ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
කලාව හා නිදහස යනු ජීවිතයේ ඇති වින්දනීය කරුණයි. කලාව තුළින් බොහෝ පිරිස නිදහස විඳිති. ඒ අතරින්ද බොහෝ දෙනා නිදහස වෙනුවෙන් කලාව තෝරාගනිති.එවැනි නිර්මාණාත්මක අදහස් ඇති පුද්ගලයෙකු ලෙස An Jung Hwan නම් කොරියානු චිත්‍ර ශිල්පියා හැඳින්වීමට හැකියාව තිබේ.
1978 වර්ෂයේදී උපන් ඔහු වෘත්තීයමය සිතුවම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. ඔහුගේ නිර්මාණ ප්‍රසිද්ධ වී ඇත්තේ ඔහු බොහෝ විට සිතුවම් කරනු ලබන්නේ ස්වභාවධර්මයවීම නිසාවෙනි. ඒ සිතුවම් ජීවමාන සිතුවම් ලෙස බොහෝ දෙනා සලකති.
2009 වර්ෂයේදී ඔහු ප්‍රසිද්ධියට පත්වන්නේ Silent Woodsනම් ඔහුගේ සිතුවම අධික මිලකට අලෙවි වීමත් සමගිනි.එය ඇමෙරිකානු ඩොලර් 15,810කට අලෙවි විය. ඔහුගේ සිතුවමක් මෙවැනි මිලකට අලෙවිවූ පළමු අවස්ථාවද මෙය වී තිබේ.
එතැන් පටන් ඔහුගේ නිර්මාණ සඳහා ඉහළ මිලක් ලැබුණු අතර, වටිනාකමද ඉහළ ගියේය. ඔහු සිය නිර්මාණවල කිසිදු අස්වාභාවික ඔප්නැංවීමක් කරන්නේ නැත.ඒ ඔහුගේ නිර්මාණ පරිසරය සමගමුසු වූ ඒවා වන නිසාවෙනි.
Keimyung Universityහිදී සිතුවම් කලාව පිළිබඳ උපධිය හදාරා,ඒ අංශයේ ප්‍රවීණ ගුරුවරයෙකු ලෙසද ඔහු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් An Jung Hwanඔහුගේ නිර්මාණ සිතුවම් ඉතාමත් අධික මිලක් යටතේ අලෙවි කරන අතර, ඒ සඳහා ඔහු වසරකට එක් ප්‍රදර්ශනය බැගින් පවත්වයි.
ඔහු එහිදී අලෙවි කරන සිතුවම් නිර්මාණවලින් උපයන ආදායමෙන් 15%ක කොටසක් ඔහුගේ පුණ්‍යකටයුතු සඳහා වෙන්කර ඇති බවද සඳහන් වෙයි. ඔහු විසින් ආබාධිත දරුවන් වෙනුවෙන් පුණ්‍යායතනයක් පවත්වාගෙන යන අතර, ඔහුගේ පෞද්ගලික වියදමෙන් මෙහි සියලු කටයුතු සිදුවන බවද සඳහන් වේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd