1998 වසරේදී දුර්ලභ ගණයේ මුවන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ වරදට පසුගියදා වසර පහක සිර දඩුවම් නියම වූ ඉන්දීය සුපිරි නළු සල්මාන් ඛාන්ට ඇප නියම වී තිබේ.
	ඒ තමාට එරෙහිව පැනවූ සිර දඬුවමට ඔහු ගොනු කළ ඇපෑලක් සලකා බලමිනි.  සල්මාන් දින දෙකක් සිර දඩුවම් වින්දේය.
	රුපියල් 50000 ක මුදල් ඇපයක් හා රුපියල් 25000 බැගින් වන ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කර ඇත.
	නඩුව නැවතත් මැයි 07 දා විභාග කිරීමට නියමිතය.
	