The Interview පසුගිය කාලය තුළ අන්තර්ජාලයේ ඉතාමත් උණුසුම් පුවත් මැවූ චිත්‍රපටයක් ලෙස හැඳින්වීමට හැකිය. ජේම්ස් ෆ්රැන්කෝ සහ සෙත් රෝගන් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටයේ කතා තේමාව වන්නේ උතුරු කොරියානු නායකයා වන %කිම් ජොන් උන්^ ඝාතනය කිරීමට සැලසුම් කරන මාධ්‍යවේදීන් දෙදෙනෙක් වටා ගොඩනැගුණු කතා පුවතකි.
පසුගිය 2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී එළිදැක්වීමට කටයුතු යොදා තිබූ 'The Interview' චිත්‍රපටය හදිසි වාරණයකට ලක්විය. ඒ ජනපති ඔබාමා විසින් එම චිත්‍රපටය ප්‍රදර්ශනය නතර කිරීමට නියෝග කිරීම හේතුවෙනි. The Interview චිත්‍රපටය මීට පෙර සිනමා සියලුම සිනමා ශාලා හරහා තිරගත කිරීමට සෝනි සමාගම තීරණය කර තිබුණත්, උතුරු කොරියානු රහසිගත මෙහෙයුමක් මගින් සෝනි සමාගම වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් සීමිත චිත්‍රපට ශාලාවල පමණක් මෙම චිත්‍රපටය තිරගත කිරීමට පසුව තීරණය කෙරිණි.
මෙම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේදී සෝනි සමාගම විසින් සොයාගන්නා ලද කරුණු කාරණා අනුව ඔවුන්ගේ තිරගත වීමට නියමිතව තිබූ චිත්‍රපටවල තිරපිටපත් අන්තර්ජාලය පුරා විසුරුවා හැර ඇති බවද සොයාගෙන ඇත. මීට අමතරව මෙම චිත්‍රපටය ලෝකය පුරා තිරගත කරනු ලැබුවහොත් එම චිත්‍රපට ශාලා පුපුරවා හැරීමට කටයුතු යොදන බවට සයිබර් ප්‍රහාරයේ සඳහන්ව තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් මතභේදයට තුඩුදුන් මෙම චිත්‍රපටය මේ වනවිට මෙතෙක් ඉතිහාසයේ අන්තර්ජාලය හරහා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්ව තිබේ. 2014 දෙසැම්බර් 11 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වූ අතර, 2014 දෙසැම්බර් 24 වැනිදා උතුරු ඇමෙරිකාවේ එළිදැක්විණි. මෙම චිත්‍රපටය තිරගත කළ මුල් දින 4 ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක ආදායමක් ඉපැයීමට සමත් විය. එමෙන්ම මෙම චිත්‍රපටය මේ වනවිට මිලියන 03කට අධික පිරිසක් අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇති අතර, මේ වනවිට එහි ආදායම ඩොලර් මිලියන 36 කි. සීමිත චිත්‍රපට ශාලා කිහිපයක පමණක් තිරගත වූ නමුත් ආදායම් වාර්තා අතරට ඉතා ඉක්මනින් පැමිණි චිත්‍රපටයක් ලෙසද %The Interview^ චිත්‍රපටය හැඳින්විය හැකිය.
ඉන්පසුව චිත්‍රපට ශාලා ඔස්සේ තිරගත කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දමා යූටියුබ් ජාලය ඔස්සේ සහ XBox Video හා වෙනත් අන්තර්ජාල සේවා ඔස්සේ The Interview චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් 5 ක් වැනි මුදලකට නැරඹීමට අවස්ථාව උදාකර දීමට Sony සමාගම කටයුතු කරන ලදී. මෙම සුළු මුදල ගෙවනු ලබන්නේ චිත්‍රපටය නැරඹීම සඳහා පමණක් වන අතර, එය බාගත කිරීමට අවස්ථාවක් නොලැබේ. මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් 15 ක් ගෙවා මිලදී ගැනීමේ අවස්ථාවද සෝනි සමාගම විසින් ලබා දී ඇත.
කෙසේ නමුත් මෙලෙස අන්තර්ජාල සේවා ඔස්සේ නැරඹිය හැක්කේ ඇමෙරිකාව හා කැනඩාව වැනි රටවලට පමණක් නිසා ක්ෂණිකව The Interview චිත්‍රපටය torrent වෙබ් අඩවිවල පිටපත් Upload කිරීමට වැඩි අවස්ථාව හිමිවිය.
මෙම චිත්‍රපටයේ තිරගත කිරීමේ වැඩ කටයුතු අවසානයේදී, එනම් නොවැම්බර් මස 22 වැනිදා සෝනි සමාගමේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවිය. ඉන්පසුව දෙසැම්බර් 07 වැනිදා උතුරු කොරියාව විසින් මෙම සයිබර් ප්‍රහාරයේ වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී. ඉන්පසුව දෙසැම්බර් 16 වැනිදා 'Guardians of Peace' නම් සයිබර් ප්‍රහාරක කණ්ඩායම 9/11 ප්‍රහාරයට සමාන (2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වැනිදා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය) ප්‍රහාරයක් සිනමා ශාලාවලට එල්ල කරන බව ප්‍රකාශ කිරීමත් සමග නිව්යෝර්ක්හිදී පැවැත්වීමට නියමිතව තිබූ මංගල දර්ශන උලෙළ ආදී සියලු දෑ අවලංගු කරන ලදී.
දෙසැම්බර් 17 වැනිදා ඇමෙරිකානු සිනමා ශාලා The Interview චිත්‍රපටය තිරගත කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා, නත්තල් දිනයේදී යොදාතිබුණු එළිදැක්වීමේ කටයුතු අවලංගු කිරීමට සිදුවිය. දෙසැම්බර් 19 වැනිදා FBI විසින් උතුරු කොරියානු සයිබර් ප්‍රහාරය තහවුරු කරන අතර, ජනාධිපති ඔබාමා චිත්‍රපටය තිරගත කිරීම අවලංගු කිරීම අත්වැරදීමක් බව දන්වා සිටින ලදී. දෙසැම්බර් 20 වැනිදා සයිබර් ප්‍රහාරය පිළිබඳ ඒකාබද්ධ විමර්ශනයකට උතුරු කොරියාවෙන් ආරාධනා කිරීම සහ ඇමෙරිකානු රජය විසින් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ අතර, දෙසැම්බර් 22 වැනිදා පැය 10කට අධික කාලයක් උතුරු කොරියාව තුළ අන්තර්ජාලය අවහිර විය. එහි වගකීම බාරගැනීම ඇමෙරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පසුව දෙසැම්බර් 25 වැනිදා The Interview චිත්‍රපටය ඇමෙරිකානු සිනමා ශාලා කිහිපයක සහ ප්‍රධාන වශයෙන් වෙබ් අඩවි හරහා එළිදක්වන ලදී.