සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ අශෝක හඳගමගේ නවතම සිනමා නිර්මාණය 'ඇගේ ඇස් අග' මැයි 13 වැනිදා සිට රීගල් ඇතුළු සිනමාහල් රැසක ප්‍රදර්ශනය ඇරඹේ. ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය දින 25කට පමණක් සීමාවන 'ඇගේ ඇස අග' හඳගමගේ අටවැනි චිත්‍රපටයයි.
|
මැයි 13 වැනිදා කොළඹ රීගල් සිනමාහලේ පස්වරු 6.30 විශේෂ දර්ශනය කලාකරුවන් සමග සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ටද නැරඹිය හැකි බව 'ඇගේ ඇස අග' තිර නාටක රචක හා අධ්‍යක්ෂක අශෝක හඳගම 'අද'ට පැවසීය.
|
හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළි ස්වර්ණා මල්ලවාරච්චි දශක දෙකකට පසු ප්‍රධාන චරිත රංගනයෙන් ප්‍රේක්ෂකයා වෙතට එන මෙම චිත්‍රපටයේ ප්‍රකට බෙංගාලි නළු ද්රිතිමන් චැටර්ජි සමග තිරයට හඳුන්වා දෙන නිළි රිතිකා කොඩිතුවක්කු හා සඳලි ඈෂ් අවශේෂ චරිත පණගන්වති.
චන්න දේශප්‍රියගේ කැමරාකරණයෙන්ද, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්ද, චිත්‍රාල් සෝමපාල සංගීතයෙන් දිනිදු ජාගොඩ වර්ණ සංයෝජනයෙන්ද, උපුල් චමිල කලා අධ්‍යක්ෂණයෙන්ද, පූර්ණිමා මුහන්දිරම් ඇඳුම් නිර්මාණයෙන්ද හැඩ ගැන්වෙන 'ඇගේ ඇස අග' සිළුමිණ ෆිල්ම්ස් වෙනුවෙන් ආචාර්ය ජගත් විජේනායකගේ නිෂ්පාදනයකි.
පත්මකුමා බී. මෙත්තසේන