ලෝක ප්‍රසිද්ධ ගිටාර් වාදන ශිල්පියෙකු වන ආචාර්ය පෝල් සීස(ර්)සයික් (Paul Cesarczyk) මහතා මෙහෙයවන වැඩමුළු, පංති සහ ප්‍රසංග සඳහා සහභාගී වීමට ඔබටත් අවස්ථාව උදාවී තිබේ.
තායිලන්තයේ සංගීත විද්‍යාලයක් වන Mahido විශ්වවිද්‍යාලයේ ගිටාර් අංශයේ අංශාධිපති ලෙසද, ඉතාලියේ අන්තර්ජාතික Cremona ඇකඩමියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරන Paul Cesarczykගේ වැඩමුළු අද (20දා) සිට 23දා දක්වා පැවැත්වෙයි.
අද වැඩමුළුව - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ කාමර MA 33 හි පෙ.ව.9.00 සිට ප.ව.1.30 දක්වාත්,
හෙට වැඩමුළුව - පිළිමතලාව, ගිරාගම ගුරු විද්‍යාලයේදී පෙ.ව.9.00 සිට පෙ.ව.11.30 දක්වාත්,
අනිද්දා වැඩමුළුව - කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී පෙ.ව.9.00 සිට ප.ව.1.00 දක්වාත්, ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ප.ව.3.30 සිට ප.ව. 5.30 දක්වාත්, 23 දා - ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පෙ.ව.9.30 සිට 11.00 දක්වාත්, පෙ.ව.11.30 සිට 1.30 දක්වාත්, පෙ.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වාත් පැවැත්වෙයි.
Paul Cesarczyk මෙහෙයවන ගිටාර් ප්‍රසංගය මේ මස 24 වැනිදා සවස 6.00ට රැසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. පෝලන්තයේ ඉපදුණ ඇමෙරිකානු ගිටාර් වාදකයෙකු වන Paul Cesarczyk නව ආරේ සහ සම්ප්‍රදායික සංගීත රටා ගිටාරය තුළින් නිර්මාණය කරන්නෙකු ලෙස ප්රකටය.
වයස 17 දී සිය මංගල ප්‍රසංගය නිව්යෝක් නගරයේදී පැවැත්වූ ඔහු පසුව ඇමෙරිකාව, යුරෝපය, ආසියාව තුළද ප්‍රසංග පවත්වා තිබේ. සම්මාන රැසක් දිනා ඇති ඔහු සම්මානලාභී හෙළ පරපුරක් බිහිකිරීමටද සමත්ව සිටියි.
Andres Segovia සම්මානය, Aaron Copland සම්මානය, Kosciuszko Foundation සම්මාන ඇතුළු සම්මාන රැසක් ඔහු හිමිකර ගෙන ඇත. ඔස්ට්‍රේලියාවේ නිපදවන ලැබූ ගිටාරයක් ඔහු භාවිත කරයි.
මෙම වැඩමුළු, පන්ති හෝ ප්‍රසංග සඳහා සහභාගී වීමට ඔබත් කැමති නම්, 0718 690 494 හෝ [email protected] ලිපිනයෙන් විමසිය හැකිය.