ළමා මනසට සතුට ගෙනෙන Lera Kiryakova
කලාව ජීවිතය කරගත් බොහෝ නිර්මාණකරුවන් අද වන විට ලෝකයේ සුප්‍රකට වී සිටී. එවන් නිර්මාණකරුවන් පිටස්තර ලෝකය තුළට තම නිර්මාණය තුළින් පණිවුඩයක් ගෙන යාමට උත්සාහ දරන්නේ ඔවුන්ගේ ඇති ධනාත්මක අදහස් තම නිර්මාණය තුළින් ලොවට ගෙනහැර දැක්වීමටයි. නමුත් ඇතැමුන්ගේ නිර්මාණයන් තුළින් පණිවුඩයකට එහා ගිය නිර්මාණාත්මක සංකල්පයක් දැක ගැනීමට හැකියාව තිබේ. එවැනි කලාකාරිනියක ලෙස Lera Kiryakova හැඳින්විය හැකිය.
ඇයගේ නිර්මාණයන් බොහෝ ප්‍රසිද්ධියට පත් වන්නේ එහි වූ නිර්මාණ සංකල්පය හේතුවෙනි. හොලිවුඩ් සිනමාවේ දැවැන්ත චරිත කොමික් ආකාරයට ඇය ගෙන හැර දැක්වීම ඇයගේ කලාවයි.
Lera රුසියානු ජාතිකයෙකි. ඇය illustrator Artist කෙනෙකු ලෙසයි බොහෝදෙනා දැන හැඳිනගනු ලබන්නේ. Lera විසින් නිර්මාණය කරනු ලබන නිර්මාණ සංකල්පය හඳුන්වන්නේ 'Puppet' ලෙසයි. ඇය හොලිවුඩ් සිනමාවේ සහ ඇමෙරිකානු සංගීත ලෝකය තුළ ජනප්‍රියත්වයට පත් පුද්ගලයන් කොමික් ආකාරයට සිතුවම් කරයි. පාසල් කාලයේ සිට චිත්‍ර කලාව ප්‍රගුණ කරනු ලැබූ Lera කාටූන් නිර්මාණ ශිල්පය සඳහා බොහෝ ඇල්මක් දැක්වූ අයෙකි. වෘත්තීයමය වශයෙන් ඇය illustrator Artist කෙනෙකු ලෙස ලොව සුප්‍රසිද්ධ ආයතනයක කටයුතු කරන අතර, විනෝදාංශයක් ලෙස මෙම කොමික් චිත්‍ර කලාව සඳහා යොමුව තිබේ. එය Lera ගේ විනෝදාංශයක් වුවද අන්තර්ජාලය ඔස්සේ එම නිර්මාණයන් සඳහා බොහෝ ප්‍රසිද්ධියක් ලැබී තිබේ. ඇය විසින් මෙලෙස නිර්මාණය කරනු ලබන සිතුවම් තම ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව බොහෝ වටිනාකමක් ලැබී තිබේ.
Lera මෙම නිර්මාණ සංකල්පය තුළ මුල් තැන දෙනු ලබන්නේ සිය ළමා කාලයේ වීරයන් වූ චරිත සඳහාය. ඒ හේතුවෙන් ඇය විසින් සිතුවම් කරනු ලබන චරිත සඳහා කුඩා ළමුන් බොහෝ ඇල්මක් දක්වනු ලබයි. මේ වන විට 35 වැනි වියේ පසුවන Lera තම නිර්මාණ කලාව ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මූලික වෙහෙසක් ගනු ලබයි. එක් දරු මවක් වන ඇය බොහෝ කුඩා දරුවන් වෙනුවෙන් මෙම නිර්මාණයන් සිදුකරනු ලබයි. ඇයගේ දියණියත් මෙම චිත්‍ර කලාවට බොහෝ ලෙස ඇලුම් කරන අතර, Lera ගේ අවශ්‍යතාව වන්නේත් මෙම නිර්මාණ කලාව ඇයට දායාද කිරීමයි.
Lera කිසිදු ආර්ථික වාසියක් නොතකා සිදුකරන මෙම නිර්මාණයන් නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සුවිශේෂී වේ. ඒ හේතුවෙන් බොහෝදෙනෙකු නොමිලේම ඇගේ සිතුවම් රසවිඳියි. Lera බොහෝ විට යම් කෙනෙකු විසින් මෙම නිර්මාණ සඳහා ලබාදෙනු ලබන වටිනාකම සමාජ මෙහෙවරක් වෙනුවෙන් යොදවනු ලබයි. ඒ වෙනුවෙන් ඇය කලා පදනමක්ද නිර්මාණය කර තිබේ. ඒ මගින් නිර්මාණ කලාව පිළිබඳව ළැදිකමක් දක්වන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් කාලය වෙන් කිරීමට ඇය සූදානමින් සිටියි. ඇයගේ කලා පදනම පිරී ඉතිරී යන්නේ කුඩා දරුවන්ගෙන් වීමත් විශේෂත්වයක් බවයි බොහෝදෙනා පවසා සිටින්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.













