Street Art නව මානයකින්
Street Art යනු ලෝකයේ බොහෝ රටවල ප්රසිද්ධියට පත් සහ ඒ සඳහාම සුවිශේෂී වූ නගර පවා තිබෙන කලාවකි. ලෝකයේ බොහෝ නගරවල මුළු වීදියම ත්රිමාණ සිතුවම්වලින් හැඩකර ඒ සඳහා විශාල ප්රචාරණයක් ලබා දී ඉමහත් මහජන ප්රමාණයක් එම වීදිය සඳහා ඇදගන්නට මේවා සමත් වේ. කෙසේ වුවත් මෙම Street Art කලාවට වෙනස්ම වූ සංකල්පයක් හඳුන්වා දෙමින් David Zinn නම් කලාකරුවා ඒ සඳහා නව අරුතක් ගෙන දී ඇත.
David Zinn යනු 1987 වර්ෂයේ සිට චිත්ර ඇඳීමට හුරුපුරුදු වූ තරුණයෙකු ලෙස හැඳින්විය හැකිය. ඔහු Street Art කලාවට වෙනස්ම හරයක් ගෙනදුන්නේ නිෂ්චල ඡායාරූපයක් සිතුවම් කර ඒ සඳහා චංචල බවක් ලබාදීම මගිනි. බොහෝ සිතුවම්කරුවන් Street Art කලාව හඳුන්වාදෙනු ලැබුවේ, වීදිය මත ත්රිමාණ ආකාරයේ චිත්ර නිර්මාණය කර ඒ මතට පුද්ගලයා ගිය විට පණක් ලබාදීමේ සංකල්පයක් ලෙසයි. නමුත් David Zinn කළේ එයට හාත්පසින්ම වෙනස් දෙයකි. වීදිය මතට වැටී ඇති කොළ කෑලි පවා ඔහු ප්රයෝජනයට ගනු ලැබුවේ ඔහු කරන සිතුවමට නව පණක් ලබාදීමේ අරමුණෙනි.
ඔහු පිළිබඳ බොහෝදෙනා දැනගත්තේ 2001 වර්ෂයේදීය. එයට හේතු වූයේ ඔහු සිය නිවසේ එළිමහනේ මිදුල මත කළ සිතුවම් කිහිපයක් තම Facebook ගිණුමෙහි පළකිරීමත් සමගිනි. මොහුගේ සිතුවම් සඳහා බොහෝ පිරිස් අතරින් කැමැත්ත පළකරනු ලබන්නේ කුඩා ළමයින්ය. ඒ ඔහු නිර්මාණය කරන බොහෝ සිතුවම් කුඩා දරුවන්ගේ සිත් ගන්නා කාටූන් සංකල්ප මත නිර්මාණය වන හෙයිනි.










popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

