පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ජනප්‍රියත්වයට පත් වූ ප්‍රියා ප්‍රකාශ් පිළිබඳව නැවත කතාබහක් ඇතිව තිබේ. ඒ ඇය රංගනයෙන් දායක වූ Oru Adaar Love චිත්‍රපටය පසුගිය 03 වැනිදා තිරගත වීමට තිබුණද, එය ජුනි මාසය දක්වා කල් ගොස් තිබෙන බැවිනි. මේ අතර මෙහි ප්‍රධාන චරිතය වූ ප්‍රියා සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන ඔම්රා ලුලු විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක්ද ගොනු කර තිබේ.
ඒ එම චිත්‍රපටයේ Manikya Malaraya Poovi නම් ගීතයට එරෙහිව හයිද්‍රාබාද් පොලීසිය විසින් ගොනුකර ඇති නඩුවකට එරෙහිවයි. පොලීසිය විසින් චෝදනා කරනු ලබන්නේ එම ගීතයේ අන්තර්ගත අදහස තුළින් ආගමික සහජීවනයට බාධා වන බවයි. ප්‍රියා ප්‍රකාශ් බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේද එම ගීතය හේතුවෙනි.
එම කාරණාවත් සමග ඇයට මඩ ප්‍රහාර මෙන්ම ඇයගේ චරිතයට හානි කිරීමට උත්සාහ කරන සිද්ධීන් කිහිපයක්ද වාර්තා වුණි. එනම් ඇයගේ යැයි පවසමින් සමාජ මාධ්‍ය තුළින් හුවමාරු වූ නිරුවත් ඡායාරූප පෙළයි. මේ කාරණා හේතුවෙන් ඇය තරමක කලකිරීමකින් පසුවන බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ.