Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජුලි මස 16 වන බදාදා
2025 ජුලි මස 16 වන බදාදා
පාර්ලිමේන්තු සම්ප්රදායේ 70 වැනි සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03දා) පාර්ලිමේන්තුවේදී පැවැත්විණ.මෙම අවස්ථාවට ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, භුතානය, නේපාලය , මාලදිවයින, ඇෆ්ගනිස්ථානය යන සාක් රටවල් තුළ පාර්ලිමේන්තුවල කථානායකවරුද මෙම විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වූහ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.30 ට පමණ විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වූ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහත්වරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ 70 වසරක සංවත්සරය සැමරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
"අද දින පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමේදී මෙම පාර්ලිමේන්තුව ස්වාධීන පාර්ලිමේන්තුවක් වශයෙන් ප්‍රථමයෙන් රැස්වී වසර 70 ක් සැපිරීමේ සංවත්සරය සාඩම්බරයෙන් යුතුව සමරන අතර, ප්රජාතන්ත්රවාදී පාලනයෙහි නොබිඳුණු වාර්තාවක් සමගින් ආසියානු කලාපයේ ඇති වැඩිහිටි සර්වජන ඡන්දයෙන් තේරී පත්වන පැරණිතම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවයි. ඉදිරි කාලය මෙම පාර්ලිමේන්තුවටත්, ශ්‍රී ලංකීය ජනතාවටත් ප්‍රජාත්‍රන්ත්‍රවාදී සම්ප්‍රදායන් ප්රතිපත්තීන් සහ නීතියේ ආධිපත්‍ය තවදුරටත් ශක්තිමත් කරමින් සමෘද්ධිය සෞභාග්‍ය උදාවේවායි මෙම යෝජනාව මගින් ප්‍රකාශයට පත් කරනවා"
පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරුන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දශක 07ක කාල සීමාව ඉතාම වැදගත් වෙනවා. සෝල්බරි ව්‍යවස්ථාවෙන් 1947 අපේ පාර්ලිමේන්තුව පිහිටුවූවා. 1972 ව්‍යවස්ථාවෙන් පසුව වෙනස්කම් සිදුවූවා. 1978 ව්‍යවස්ථාවෙන් අසීමිත බලයක් ඇති විධායක ජනාධිපති ක්‍රමය නිසා පාර්ලිමේන්තුවේ බලය දුර්වල වුණා. 18 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලය ඉතාම දුර්වල වුණා. නමුත් අපේ ආණ්ඩුව විසින් ගෙන ආ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව ශක්තිමත් වුණා.
තවදුරටත් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම අපේ බලාපොරොත්තුවයි. නව ව්‍යවස්ථාව මගින්ද පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි අපේ අරමුණ. ඒ සඳහා සෑම මන්ත්‍රීවරයෙකුගේම සහාය අවශ්‍යයි. ඒ වගේම සාර්ක් කලාපය සමග අපේ පාර්ලිමේන්තුවේ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම අවශ්‍යයි. 70 වසරක කීර්තිමත් ඉතිහාසය පිළිබඳ කතා කරමින් රට වෙනුවෙන් සේවය කළ දේශපාලන නායකයන් මතක් කළ යුතුයි. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයේ ගැටලුකාරී නොවන ආකාරයට උත්තරීතර පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවිය යුතුය.ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය අපි හැමවිටම තහවුරු කළයුතු වේ. තනි පුද්ගලයකු අත ඇති බලය සාමූහිකව බෙදී යා යුතු බව මතක් කරනවා.
වසර 70 ක් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරලා අපේ රට වාර්තාවක් තබා තිබෙනවා. මේ කාලය පුරාවට ආණ්ඩු පක්ෂය, විපක්ෂය මේ හැමෝම ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරලා තිබෙනවා. වසර 116 ක පාර්ලිමේන්තු සම්ප්රදාය පුහුණුවක් අපිට ලැබුණා. 1972, 1978 ත් ජනරජ ව්‍යවස්ථා දෙකක් සම්මත කරන්න මේ සභාවට පුළුවන් වුණා. 2015 පසුව පාර්ලිමේන්තුවේ බලතල තවදුරටත් වැඩිකර තිබෙනවා. නමුත් මේ වසර 70 තුළ සමෘද්ධිය, සෞභාග්‍යය ලබාගැනීමට නොහැකි වීම තුළ අපි කනගාටු වෙනවා. 1947 දී සභාව පළමු වරට රැස් වූ අවස්ථාවේදී ආසියාවේ දියුණුම රටක් ලෙස ලංකාව නම් කළා. නමුත් වසර 70න් පසුව ඒ තත්ත්වය අහිමි වෙලා. යුද්ධය නිසා විවෘත ආර්ථිකයේ ප්‍රතිඵල ලැබුණේ නැහැ.
ප්රජාතන්ත්රවාදයේ පාර්ලිමේන්තුවේ අඩුපාඩු ලෙස අපි මේ දේවල් දකිනවා. එයට මුලින්ම අපේ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු වෙනවා. නව ව්‍යවස්ථාවෙන් අපිට ඒ සඳහා අවස්ථාවක් ලැබී තිබෙනවා. අපි එකෙන් උපරිම ප්‍රයෝජනය ගත යුතුයි.
දේශපාලන පක්ෂ වගේම ජනාධිපතිතුමාත් ඒ සඳහා කැප වී සිටිනවා. මේ සියල්ල ජනතාව වෙනුවෙන් සිදු කළ යුතු දේවල්.
1997 සිට මේ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. එසේ වුවත් අපි සියලුදෙනාම එකතු වෙලා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙමු කියලා ඉල්ලා සිටිනවා.
වසර 400කට වැඩි කාලයක් අපි විදේශිකයන්ට යටත් වී සිටියා. 1948 දී නිදහස සමරන අවස්ථාවට මම සහභාගී වුණා. ඒ අවස්ථාවේදී අපි එක්සත් ජනතාවක් ලෙස කටයුතු කළා. විදේශීය පාලනයෙන් නිදහස් වීමේ අපේක්ෂාව අපි සියලුදෙනා තුළම තිබුණා.
පසුගිය වසර 70 තුළ ප්රජාතන්ත්රවාදී පාලනය ඡන්ද ක්‍රමය තුළින් තහවුරු කරගෙන තිබෙනවා.
නමුත් මැතිවරණ ක්‍රමයෙන් පමණක් ප්රජාතන්ත්රවාදය තහවුරු කළ නොහැකියි. බහු විවිධත්ව ගෞරව දැක්වීමක් කළ යුතුයි. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ.
දිගුකාලීන සටන් අපිට අත්විඳින්නට සිදුවුණා. දෙමළ ජනතාව මතු කාලයක පටන් තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගැනීමේ අරගලයක යෙදී සිටිනවා. දැන් අපේ රට තුළ විවිධ ක්‍රියාවලි කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ගැටලු සඳහා විසඳුම් සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටිනවා. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ නොබෙදුන රටක් තුළ තම අණසකය තහවුරු කිරීමේ අපේක්ෂාවෙන් ජනතාව සිටියා. නොබෙදුන රටක් තුළ එකට එක්සත්ව අපි අපේ අරමුණ වෙනුවෙන් කටයුතු කරනවා.
අද ඓතිහාසික දවසක්. රාජ්‍ය මන්ත්‍රණ සභා අවධියේ සිට මේ දක්වා කටයුතු කළ සියලු මන්ත්‍රීවරුන් අපි සිහිපත් කළයුතු වෙනවා. වසර 70 ක කාලසීමාව තුළ හමුදා කුමන්ත්‍රණ, තරුණ අසහනයන් ආදිය සිදුවුණත් පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීමට හැකි වුණා. වත්මන් ආණ්ඩුව තුළ ආංශික අධීක්ෂණ කාරක සභා ඇති කිරීම තුළ ආණ්ඩු පක්ෂයට වගේම විපක්ෂයට ඒ සඳහා මැදිහත්වීමට අවස්ථාව ලබාදුන්නා.
අපි ආංශික අධීක්ෂණ කමිටු 09ක් ඇතිකර තිබෙනවා. එහි බොහොමයක සභාපතීත්වය දරන්නේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්.
නිදහස ලබන විට අපි ජපානයට පමණයි දෙවැනි වුණේ. නමුත් අද තත්ත්වය වෙනස්. පක්ෂ පාට භේදයකින් තොරව අපි සියලුදෙනා එක්සත්ව කටයුතු කළ යුතුයි කියා මම ප්‍රකාශ කරනවා.
මේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ නිතර විවේචනයට ලක් වූ දෙයක් තමයි මන්ත්‍රීවරුන් පත් කිරීමේ ක්‍රමය. බොහෝවිට ජනතා නියෝජිතයන් ලෙස එන පුද්ගලයන් පිළිබඳ විවේචන එල්ල වුණා. මේ නිසා ජනතා නියෝජිතයන් පත් වූ ක්‍රමවේදයක් ඇති කිරීම අපිට තිබෙන අභියෝගය බවට පත්ව තිබෙනවා.
ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් විධායක ජනාධිපති ක්රමයේ අනිසි බලතල අඩුකර සුපිරිසුදු ව්‍යවස්ථාවක් ඉතා ඉක්මනින් සකස් කරගන්නට පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම මේ වසර 70 තුළ අපෙන් සිදු වූ අඩුපාඩු මගහරවා ගනිමින් සාර්ථක ගමන් මගක නිරත වෙමු කියා මම ප්‍රකාශ කරනවා.
ආසියාවේ පැරණිම පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට උරුමකම් කියන අපි මේ අවස්ථාව සමරන්නේ මහත් වූ ආඩම්බරයෙන්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ වැදගත් සන්ධිස්ථානයක් සමරන අවස්ථාවේ මේ දක්වා කටයුතු කළ සියලු මැති ඇමතිවරුන් මම සිහිපත් කරනවා.
රටක සැබෑ සහජීවනයක් ගොඩනැගිය හැක්කේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම තුළින් පමණයි. රෝගී වු ප්රජාතන්ත්රවාදයකින් සංහිඳියාවක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ වන විට අපි සංහිඳියාවේ මූලික අඩිතාලම දමා තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කර ගනිමින් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කර ගැනීමට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනවා.
ගත වූ වසර 70 තුළ ප්රජාතන්ත්රවාදයේ කේන්ද්‍රස්ථානය කියා හඳුන්වන මේ පාර්ලිමේන්තුවම ප්රජාතන්ත්රවාදයේ ගෙල සිඳලනු ලැබූවා. එවැනි අවස්ථා බොහොමයක් තිබෙනවා. හතර වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළෙත් මේ පාර්ලිමේන්තුවමයි. ඒ වගේම දිගු කාලයක් සාමාන්‍ය නීතිවලට අනුව රටක් පාලනය කරනු වෙනුවට විශේෂ මර්දන අණපනත් මේ පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා.
මෙම මධ්‍යස්ථානය ප්රජාතන්ත්රවාදය රැකීමට අසමත් වෙමින් ඒ සඳහා වෙනත් මාර්ග සෙවීමට පුද්ගලයන් මෙහෙයවූවා. ඒ නිසා යුද්ධ බිහි වුණා. යුද්ධ බිහි වුණ නිසා ප්රජාතන්ත්රවාදය අහිමි වුණා නොවෙයි, ප්රජාතන්ත්රවාදයේ කේන්ද්‍රස්ථානය තුළ ප්රජාතන්ත්රවාදය අහිමි කරන දේ සිදු වූ නිසයි එවැනි දේ සිදුවුණේ.
වසර 70 කින් පසුවත් නිවැරදි ආර්ථික දිශාවක් තෝරා ගැනීමට අසමත් වී තිබෙනවා. ඒ වගේම ජාතික සමගිය ගොඩනගන්න මේ පාර්ලිමේන්තුවට නොහැකි වී තිබෙනවා. වසර 70කට පසුවත් මේ රටේ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කර ජාතික සමගිය ගොඩනගන්න කියා අපිට කෑමොර දීමට සිදු වී තිබෙනවා.
අපේ හැම ඉතිහාසයක්ම අපේ අත්දැකීමක් බවට පත් කරගත යුතුයි. ඒ හරහා අපි අපේ ප්රජාතන්ත්රවාදය, ආර්ථිකය, ජාතික සමගිය ශක්තිමත් කරන්නේ කොහොමද කියා සිතා බැලිය යුතුයි.
ජනතාවගේ ඡන්දයෙන් මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට පැමිණියා. එවැනි ඡන්ද 70 වසරක් පැවති බවට මෙය බොහොම හොඳ සාක්ෂියක්.අපේ රට අභිමානවත් ඉතිහාසයක් ඇති දේශයක්. එය විදේශ කොල්ලකරුවෝ අල්ලා ගත්තා. මමත්, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ යන අය පමණයි 1947 පාර්ලිමේන්තුවේ හිටපු පියවරුන්ගේ දරුවන් හැටියට පාර්ලිමේන්තුවේ සිටින්නේ. එය මට නිහඬ සතුටක්.
ප්රජාතන්ත්රවාදය ලබාගැනීමට දුෂ්කර අරගලයක් කිරීමට සිදුව තිබෙනවා. මම නියෝජනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 54කගේ කණ්ඩායම් නායක ලෙසයි. පාර්ලිමේන්තුව බොහොම සංකීර්ණ දෙයක්. ඒ සංකීර්ණතාව සමාජය නියෝජනය කරනවා. සමාජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය සුරැකීමට කටයුතු කළ යුතු වෙනවා. යුද්ධය පරාජය කර රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට මහින්ද රාජපක්ෂ රජයට හැකි වුණා. එය රට ආරක්ෂා කිරීමක්.
ඡන්දයක් තිබෙන නිසා පාර්ලිමේන්තුව තිබෙන්නේ. ඡන්දයක් නැත්නම් පාර්ලිමේන්තුවත් නැහැ. ප්රජාතන්ත්රවාදය තිබෙනවා නම් ඡන්දය පැවැත්විය යුතුයි. ජය පරාජය විඳ දරාගෙන ඉදිරියට යා යුතුයි. අද පළාත් පාලන ඡන්දය නොමැති වී තිබෙනවා. ඡන්දය පවත්වා ගැනීමේ බරපතළ අරගලයක යෙදී සිටිනවා. මේ රටේ ඡන්ද ක්‍රමය අනුව ඡන්දය පැවැත්විය යුතුයි. අපි ඒකාබද්ධය ලෙස මන්ත්‍රීවරුන් 54 දෙනා කටයුතු කරන්නේ ජනමතය ආරක්ෂා කිරීම සඳහායි. අපි වෛරය අතහැරලා ප්රජාතන්ත්රවාදයට හුරු වෙමු. ප්රජාතන්ත්රවාදයට ගරු කරමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd