saravita-anim2

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා

feature - timelapse 11186 hours ago

LATEST

නීතිවිරෝධී වැලි කැණීම් අවම කිරීම කියන තරම් සුන්දර නෑ

calendar_today 2018 අගෝ 01 - 09:04 remove_red_eye - 1352  

මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ වැලි ගොඩ දැමීම මාෆියාවක් බවට පත් වනුයේ ඒ හරහා ගොඩ ගැහෙන මහා ධනස්කන්ධය උල්පතක් බවට පත්වීමත් සමගිනි. ගංගා, ඇළ, දොළ ආශ්‍රයෙන් අදටත් එදාවේල සොයා ගන්නට වෙර දරන අහිංසක සරල ගැමියාගේ දෑත් ගං වැල්ලට දියවද්දී ධනපතියන් බවට පත්වන්නෝ බොහොමයක් නිල බලයෙන්, මැර බලයෙන් ගාල කඩා ඒ මේ අත දුවද්දී

නුවරඑළිය නගරයේ හදවත බඳු ජලාශයක් ලෙස %ග්‍රෙගරි වැව^ හඳුන්වාදිය හැකිය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් විලියම් ග්‍රෙගරිගේ කාලයෙහි මෙය ඉදිකර ඇත. නගරයට මායිම්ව කුඩා කඳු පාමුල ඉදි වූ ග්‍රෙගරි වැව නගරයට අලංකාරයක් එක්කරනවා සේම වර්තමානයේ සංචාරක ආකර්ෂණය නොමඳව ලබන ස්ථානයක් බවට එය පත්ව කිබේ.

Read More

දිනක් ඇමතිවරයෙකු අසනීපව සිටි තම ඡන්ද දායකයෙක් බැලීමට රෝහලට ගියේය. රෝගීව සිටි ඡන්ද දායකයා ඇමතිවරයා එන විට තම රෝහල් ඇඳෙහි කතා කර ගන්නටවත් අමාරුවෙන් සිටියේය. මොන ලෙඩක් තිබුණත් දේශපාලන උණක් ඇම්මක් තිබූ රෝගියා ඇමති දුටු සැණින් නැගී සිටියද ඔහුට කතා කර ගන්නට බැරි විය. ‘මොකද තමුසෙට වුණේ ඇමතිවරයා අසත්ම එතැන සිටි පුද්ගලයකු තම ලෙඩා වෙනුවෙන් කතා කළේය.

Read More

යහපාලන ආණ්ඩුව දිගින් දිගටම ජනතාවට අසත්‍ය පවසමින් ඉදිරියට පැමිණි ගමන දැන් අවසන් වීමට පටන්ගෙන තිබේ. එකින් එකට බොරු පොරොන්දු දුන් ආණ්ඩුව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් ලබාදුන් බොරු පොරොන්දුවක් හේතුවෙන් එම සිසුන්ට අත්ව තිබෙන ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳ ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

Read More

මෙම තීරුව කියවන පාඨකයන් බොහෝ දෙනෙකු කාලයක සිට දේශපාලනයට එහා ගිය විෂයක් පිළිබඳ ලියන ලෙස ඉල්ලීම් කරමින් තිබිණි. එම ඉල්ලීමට එක්තරා ප්‍රමාණයකට ගරු කරමින් මෙම සතියේ මම ප්‍රේමය ගැන ලියන්නට කල්පනා කරමි. ප්‍රේමය ගැන ලිවීමේදී වුවද දේශපාලනයට ප්‍රේමයේ ඇති ගැඹුරු සම්බන්ධය ගැන නොලියා සිටිය නොහැක. විශේෂයෙන්ම දේශපාලනය ආරම්භ වන්නේ ශිෂ්ටාචාරය බිහි වී බොහෝ කලකට පසුවය

Read More

අධික බදු පනවා තිබෙන බව පවසමින් මේ වන විට රට තුළින් ජනතා විරෝධයක් එල්ලවෙමින් තිබේ. එමෙන්ම ආණ්ඩුවේ වැරදි කියමින් ආණ්ඩුවේම පිරිස් ආණ්ඩුවට චෝදනා කරමින් සිටින ආකාරයක්ද දැකගත හැකිය. දේශපාලන හිතවතුන්ට රජයේ තනතුරු ලබාදෙන බවට හා දේශපාලන හිතවත්කම් මත සුදුසුකම් නොමැති පිරිස‍ට උසස්වීම් ලබාදෙන බවටත් වර්තමාන ආණ්ඩුවට චෝදනාවක් එල්ල වී තිබේ.මෙම චෝදනාවලින් වැඩි ප්‍රමාණයක් එල්ල වී තිබෙන්නේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටයි. මේ නිසා %අද^ මේ පිළිබඳව එ.ජා

Read More

ලෝක පූජිත ඉන්දියානුවෙකු වන අමර්ත්‍යා සෙන් 1998 වසරේ දී නොබෙල් ත්‍යාගය හිමි කර ගත්තේය. ඒ ආර්ථික විද්‍යාව සඳහායි. ඔහු ඉතා වැදගත් කෘතියක් ලියා තිබේ. එහි නම සංවර්ධනය නිදහස ලෙස (Development as Freedom ) යන්නයි.

Read More

උද්ගත වූ, සහ උද්ගත වෙමින් පවතින පාරිසරික අර්බුද හමුවේ සිය වෘත්තීය දිවියම කැප කරමින් ශ්‍රී ලංකාවේ පරිසර සටන් රැසක් ජයග්‍රහණය කරාගෙන යෑමට පුරෝගාමී වූ ජ්‍යෙෂ්ඨ පරිසර නීතිඥ ජගත් ගුණවර්ධන මහතා අද සොබා බදාදා කතාබහට එක්වූයේ එවන් අදහස් පළකරමිනි.

Read More

තෙත් බිම් තුළ සිදුවන විනාශකාරී තත්ත්වයන් නවතා දැමීම සඳහා රටවල් 18ක් එකතු වී 1971 වසරේ පෙබරවාරි 02 වන දින තෙත් බිම් සංරක්ෂණය සඳහා අන්තර්ජාතික සම්මුතියකට අත්සන් තබා තිබේ. රැම්සා සම්මුතිය නමින් හැඳින්වෙන මෙම සම්මුතිය 1975 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, මේ වන විට තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා රටවල් 160කට වැඩි ප්‍රමාණයක් සම්මුතියට අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තබා ඇති අතර, ඒ අනුව මෙරට සංරක්ෂණය වන තෙත් බිම් කිහිපයක්ද රට තුළ තිබේ.

Read More

පාසලකට දරුවන් ඇතුළත් කිරීමේ සිට සියලුම කටයුතුවලට දෙමවුපියන්ගෙන් මුදල් අයකර ගන්නා බවට මේ වන විට අප රට තුළ කතාබහක් ඇති වී තිබේ. මීට අමතරව ගුරු, විදුහල්පති හිඟය නිසා පාසල් පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උදා වී තිබෙන බවටත් වෘත්තීය සමිති නිරතුරුවම සඳහන් කරණ කරුණක් බවට පත්ව ඇත. මෙම ගැටලුවලට අමතරව විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ, අධ්‍යාපන පරිපාලන යන තනතුරුවලට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන බවට පවසමින් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කර

Read More

මෙතෙක් කල් අක්‍රීයව පැවැති මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමේ හදිසි තීරණයක් ජනාධිපතිවරයා ගෙන තිබේ. එම තීරණයට මුල් වූ ප්‍රධානතම සිද්ධිය වනුයේ පසුගියදා අත්අඩංගුවට ගැණුනු මත්කුඩු තොගයකි. හෙරොයින් ජාවාරමට වරදකරු වී මරණීය දණ්ඩනයට නියමව බන්ධනාගාරගතව සිට අයෙකු විසින් ඒ මත්කුඩු ජාවාරම මෙහෙයවූ බව දැනටමත් අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. එමෙන්ම මෙරට හෙරොයින් ජාවාරමේ මෙහෙයවීම් සිදුකරන මධ්‍යස්ථානය බවට පත්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරය බව අද ප්‍

Read More

අහසින් වැටෙන එක් දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යෑමට ඉඩ නොදෙමි යැයි කියමින් එදා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් මහා පරාක්‍රමබාහු රජතුමා මහා සමුදුරුවන් ජලාශ ගොඩනගා රට සුඛිතමුදිත කළේය. එම චින්තනය සහිත රජරටින් බිහි වූ නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රජරටට වැටෙන අතිමහත් ජලස්කන්ධයෙන් එක් බිඳුවක් හෝ අපතේ නොයන පරිදි මේ වන විට වැඩකටයුතු සකස් කර අවසන්ය.

Read More

විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොදුජන එක්සත් පෙරමුණද වෙනත් දේශපාලන බලවේගවලට මුහුණ දිය හැකි එම කුරිරු සරදමට මුහුණදීමට රාජපක්ෂවරු තවදුරටත් සූදානම් නැති බව ඔවුන්ගේ වර්තමාන දේශපාලන හැසිරීමෙන් හොඳින්ම විද්‍යමාන වේ.

Read More

මේ මොහොතේ ඔබ සිටින්නේ සතුටින්ද යැයි කිව හැක්කේ ඔබටම පමණකි. මන්ද එයට සත්‍යම පිළිතුර ඇත්තේ ඔබ ළඟම මිස වෙන කිසිවෙකු ළඟ නොවන බැවිනි. අප ජීවිතයෙන් සොයන සතුට එකිනෙකාට සා‍පේක්‍ෂ වන බැවින් එකෙකුගේ සතුටට හේතු වන දෙයම තවකෙකුගේ අසතුටටද හේතු විය හැකිය. ජීවිතයේ සැබෑ සතුට තුළ සාපේක්‍ෂතාවක් තිබිය නොහැක්කේද එබැවිනි.

Read More

අක්කර ලක්‍ෂ තුනකට වැඩි පරිසර පද්ධතියකින් සමන්විත විල්පත්තු ජාතික වනෝද්‍යානය ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය ලෙස සැලකේ. විල්ලු 40ක් ඇති ලංකාවේ එකම වනෝද්‍යානයද වන මෙම භූමිය තුළ සත්ත්ව විශේෂ 370ක් වාර්තා වී තිබේ.

Read More

ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කරන ඔහු පරිසරයේ අසිරිය සහ පරිසරය රැකගැනීමේ වැදගත්කම පසක් කිරීම උදෙසා සිදු කළ සන්නිවේදන කාර්යය සුළුපටු නොවේ. වාර්තා වැඩසටහන් නිෂ්පාදනයේදී පරිසරය සම්බන්ධ වැඩසටහන් සඳහා පුළුල් අවකාශයක් ලබාදුන් ඔහු, ශ්‍රි ලංකා ජාතික ජායාරූප කලා සංගමයේ සභාපතිවරයා සේම, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක කංචන මාරසිංහ ය. මේ කතාබහ ඔහු සමගිනි. මෙම සටහන සමග පළවන වනජීවී ඡායාරූප

Read More

පාරිසරික විද්‍යාඥයන් පෙන්වා දෙන පරිදි නූතනයේ වඩාත් අවධානයට ලක්ව ඇති පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම්ය. එයිනුදු කරදිය ආශ්‍රිත තෙත්බිම් සඳහා මූලික ස්ථානයක් හිමි වන බවට ඔවුහු සඳහන් කරති. එබැවින් එළඹෙන 26 වැනිදාට යෙදෙන ලෝක කඩොලාන දිනයට සමගාමීව කරදිය තෙත්බිම් ආරක්ෂා කිරීමෙහිලා ඔබේ යුතුකම හා වගකීම මතක්කර දීමට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය ජලජීවී වගා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සාගර විද්‍යා පර්යේෂිකා ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය අද

Read More

1976 ජූනි 23දා එල්ලා මරණ ලද චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා ලංකාවේ අවසන් වරට එල්ලුම් ගහට නියම වී එල්ලා මරා දමන ලද පුද්ගලයාය. ජේ.එම්.චන්ද්‍රදාස මරා දමන ලද්දේ සිය පෙම්වතිය මරා දැමීම හේතුවෙනි. නමුත් චන්ද්‍රදාස තමාගේ ඇස් දන්දෙන ලෙසට අවසන් වශයෙන් ඉල්ලීමක්ද කර තිබිණි

Read More

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය සමග එක් වී සිටියි. එම 16 දෙනාගෙන් දයාසිරි ජයසේකර මහතා 16 දෙනාගේ කණ්ඩායමෙන් ඉවත් වී සිටින බවටද රට තුළ කතාබහක් ඇති වී තිබේ. මේ පිළිබඳ සහ එම කණ්ඩායමේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සමග අද කතාබහක නිරත විය

Read More

අසාර්ථක, අදූරදර්ශී වත්මන් ආණ්ඩුවේ පාලනයට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කරනු ලබන ජනබලය කොළඹට දැවන්ත විරෝධතා පාගමන සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් පවතින අවස්ථාවක මෙම සතියේ කුරහන් සුවඳ තීරු ලිපිය ලිවීමට සිදුව තිබේ.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගෙන ආ යුතු බවට රාජ්‍ය අමාත්‍යවරියකව සිටි විජයකලා මහේෂ්වරන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය පිළිබඳ සමාජය ඉදිරියේ දේශපාලනඥයන්, විද්වත් ප්‍රජාව හා පුරවැසියා ස්වකීය මත ප්‍රකාශ කළද, සැබෑ ලෙස එය රාජ්‍යයේ එකීයත්වයට හානියක් වනවාද, නැද්ද එවන් අවස්ථාවක රටක දේශපාලනඥයන්, බුද්ධිමතුන් ක්‍රියා කළ යුත්තේ කෙ‍ෙස්ද යන්න පිළිබඳ වීමසීම සඳහා ප්‍රවීණ දේශපාලන විචාරක මොහාන් සමරනායක මහතා %අද^ට සම්බන්ධ කර ගත්තෙමු. ඔහු ඒ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.

Read More

ලංකාවේ දේශපාලනය තුළ ඇතිවෙමින් තිබෙන නව ප්‍රවණතාවල පැහැදිලි චිත්‍රයක් පසුගිය සති කිහිපයේදී නිර්මාණය විය. විශේෂයෙන්ම විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අනාගතයේදී ඇතිවිය හැකි වියවුලේ ස්වභාවය කැපී පෙනුණි. ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ වියත්මග වෙනුවෙන් එම පිල කෙරෙහි ඇති විරෝධය සමනය කරනු වස් ඔවුන් විසින් එහි නම හරි මග ලෙස වෙනස් කරනු ලැබීය. එසේම ගෝඨාභය රාජපක්ෂ, පොදුජන එක්සත් පෙරමුණේ දේශපාලන කාර්යාලය හා ප්‍රධාන කාර්යාලය වන නෙළුම් මාවතට

Read More

තෙල් මිල වැඩි කළ පසුව අඩුකර නැවත වැඩි කිරීම ගැන රටම කතා කරන්නට විය. රටම උණුසුම් කළ තෙල් මිල කතාව ආරම්භ වූයේ පස්වැනිදා මහා භාණ්ඩාගාරයේ පැවැති තෙල් මිල සූත්‍ර කමිටු රැස්වීමෙනි.

Read More

අපේ රට සත්ත්ව හා ශාක විශේෂවලින් ලොව අෙනකුත් රටවලට වඩා ඉතාමත් පොහොසත් රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ නමක් දිනාගෙන තිබුණි. මේ නිසාම ජෛව විවිධත්වය අතින් ඉහළම රටවල් 25 අතරට ඇතුළත් වීමටත් ශ්‍රී ලංකාවට හැකි විය.

Read More

කෘෂිකර්ම හා වැවිලි ක්ෂේත්‍රයේ ගොවි ජනතාව නිෂ්පාදන අලෙවි කිරීමේදී මුහුණ දී ඇති දුෂ්කරතාව සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා %අද^ පුවත්පතට ඉදිරිපත් කළ අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් වී තිබේ.

Read More

වසර ගණනාවක් පුරා දෛනික පරිභෝජනයෙන් ඉවතලන බොහෝ දේ කිසිදු පරිසර ආරක්‍ෂණයකින් තොරව බැහැර කිරීම හේතුවෙන් නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන්ට ලාංකේය සමාජයට මුහුණ දීමට සිදුව තිබේ. එමෙන්ම එයට සාපේක්‍ෂව පරිසරයටද සිදු වූ හානිය නිමා කළ නොහැකිය. නමුත් පරිසරයට අහිතකර පොලිතින් හා ප්ලාස්ටික් තහනම් කිරීමත්, ඒ හා සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමත් නිසා බොහෝ අය දැන් දැන් පරිසර හිතකාමී දේ භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.