තමාට එරෙහිව පැනවූ වසර පහක සිර දඬුවට එරෙහිව මුම්බායි මහාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමෙන් අනතුරුව එම දඬුවම තාවකාලිකව අත්හිටුවීම නිසා ඇප පිට නිදහස් වූ ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් අද දිනයේදී නැවතත් සිය රංගන කටයුතු ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍යවාර්තා කරයි. ඔහු බජරංගි බයිජාන් චිත්‍රපටයේ රංගන කටයුතු සඳහා කාශ්මිරයට ගොස් ඇති බවද එම වාර්තා තහවුරු කරයි.