සිරදඬුවම් විඳිමින් සිටි සංජේ දත් අද (25දා) දිනයේ නිදහස් වී ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
1993 වසරේ මුම්බායිහි සිදුවූ බෝම්බ පිපිරීමකින්පුද්ගලයන් 257 දෙනෙකු මියයාම සහ 713 දෙනෙකුට තුවාල වීමේ සිද්ධියකට අදාළව එල්ල වූ චෝදනා මත සංජේ දත්ට සිර දඬුවම් නියම වී තිබිණි.
එම චෝදනා මත ඔහුට 2013 වසරේ මැයි මාසයේදී වසර 05ක සිර දඩුවමක් නියම කෙරුණු අතර, ඒ අතරතුරසමහර අවස්ථාවල ඔහුට චිත්රපට සඳහා දායකවීමට අවස්ථාව ලබා දී තිබිණි.
2013 වර්ෂයේ සිට වසර 05ක කාලයක් සිරදඬුවම නියම වුවද, ඔහුගේ යහපත් කල්ක්රියාව හේතුවෙන් එම දඬුවම් කාලසීමාව අඩු කෙරුණු බවදවැඩිදුරටත් සඳහන් වෙයි.
නිදහස් වූ වහාම තම නිවෙස කරා යාමට ඔහු මුම්බායි ගුවන්තොටුපොළට ගොස් ඇති බවද ඉන්දීය වෙබ් අඩවි තවදුරටත් වාර්තා කරයි.