Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
'පාරදෘශ්‍යභාවයෙන් යුතු මෙන්ම විශ්වසනීයත්වයෙන් යුතු ක්‍රම මගින් ලෝකයේ බොහෝ රටවල මැතිවරණ ක්‍රියාවලිය දියුණු වෙලා තිබෙනවා. සෑම දෙනාටම සහාභාගි විය හැකි අඩු පිරිවැයක් සහිත මැතිවරණ ක්‍රම ලෝකේ ඕනෑ තරම් ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ ක්‍රම ක්‍රමයෙන් මෙය දියුණු වී ගියත් තාම භාවිතයට ගැනෙන්නේ ප්‍රාථමික ක්‍රමවේදයන්. එනිසා එතැන නිසැකයෙන්ම පිරිවැය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම විශාල වශයෙන් මිනිස් ශ්‍රමයද මේ සඳහා අවශ්‍යයි. පිරිවැය කෙසේ වුවත් සමාජයක මැතිවරණ කාලීන වශයෙන් අනිවාර්යයෙන් පැවතිය යුතුයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය, විශාලත්වය, භූමි ප්‍රමාණය, ජනගහනය අනුව යමින් කෙනෙකුට මේ පිළිබඳ තර්කයක් ගොඩනගාගන්න පුළුවන්. මේ අනුව ව්‍යුහයන් තුනක් ඔස්සේ අපේ රටේ මැතිවරණ ක්‍රියාවලිය ගොඩනැගිලා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණයයි. වෙනත් රටවලත් මේ අයුරින් විවිධාකාරයේ මැතිවරණ පැවැත්වෙනවා. මෙවරත් මැතිවරණ මුළු රටේම තියන්න වෙන්නේ නැහැ. ඒ නිසා අනෙක් ඉතිරි වන කොටසට මැතිවරණය පැවැත්වීම සඳහා ඒ වියදම කරන්න සිදු වෙනවා. සාපේක්ෂව ගතහොත් මේ වියදම මහා නිෂ්ඵල දෙයක් වන්නේ එවිටයි. නගර සභා හෝ ප්‍රාදේශීය සභා මැතිවරණය එකවර පැවැත්වීමේ වාසි සහගත තත්ත්වය වන්නේ එක් නගර සභාවක් හෝ එක් ප්‍රාදේශීය සභාවක් සඳහා යන වියදම ඉන් අවම කරගැනීමට හැකියාව ඇති නිසයි. ඒ නිසා අපට සිදු වෙනවා මේ යාන්ත්‍රණය නැවතත් ක්‍රියාත්මක කරවන්න. එකම දෙයකට දෙපාරක් වියදම් කරන නිසා මැතිවරණයට සාපේක්ෂව ඉතා ඉහළ වියදමක් යනවා. අපේ වගේ පහසුකම් අඩු, දියුණු වෙමින් පවතින රටකට එය එතරම්ම හොඳ දෙයක් නෙමෙයි. අනවශ්‍ය වියදමක්. වියදම අඩු, ඉලෙක්ට්‍රොනික් ක්‍රම ලෝකයේ දියුණු වී තිබෙනවා. අපි ඒවාට යොමු වීමට ඉදිරියේදී කටයුතු කළ යුතුයි. ඉදිරියේදී මැතිවරණවල මනාප ක්‍රමය අහෝසි වීමත් සමග තවත් වියදම් අඩු වේවි.
විවිධ ප්‍රශ්න සෑම මැතිවරණයකදීම ඇති වෙනවා. මැතිවරණ සමයේ කූට උපක්‍රම ඇතැම් විට ක්‍රියාත්මක වෙනවා. මිනිසුන් බිය වැද්දීම, මිනිස්සුන්ට අහිතකර බලපෑමක් ඇති කරන ලෙස ප්රචාරක කටයුතු සිදු කිරීම වැනි දේවල් ඒ අතර සිදුවෙනවා. මැතිවරණ කොමසාරිස්වරයා මේ පිළිබඳ උනන්දුවෙන් ඕනෑකමින් ක්‍රියාත්මක වෙනවා. අපි ඒවා හැකි පමණින් අවම කරගත යුතුයි. අනෙක් කාරණය තමයි මැතිවරණයේදී රජය දරන වියදමට වඩා දේශපාලන පක්ෂ දරන වියදම් වුණත් විශාල ප්‍රමාණයක් වීම. එය පෞද්ගලික දෙයක් වුණත් මේ මුදල් අපට වෙනත් වැඩදායී දෙයක් සඳහා ආයෝජනය කළ හැකියි. පක්ෂයක් ලෙසින්, අපේක්ෂකයෙක් ලෙසින් මේ ගැන මීට වඩා අවබෝධයකින් යුතුව ඔවුන් කටයුතු කළ යුතුයි. ප්රචාරක කටයුතු සිදුකරන්න සමාජ ජාල, වෙබ් අඩවි ගණනාවක් තිබෙනවා. මේවා මගින් අඩු වියදමකින් මිනිසුන් අතර ප්රචාරක කටයුතු සිදු කරන්න අපේක්ෂකයන්ට හැකියාව ලැබෙනවා. සම්ප්‍රදායානුකූලව ගෙයින් ගෙට යන එක පවා ඉතා වෙහෙසකර සිදුවීම් මිනිසුන්ට. අපි දීර්ඝ කාලයක සිට හුරු වී තිබෙන දෙයින් එක්වරම මිනිසුන් වෙනස් කරන්නත් බැහැ.
මහජනතාව ස්ව ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පිරිසක් පත්කර යවා තිබෙනවා. ඒ නිසා ඔවුන්ටද මැතිවරණ පැවැත්වීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ කටයුතු කරන්න වගකීමක් තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳ විශ්ලේෂණය කොට රටට ගැළපෙන ලෙස මැතිවරණ පැවැත්වීමට කටයුතු කරන්න අවශ්‍යයි. හැමදාම මැතිවරණය තියෙන ලෙසින්ම පවත්වා අවසන් කිරීම කිසිසේත් අපේ සමාජයට ගැළපෙන දෙයක් නම් නෙමෙයි.
රටවැසියෙක් මෙන්ම මේ සම්බන්ධව උනන්දුවක් දක්වන කෙනෙක් වශයෙන් මටත් බරපතළ ගැටලුවක් තිබෙනවා මේ මැතිවරණ සඳහා කරන වියදම් පිළිබඳ. ඇත්තෙන්ම ඒවා නාස්තියක්. ඊළඟට මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව පිළිබඳ අපි සලකා බැලුවහොත්, පාර්ලිමේන්තුව තුළ සිටිනවා 225ක්. ඊළඟට පළාත් සභා 09ක් තිබෙනවා. එමෙන්ම පළාත් පාලන ආයතන දෙගුණයකින් පමණ වැඩි කරලා තිබෙනවා. මේ නිසා අඩු ආදායම් ලබන රටකට මෙවැනි විශාල නියෝජිතයන් පිරිසක් නඩත්තු කරන්න පුළුවන්ද? ඒ වගේම මැතිවරණ පැවැත්වීමේ සංකීර්ණ ක්‍රියාවලියක් මේ රටේ තිබෙන්නේ. එය සරල කරලා නැහැ. ඒ නිසා තමයි අපි නැවතත් පටන්ගත්ත තැනට එන්නේ.
මේ නීති සම්පාදනය පුළුල් කතිකාවතකින්, සාකච්ඡාවකින් සිදුවිය යුත්තක් බවයි මම අදහස් කරන්නේ. මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට දැවැන්ත වියදමක් යනවා. අපට පළාත් සභා ක්‍රමයක් තිබෙනවා නම් පළාත් පාලන ආයතන තුළත්, පාර්ලිමේන්තුවේත් නියෝජිතයන් පිරිස වැඩි කිරීමට උත්සාහ ගන්නේ ඇයිද යන්නත් මට තිබෙන ප්‍රධාන ගැටලුවක්. මා මුලින් සඳහන් කළ පරිදි මේ සම්බන්ධ දැනුවත් පුද්ගලයන්ට පවා මේ හා සම්බන්ධ ක්‍රියාදාමයන් හදිසියේ තමයි දැනගන්නට ලැබෙන්නේ. සියලු දේ රජයේ නිලධාරීන් සහ දේශපාලඥයන් එකතු වී සකස් කරනවා. ඉන්පසුව ජනතාවට කියනවා එය බාරගන්න කියලා. අපේ රටේ දේශපාලන ක්‍රමය තුළ පමණක් නොව ආර්ථිකයේද දකින්න තිබෙන්නෙ මෙන්න මේ කාරණාව.
අපි ඇතැම් කරුණු කාරණාවලදී බටහිර රටවල් ආදර්ශයට ගන්නවා. නමුත් පිරිමැසුම්දායක ඡන්ද ක්‍රම භාවිතය වැනි දේ අපි ආදර්ශයට ගෙන නැහැ. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනයක් තිබෙනවා. ජනාධිපතිවරයා වැඩ බාරගන්නා නිශ්චිත දිනයක් තිබෙනවා.
මම අදහස් කරන්නේ නැහැ මැතිවරණ නොතිබිය යුතුයි කියා. මක්නිසාද ජනතාව පාලන තන්ත්රයට ටික කාලයක් හෝ සම්බන්ධ කරගත හැකි වෙන නිසා. ආර්ථික, සමාජ, දේශපාලන තන්ත්රය නිවැරදිව අධ්‍යයනය කරමින්, ඔවුන් නිවැරදි තීරණ ගන්නවා නම් එයයි ප්රජාතන්ත්රය සක්‍රීය වීමට අවශ්‍ය ප්‍රධාන පසුබිම වන්නේ. එවැනි වාතාවරණයක් නොතිබීම අපේ රට පෙළෙන ප්‍රශ්නයක්. එවැනි ක්‍රමවේදයක් තිබෙනවා නම් මේ ඡන්දය සඳහා යන වියදම් සකස් කරන ක්‍රමවේදයක්, නිකුත් කරන නිවේදන සහ මැතිවරණය සඳහා යොදාගන්නා නිලධාරීන්ගේ සංඛ්‍යාව, පොලීසියේ සමාජිකයන් සංඛ්‍යාව සීමා කරන්න පුළුවන්. හුදෙක් මැතිවරණය දෛනික ජීවිතයේ සාමාන්‍ය අංගයක් බවට පත් කරන්න අප සියලු දෙනා ගමන් කළ යුතුයි. ඇතැම් රටවල මේ මැතිවරණ පැවැත්වීම නිශ්චිත කාලවකවානුවක සිදුවෙනවා. බලයේ සිටින ආණ්ඩුවට වාසි වෙලාවට පවත්වන්නත් අවාසි වේලාවට කල්දාන්නත් පරිසරයක් ඒ රටවල නැහැ. අපි මේ ඉන්නේ අපේ පළාත් පාලන මැතිවරණය පුළුවන් තරම් කල්දාලා බැරිම වූ අවස්ථාවක. ඒ දේම විකෘතියක්. ඒ කාලය තුළ කාලය, ශ්‍රමය රටට විශාල වශයෙන් නාස්ති වෙනවා. නමුත් මැතිවරණ නොපැවැත්වීම රටක් වශයෙන් කොහොමවත් සිදු නොකර සිටින්න බැහැ. මෙය අවශ්‍යයි. පහළ ආදායම් ලබන පිරිස්වලට පාලන තන්ත්රය සඳහා යම් හෝ බලපෑමක් සිදු කිරීමට හැකිවන්නේ මේ අවස්ථාවේදී තමයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණ පවත්වන්නේ එකම දිනයක. ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී තමයි ඒ රටේ කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ගේ යම් සංඛ්‍යාවක් සහ සෙනෙට් සභිකයන් සිය දෙනෙක් තෝරාගන්නේ. එවැනි ක්‍රමයකින් වියදම් අඩු කරන්න පුළුවන්. අපේ රටේ ගැටලුවක් පැමිණි වහාම රාජ්‍ය අංශය යම් ප්‍රමාණයකට අකර්මණ්‍ය වෙනවා. ඔවුන්ගෙන් රටේ නිෂ්පාදනයට තිබෙන දායකත්වය පහත වැටෙනවා. ඒවා ගැන කතා කරන්න පටන්ගන්නවා. ඉතින් වර්ෂයක් පාසා මැතිවරණ තිබුණහොත් එයින් සිදුවන හානිය සිතාගන්නට හැකියි. පවත්නා ක්රමවේදයත් සමග මැතිවරණයේ පාරදෘශ්‍යභාවයක් නොමැතිකම අපි බලපාන්නා වූ බරපතළ නිධන්ගත ප්‍රශ්නයක්. යටත්විජිත ක්‍රමයෙන් මිදුණු පසුත් අපට අපේ හැකියාව, විභවතාව සහ අනන්‍යතාව හඳුනාගෙන අපේම වූ දේශපාලන ක්‍රමයක්, ආණ්ඩු ක්‍රමයක්, ආර්ථික ක්‍රමයක් සකස් කරගන්න අපි සමත් වුණේ නැහැ. අපි එහෙන් මෙහෙන් කෑලි මූට්ටු කරලා යටත් විජිතවාදීන් හඳුන්වාදුන් ක්‍රමය තමයි ප්‍රමුඛත්වය ගත්තේ. නිදර්ශනයක් ලෙස ගතහොත් දැන් ප්‍රාදේශීය සභා මැතිවරණය ක්‍රියාත්මක වන්නේ අතීතයේ තිබූ ගම් සභා ක්‍රමය මට්ටමින් නොවෙයි. පැරණි රජවරුන් සිටි අවධියේ පවා සිටියා ගම් පාලනය කිරීම සඳහා වූ නිලධාරීන් හෝ සභා විශේෂයක්. අනුරාධපුර පැවතියේ එය වරිග සභාව නමින්. අපේ ඒවායේ යම් යහපත් ලක්ෂණයක් තිබුණා නම් අපි ඒවා ආදර්ශයට ගැනීමට යොමු වූයේ නැහැ. අපි අනුකාරක ආකාරයට තමයි අපේ දේශපාලනය ආදී සෑම දෙයක්ම සකස් කරගෙන තිබෙන්නේ. ඒ නිසයි ආකාර්යක්ෂ්ම, පිරිමැසුම්දායක නොවන මැතිවරණ පැවැත්වෙන්නේ. ඉතින් ඒ ගැටලුව මගහරවාගැනීමට සමස්ත සමාජයේම ආකල්පවල රැඩිකල් පරිවර්තනයක් සිදු කරන්නේ නැතිව, මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් පමණක් බැහැ. නිදර්ශනයක් ලෙස ගත්විට අපේ රටේ මැතිවරණ ඇයි ප්රචණ්ඩ වෙන්නේ? ඇයි වෙනත් රටවල එසේ නොවන්නේ. මෙයට හේතුව තමයි අපේ රටේ සම්පත් බෙදී යාම අනුව මැතිවරණයකදී බලය අතට ගැනීම ප්‍රධාන සාධකයක් වීම. දේශපාලකයා ඇත්ත වශයෙන්ම ධනය උපයන පුද්ගලයෙකු බවට පත්වෙනවා. කොන්ත්රාත්වල ටෙන්ඩර් නිකුත් කරන්නේ ඔහු, තැබෑරුම්වල බලපත්‍ර නිකුත් කරන්නේ ඔහු, පාසල්වලට ළමයින් ඇතුළත් කරන්නේ ඔහු. ඒ නිසා මෙය අද බලු පොරයක් බවට පත්ව තිබෙනවා. ඒවාට මුල වෙන්නේ අපි තෝරාගත් අපේ සමාජ ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක්. වේදිකාවලට විත් වහසි බස් කිව්වට, පුරසාරම් දෙඩුවට යථාර්ථය හාත්පසින්ම වෙනස්. මම නම් දකින ආකාරයට පළාත් පාලන මැතිවරණයක් ආසන්න වනවිට බැඳුම්කර වාර්තාව පිළිබඳ ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමම පළාත් පාලන මැතිවරණයට අනිසි බලපෑමක්. එයින් පෙන්නුම් කරන්න හදනවා තමා හා තම කණ්ඩායම අතිශයින්ම පවිත්‍ර, පාරිශුද්ධ කණ්ඩායමක් හා එයට විරුද්ධ පිරිසක් යන අදහස. මම දකින අයුරින් එය කුමන ආණ්ඩුවක් කළත් එහෙමයි. පසුගිය කාලවල පැවැති ආණ්ඩු මැතිවරණවලට අනිසි බලපෑම් කරන ක්‍රියාවල යෙදිලා තිබෙනවා. නමුත් ඇතැම් සිදුවීමක් දෙකක් හැරුණු විට මැතිවරණ කොමසාරිස්ට හෝ එම අමාත්‍යාංශයට එය වළක්වන්න හැකියාවක්
ලැබිලා නැහැ.
'සංවර්ධනය වෙමින් පවතිනවා කියන්නේ නිකම් වචනයක්. එතකොට කවුරුහරි දන්නවා සංවර්ධනය කියන්නේ මේකයි කියලා. අනෙක් කාරණය තමයි ප්රජාතන්ත්රවාදය. මෙයින් අදහස් වන්නේ රාජ්‍ය පිළිබඳ අවසාන තීරණය තිබෙන්නේ මහජනයා අත බවයි. මොකද ආණ්ඩුකරණය සිදුවන්නේ මහජනයාගේ කැමැත්තට නිසා. ඒ අනුව එකී තමන්ගේ මතය නියෝජනය කරන්න තිබෙන ප්‍රධාන ක්‍රමය ලෙස මැතිවරණය හඳුනාගත හැකියි. එය වියදම් අධිකයි. ආර්ථික වියදම් නිසා මැතිවරණයක් නොපවත්වනවා නම් එය ප්රජාතන්ත්රවාදය පැත්තෙන් ගැටලුවක්. ප්රජාතන්ත්රවාදය මිල අධික දෙයක් තමයි. එහෙමත් නැතිනම් මෙවැනි දේ මිල අධික නිසා කවුරුන් හෝ පිරිසකට රට පාලනය කරන්න දිය යුතුයි. නමුත් එය හොඳ තර්කයක් නොවේ. නමුත් මැතිවරණ පැවැත්වීමේ නිරන්තරභාවය නොවේ මෙහි ගැටලුව ඇත්තේ. දේශපාලන තන්ත්රයේ පිරිස අති විශාලයි. පළාත් පාලන මැතිවරණයේදී වුණත් නියෝජිතයන් විශාල පිරිසක් පත් කරගන්න කටයුතු කරනවා. ඒ වගේම පළාත් සභා, පාර්ලිමේන්තුවද තිබෙනවා. මේවායේ නියෝජනය අති විශාලයි. ඇතැම් අවස්ථාවල මැතිවරණ පවත්වන්නේ මහජනයා සහාභාගි කරගන්නවාට වඩා තමන්ගේ පාලනය යටතේ සුජාතභාවයක් ලබාගැනීම සඳහා විය හැකියි. මැතිවරණ පවත්වන්න යන මුදල් වියදම වැඩි අගයක් ගත්තත් එය අඩු කරගැනීමට ක්‍රම තිබෙනවා. මගේ මතයට අනුව ලංකාවේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් පාලනය ආදිය වෙන ලෙසකින් සිදුකරන්න පුළුවන්. මෙවැනි දේවල් සිදු කරන්න ගියාම හරි භයානක දේ වන්නේ දේශපාලඥයන් ඒවා තමන්ගේ වාසියට හරවාගන්න නිසා. පැවැති අතුරු මැතිවරණ ක්‍රමයත් අහොසි වූ නිසා එක පැත්තකින් ගත්තාම මේ ආකාරයේ මැතිවරණ නිරන්තරයෙන් රටට අවශ්‍යයි. මම කැමතියි ඕනෑම අවස්ථාවක කැඳවිය හැකි අයුරින් ප්‍රදේශීය සභා මැතිවරණ මගින්ම නියෝජිතයන් පත් වෙනවා නම් පාර්ලිමේන්තුවට. මම පමණක් නොවේ කිහිපදෙනෙක්ම මීට සමගාමී නොයෙක් මැතිවරණ වෙනස්කම් පිළිබඳ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේ අපි අලුත් ක්‍රම සිතන්න අවශ්‍යයි මහජනයාගේ දේශපාලන සහාභාගිත්වය වැඩි වන ආකාරයට.
මේ මැතිවරණ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් අපේ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. නමුත් අපේ සමාජයේ මැතිවරණ සඳහා අලුත් ක්‍රම අත්හදා බැලීමේ එක් දුෂ්කරතාවක් තමයි කුමක් හො අලුත් ක්‍රමයක් යෝජනා වූ පමණින් දේශපාලඥයන් උත්සාහ කරනවා තමන්ගේ වාසියට ඒවා කපා කොටා භාවිතයට ගැනීමට. මෙය හරියට අධ්‍යාපනයට දළ දේශීය ආදායමෙන් 6෴ක් වෙන් කිරීමට යෝජනා කළ අවස්ථාවේ මතුවුණා වගේ තත්ත්වයක්. දේශපාලඥයන් පැනලා ඒක අරගෙන ඔවුන්ගේ වාසියට ඔවුන් එය භාවිත කරනවා. මේ නිසා මේවායේ යම් වෙනසක් සිදු කිරීමට නම් විචාරාත්මක මහජන සාකච්ඡාවකට අප යා යුතුයි. මෙවර කාන්තා නියෝජනය 25ක් කරවීම සම්බන්ධයෙන් කතා කළත් මෙහි දෙපැත්තක් තිබෙනවා. ඒ ඒ ප්‍රදේශවල සිටින කාන්තා අපේක්ෂකයන්ට ක්‍රියාකාරීත්වය ගැන සැලකීමේදී ඇත්තෙන්ම එය සාධනීය දෙයක්. නමුත් අනෙක් පැත්තට තර්ක කරන්න පුළුවන් ස්ත්‍රීන් සහ පුරුෂයන් ලෙස වෙන් කිරීම මත වෙනත් ගැටලුවක් තිබෙන බවට. එය සිදුකළ යුත්තේ ස්ත්‍රීන් බලගැන්වීම සඳහා මිසක් සෑම ලැයිස්තුවටකම අනිවාර්ය කිරීම නොවේ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම වෙනුවට අනිවාර්ය සහාභාගිත්වයන් ලබාදීම දැන් සිදුවෙලා තිබෙන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd