උපුල් ශාන්ත සන්නස්ගලගේ මාධ්‍ය භූමිකාවේ තිස් වසරක අත්දැකීම් ප්‍රමාණය ප්රකාශනය වන පොත් 15 ක් %සන්න අරගලය^ නමින් මැයි 06 වැනිදා සවස 2.30 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී එළිදැක්වීමට නියමිතය.
මෙම කෘති අතරට සංවාද සංයෝජනා නමින් 1 -10 දක්වා කොටස් 10 ක එකතුවකින් සමන්විතය. එමෙන්ම කතාව නමින් අගලකඩ සිරිසමුන හිමි, කරුණාදාස සූරියආරච්චි, කැත්ලීන් ජයවර්ධන, ගංගානාත් දිසානායක, බුද්ධිනී ජයවර්ධන, ලියනගේ අමරකීර්ති යන නිර්මාණකරුවන්ගේ නිර්මාණ එකතුවක්ද මෙදින එළිදකී.
එමෙන්ම ඉරිදා පුවත්පතක පළවූ කොලම් ලිපි එකතුව ගෙම්බා නමින් එදින එළිදකින අතර, මෑතක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ සත්‍යාගාරය වැඩසටහනේ සංවාද එකතුවද මෙහිලා අන්තර්ගතය. එමෙන්ම පුවත්පත්වල පළවූ සංවාද ලිපි එකතුව එකතු කරමින් අකුරු අතර කතා එළිදකින අතර, එදිනම උපුල් ශාන්ත සන්නස්ගලයන් රචිත වෙනත් කෘතිද එළිදැකීමට නියමිතය. එමෙන්ම සති 12 ක් ඉරිදා ලංකාදීප පුවත්පතේ ලිපි එකතුවක්ද අන්තර්ගතය.
එම උලෙළෙහි ප්‍රධාන දේශනය පවත්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුලසුන හොබවයි. මූලික පූරක භූමිකාව මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඉටුකරන අතර, ඩබ්ලිව්. විජේවර්ධන මහතා අත්‍යවශ්‍ය හඳුන්වාදීම් කරනු ඇත.