හොලිවුඩයේ දිනෙන් දින නළු නිළියන් පිළිබඳ විවිධ වූ පුවත් මැවෙනු ඇත. ඒ ආකාරයෙන් බොහෝ දෙනා පිළිබඳ විදෙස් මාධ්‍ය සඳහන් කරනු ලබයි. කෙසේ වුවත් ළමා නිළියක ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්ව සිටි Elle Fanning පිළිබඳ පසුගියදා සිට නැවතත් කතාබහක් ඇති විය. රංගන ශිල්පිනියක ලෙස දස්කම් දක්වන තමන්, දක්ෂ ගායිකාවක බවද ඇය පසුගියදා සනාථ කළාය. ඒ 'Miu Miu' නම් සමාජ ශාලාවේ පැවැති සාදයකදී සිය මිතුරන් වෙනුවෙන් ප්‍රසිද්ධ ගීතයක් ගායනා කිරීමෙනි.
මෙම සිදුවීම මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවිවල දැඩි කතාබහට ලක්වන්නකි. ඉදිරියේදී ඇය චිත්‍රපටයක් සඳහා ගායනයෙන් දායක වීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට 19 වැනි වියෙහි පසුවන ඇය සිනමාවට පිවිසෙනු ලබන්නේ ළමා රංගන ශිල්පිනියක ලෙසය. ඒ 2001 වර්ෂයේදී තිරගත වූ 'I Am Sam' නම් චිත්‍රපටය ඔස්සේය. එතැන් පටන් ඇයගේ සිනමා දිවිය පිළිබඳ බොහෝ දේ කතාකිරීමට තිබේ. Elle Fanningව බොහෝ දෙනා මතකයට ගොඩ නැගෙන්නේ 2014 වර්ෂයේදී තිරගත වූ චිත්‍රපටයක් හේතුවෙන් බව කිව යුතුය. Maleficent චිත්‍රපටයේ ඇන්ජලිනා ජොලි සමග ඇය රංගනයෙන් දායක වීමත් සමගින් ඇය බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වූවයා.
ඇය සිය දෙවැනි චිත්‍රපටය ලෙස 2003 වර්ෂයේ තිරගත වූ 'Daddy Day Care' චිත්‍රපටය සඳහා දායක වූවාය. ඉන් පසු 2004 වර්ෂයේදී 'The Door in the Floor' නම් චිත්‍රපටය සඳහා දායක විය. මුල් කාලයේදී වසරකට එක් චිත්‍රපටයක් සඳහා පමණක් අවස්ථාව ලබාගෙන මූලික අඩිතාලම සාදාගත් ඇය, මේ වනවිට ක්ෂේත්රය තුළ සම්මානලාභී නිළියක වී හමාරය.
2005 වර්ෂයේ සිට ඇය වසරකට චිත්‍රපට 03 බැගින් දායකත්වය ලබාදී තිබේ. මේ අතරින් ඇතැම් චිත්‍රපට ආදායම් වාර්තා අතරටද පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2005 වර්ෂයේ සිට 2016 දක්වා ඇය චිත්‍රපටය 36කට ආසන්න ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබාදී තිබේ. 2017 වර්ෂයේදී ඇය චිත්‍රපට 04ක් සඳහා දායක වී ඇති අතර, ඉන් චිත්‍රපට දෙකක් මේ වනවිට එළිදක්වා ඇත. තවත් චිත්‍රපට දෙකක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇය සිනමා දිවිය මෙන්ම පුංචි තිරය තුළ දස්කම් පා තිබේ. 2002 සිට 2007 දක්වා ඇය ටෙලි නිර්මාණයන් සඳහා දායකත්වය ලබාදී ඇත. 2007 වසරෙන් පසු ඇය පුංචි තිරයට තාවකාලිව සමුදෙන අතර, නැවත පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ 'HitRecord on TV' නම් වැඩසටහන සඳහාය. ඒ 2014 වර්ෂයේදීය.
එම වැඩසටහනෙන් පසුව ඇය පුංචිතිරය සඳහා සමු දුන්නාය. ඇයගේ ජීවිතයේ පළමු ජයග්‍රහණය ලෙස %Actress of the Year Award^ සම්මානය හිමිකර ගනු ලැබීය. ඉන් පසු ඇය 'Hollywood Film Festival' හිදී 'Spotlight Award' සම්මානය දිනා ගන්නා ලදී. මේ ආකාරයෙන් ඇයට තම රංගන ක්ෂේත්රය තුළ ඉහළ ස්ථානයක් දිනා ගැනීමට අවස්ථාව උදාවිය.
2018 වර්ෂයේදී ඇය චිත්‍රපට 03ක් සඳහා දායක වීමට නියමිතය. තමන්ගේ රංගන දිවිය තුළින් බොහෝ ජයක් ලබාගැනීමට ඇය අවස්ථා හිමිකර ගත්තාය. රංගනයට මෙන්ම හඬකැවීම් අතින්ද ඇය චිත්‍රපට කිහිපයක් සඳහා දායක වී තිබේ. තම දක්ෂතාව තුළින් බොහෝ ජයග්‍රහණ ලබාගැනීම අරමුණ බව ඇය පවසයි.