උතුරු කොළඹ නමින් රාගම ප්‍ර‘දේශයේත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට කටයුතු කිරීමය.
මෙහිදී වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළුව සමස්ත ශිෂ්‍ය ප්‍රජාවම එක්ව එම වෛද්‍ය විද්‍යාල සංකල්පය පරාජය කළ අතර, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගනිමින් රාගම වෛද්‍ය විද්‍යාලය ලෙස පවත්වාගෙන යනු ලබයි.
1997 වසරේදී එංගලන්තයේ ඇබර්ඩින් විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් බිහිකිරීමට උත්සාහ දරා තිබේ. ඉන්පසුව 1999 වසරේදී ඉන්දියාවේ විනායකමිෂන්ස් ආයතනයට අනුබද්ධව නාරාහේන්පිට ප්‍ර‘දේශයේත්, 2002 වසරේදී ඉන්දියාවේ විග්නන් ඉන්ස්ටිටියුට් සහ ටැන්සානියාවේ දාරම් සලාම් සමාගම එක්ව පිළියන්දල ප්‍ර‘දේශයේත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇති කිරීමට සැලසුම් සකස් කර තිබේ.
2006 වසරේදී නැවත වතාවක් ඉන්දියාවේ විග්නන් ඉන්ස්ටිටියුට් ආයතනය මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට උත්සාහ දරා තිබෙන බව වාර්තා වේ. මීට අමතරව 2008 වසරේදී මාලඹේ ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සිදු වූ අතර, මේ වනවිට එම වෛද්‍ය විද්‍යාලයෙන් සායනික කටයතු සඳහා රජයේ රෝහල් ලබාදීමට සැලසුම් කර තිබෙන බවද රජයේ වෛද්‍යවරු සඳහන් කරති.
මේ නිසා රටතුළ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන අතර, රජය ගෙන තිබෙන මෙම තීරණයට එරෙහිව වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධය දක්වමින් සිටියි. එහෙත් ආණ්ඩුව සිටින්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුදැරියන්ට සායනික පුහුණුව ලබාදීමට රජයේ රෝහල් ලබාදිය යුතුය යන ස්ථාවරයේය.
මේ නිසා රට තුළ යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති වී තිබෙන අතර, මේ නිසා ලක්ෂ 70 - 80ක් ලබා දී වෛද්‍යවරයෙකු වීමට මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ දරුවන් සහ දෙමාපියෝද දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉතිහාසය ගතහොත් මෙරට තුළ කිසිදු වෛද්‍ය විද්‍යාලයකට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාදී නැත. වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති කිසිදු වෛද්‍ය විද්‍යාලයක් කිසිදු විදේශීය රටක් පිළිගන්නේද නැත. මීට අමතරව එවැනි වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන කිසිදු වෛද්‍යවරයෙකු පිළිගැනීමකට ලක්වන්නේද නැත.
පොදුවේ ගත් කල අප රට තුළ ක්‍රියාත්මක වන වෛද්‍ය සහ පශ්චාත් වෛද්‍ය අධ්‍යාපන ක්‍රමය සඳහා ආභාසය ලැබී තිබෙන්නේ මහා බ්‍රිතාන්‍යයෙනි.
මහා බ්‍රිතාන්‍ය‘යේ වෛද්‍ය සභාව යනු බලතල විශාල ප්‍රමාණයක් හිමි ආයතනයක් වන අතර, ඔවුන් වගකියන්නේ මහජනතාවට සහ මහජනතාවගේ නියෝජිතයන් නියෝජනය කරන පාර්ලිමේන්තුවට පමණි.
we are not here to protect the medical. Profession - their interests are protected by others. Our job is to protect patients. We are independent of government and the profession and accountable for parliament
අප සිටින්නේ වෛද්‍ය වෘත්තිකයන් ආරක්ෂා කිරීමට නොවේ. ඔවුන්ගේ ඕනෑ එපාකම් සඳහා වෙනත් පාර්ශ්ව සිටිති. අපේ රාජකාරිය වන්නේ රෝගීන් ආරක්ෂා කිරීමයි. අප ආණ්ඩුවෙන්ද, වෛද්‍ය වෘත්තිකයන්ගෙන්ද ස්වාධීන වන අතර අප වගකියන්නේ පාර්ලිමේන්තුවටය.
මේ අනුව බ්‍රිතාන්‍යයේ ආභාසය ලද අප රටටද මෙය පොදු කාරණයකි. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? මෙරට දේශපාලඥයන් මහජන ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ආයතනය වන වෛද්‍ය සභාවට බලපෑම් එල්ල කරන්නේ ප්රසිද්ධියේය. ප්‍රසිද්ධියේ බලපෑම් කිරීමට අමතරව වෛද්‍ය සභාව නියෝජනය කළ වෛද්‍යවරුන්ට මැර ප්‍රහාර එල්ල කළේද, තර්ජන එල්ල කළේද කිසිදු හිරිකිතයක් නොමැතිවය.
එලෙස කටයුතු කරමින් සිටිනා දේශපාලන ප්‍රවාහය සෞඛ්‍යයට වෙන්කරන මුදල වසරින් වසර කප්පාදු කරනු ලබයි. කප්පාදු කිරීමකට ලක් නොකළද වැඩිවන ජනගහනයට සාපේක්ෂව මුදල් වෙන් කරන්නේ නැත. එහෙත් ලෝක සම්මතය වී තිබෙන්නේ රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 05%ක්වත් සෞඛ්‍යය සඳහා වෙන්කළ යුතු බවයි. ලෝක සම්මතය එය වුවත් අප රට තුළ අද වනවිට සෞඛ්‍යයට වෙන් කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.3% ක් පමණි.
මේ නිසා ලෝකයේ අඩුවෙන්ම සෞඛ්‍යයට මුදල් වෙන්කරන රටවල් 18 අතරට එක්වීමටද ශ්‍රී ලංකාවට සිදු වී ඇත.
මේ නිසා වසරේ සෑම දිනකම ඖෂධ ගැටලු, සේවක හිඟය, සේවක වැටුප් ගැටලු, වැටුප් විෂමතා පැන නගියි. මීට අමතරව ඩෙංගු, වකුගඩු, රෝගවලින් මිනිස් ජීවිත බිලිගත්තද එය වළක්වාගැනීමට කිසිදු වැඩපිළිවෙළක් නැත. එසේම මුළු ලෝකයාම පිළිගන්නා ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වාදුන් ශ්‍රී ලංකාවට අදටත් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් නැත.
රට තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික රෝහල්, පර්යේෂණ ආයතන නියාමනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් රට තුළ නැත. එහෙත් අණපනත් වෙනස් කරමින් විවිධ සහන ලබාදෙමින් පෞද්ගලික අංශ වර්ධනය කර, ඒ පිළිබඳව පුරාසාරම් දොඩන්නට නම් ඕනෑ තරම් පිරිස් සිටිති. කෙසේවුවද මේ ආකාරයෙන් වැඩ කටයුතු කරන කිසිදු පුද්ගලයෙකු ප්‍රමිතියකින් තොරව බිහිවන වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නේ නැත. ප්‍රමිතියක් නැති වෛද්‍ය රසායනාගාරයකින් වෛද්‍ය පරීක්ෂණ සිදුකරගන්නේද නැත. වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති වුවද, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කළ යුතු බවට කෑමොරදෙන කිසිම කෙනෙකු මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතන්නේ නැත. ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වුවහොත් රටේ පිළිගත් හෝ ලෝකයේ පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් හෝ රෝහලකින් ප්‍රතිකාර ගැනීමට කටයුතු සැකසෙයි.
එහෙත් ගමේ ගොඩේ බණ්ඩලාට, සෝමාවතීලාට එවැනි පහසුකමක් නැත. ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන් රජයේ රෝහල්වලට බඳවානොගත්තද, මේ රට තුළ කොහේ හෝ ස්ථානයක කාමරයක් තුළ රෝගී සත්කාරවල යෙදිය හැකිය. එලෙස රෝගී සත්කාරවල යෙදෙන පුද්ගලයා සැබෑ වෛද්‍යවරයෙකුද යන්න බොහෝ දෙනෙකුට දැනගැනීමට ක්‍රමවේදයක් නැත. එවැනි ක්‍රමවේදයක් රට තුළ තිබුණේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන ආකාරයට ව්‍යාජ වෛද්‍යවරුන් 40,000කට මෙරට රෝගී ජනතාවට ප්‍රතිකාර කරන්නට හැකිවන්නේ නැත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආකාරයට වංචනික ආකාරයට ප්‍රතිකාර ලබාදෙන ස්ථාන සහ පුද්ගලයන් පිළිබඳව හෙළිකර තිබුණද ඒවා නවතා දැමිමට රජයට වැඩපිළිවෙළක් නැත. මේ නිසා ඉදිරියේදී බිහිවන ප්‍රමිතියකින් තොර ඕනෑම පුද්ගලයෙකුට මෙරට පෞද්ගලික වෛද්‍ය සේවායේ නිරතවීමට බාධාවක් නැත. රජයක් වශයෙන් සිදුකළ යුතුවන්නේ මෙම ගැටලු විසඳාගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමය. එහෙත් වර්තමාන ආණ්ඩුව සිදුකරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ ක්‍රියාවකි. මේ නිසා අපට ලියා තබන්නට සිදුවන්නේ අනාගතයේදී ලෝකයාටම ආදර්ශ ලබාදෙන මෙරට වෛද්‍ය සේවාවටත් අබ සරණයි කියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd