ලොව සුප්‍රසිද්ධ නිරුවත් සඟරාවක් ලෙස ජනප්රියත්වටපත් 'Playboy' සඟරාවේ පූර්ණ නිරුවත නතර කිරීමට එහි අයිතිකරු වන Hugh Hefner තීරණය කර ඇත. මෙම පුවත අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග මෙම සඟරාව සඳහා ඇබ්බැහි වී සිටින රසිකයින්ගේ අප්‍රසාදය පළවී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
අයිතිකරු Hugh Hefner
1953 වර්ෂයේදී ආරම්භ කරනු ලැබූ මෙම සඟරාවට අවුරුදු 62ක ඉතිහාසයක් ඇත. මෙහි ආරම්භයේ සිටි නිරූපිකාවක් වන Marilyn Monroe විසින් මෙහි මුල්කවරය සැරසීමේදී කවරය සඳහා නිරුවත පිළිබඳව කිසිදු අදහසක් නොතිබුණු බවද පවසා ඇත. නිරුවතසමගින් මෙම සඟරාවේ කවරය නිර්මාණය කිරීමට කටයුතු කර ඇත්තේ නිරූපිකාවක් වන Pamela Anderson සමගිනි. එතැන් පටන් ආරම්භ වූ නිරුවතplayboy සඟරාවේ මුල් කවරය සරසමින් මේ දක්වා පැමිණියේය.
'Playboy' පළමු සඟරාව
ආරම්භයේ සිටම පූර්ණ නිරුවත සමග ප්‍රසිද්ධ වූ මෙම සඟරාව හදිසියේම මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න මෙහි රසිකයෝ Hugh Hefner ගෙන් විමසා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් Hugh Hefner විදෙස් වෙබ් අඩවියක සඳහා පවසා ඇත්තේ,
"මෙම සඟරාව නිර්මාණය කරනු ලැබුවේ අවුරුදු 18 සිට අවුරුදු 30 දක්වා වයස් මට්ටමේ පිරිමි අයටයි. නමුත් පසුගිය වර්ෂවල අප කරනු ලැබූ සමීක්ෂණ වලින් අණාවරණය වුණේ මෙම සඟරාව අලෙවි වනු ලබන්නේ මෙවැනි වයස් මට්ටමින් එහා ගිය අය අතර බවයි. ඒ කියන්නේ, මෙම සඟරාව සඳහා සම්පූර්ණ වශයෙන් ඇබ්බැහි වී ඇත්තේ වයස අවුරුදු 35න් එහා ගිය පිරිසයි. මෙවැනි සමීක්ෂණ මගින් අපි අනාවරණ කරගත්තේ මෙම සඟරාවේ නිරුවත ඉදිරියටත් අවශ්‍ය නැති බවයි. ඒ නිසා අපි මෙම තීරණය ගනු ලැබුවා" යනුවෙනි.
2016 වර්ෂයේ මාර්තු මාසය වන විට මෙම සඟරාව සම්පූර්ණ වශයෙන්ම වෙනසකට භාජනය වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම සඟරාවේ තේමාව වශයෙන් ඔවුන් රැගෙන ආවේ 'නිරුවතත් එක්තරා කලාවකි' යන්නයි.නමුත් මෙම සඟරාවේ කවරය සඳහා සම්පූර්ණ වශයෙන් නිරුවත් ඡායාරූප යොදාගනු ලබුවේ 2000 වර්ෂයෙන් පසු බවද සඳහන් වෙයි.
කෙසේවෙතත් ඉදිරියේදී නිර්මාණය වන සඟරාවේ සම්පූර්ණ වශයෙන් නිරුවත දැකගැනීමට අවස්ථාවක් නොමැති බව පැවසෙයි. Playboy සඟරාවේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ මෙම සඟරාව 2014 වන විට මසකට අලෙවි වන ප්‍රමාණය ලක්ෂ 08ක් දක්වා ඉහළ ගිය බවයි. කෙසේවුවද තවත් මාස දෙකකින් උදාවන 2016 වර්ෂයේ සිට නවතම වෙනස්කම් සමගින් Playboy සඟරාව නිර්මාණය වනු ඇත.
Marlyn Monroe
හොලිවුඩ් නිළියන්ගේ වැටුප ගැන චෝදනා
ප්‍රසිද්ධ හොලිවුඩ් නිළියක් වන ජෙනිෆර් ලෝරන්ස් ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් හට චෝදනාවක් එල්ල කරමින් පසුගියදා විදෙස් පුවත් වෙබ් අඩවියක් සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇත. මෙහිදී ඇය චෝදනා කර ඇත්තේ හොලිවුඩයේ නළුවන්ට සාපේක්ෂව හොලිවුඩ් නිළියන් සඳහා ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන බවටයි. කෙසේවුවද මේ පිළිබඳ එරට චිත්‍රපට සංස්ථාව සඳහාද ලිඛිතව ලිපියක් යවා ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
කතෘ මණ්ඩලය