ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මෙවැනි කලාකරුවන් අතරින් වෙනස් ආකාරයකින් හඳුන්වන ඔහු 'සෙබස්තියන් හෙයිනර්' නම් වෙයි. ඔහුව බොහෝ දෙනා හඳුනන්නේ %නිදහස් ආත්මය^ ලෙසයි. එයට හේතුව වන්නේ ඔහු විසින් සිතුවම් කරන කලා නිර්මාණයන් පූර්ණ නිදහසක් තුළ නිර්මාණය වීමයි. මෙම සිතුවම් කලාව මූලික වූයේ ඔහුගේ නිදහස මතය. නමුත් එය දැන් ඔහුගේ වෘත්තීය කාර්යවී හමාරය. තෙල් සායම් සහ කැන්වස් මතින් දවසේ ආරම්භය ලබන ඔහු එම දවස අවසන් කරන්නේද එම කැන්වසය මත බව කියයි. %සංචාරක කලාකරුවෙකු^ වන සෙබස්තියන් මෙය තම ජීවිතය කරගෙන හමාර බවද නිසැකවම කිව හැක.
1964 වසරේ බර්ලින්වල උපන් සෙබස්තියන් තම ඉගෙනීම අවසන් කරනු ලැබුවේ 1991 වසරේදීය. ඒ The Berlin University of the Arts නම් විශ්වවිද්‍යාලයේදීය. මෙම ඉගෙනීමෙන් පසුව 1993 වසරේදී පුවත්පත් හි කාටූන් ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමට යොමුව තිබේ. එහිදී බොහෝ කාලයක් එහි සේවය කරනු ලැබූ බව සඳහන් වෙයි. 2009 වසරේදී ඔහු එම රැකියාවෙන් ඉවත් වී බැංකොක් හි පදිංචියට ගොස් තිබේ. එහිදී කාටූන් ශිල්පය අතහැර සිතුවම් නිර්මාණය සඳහා යොමුවන ඔහු බැංකොක් හිදී කලාගාරයක් තුළ රැකියාවක් සඳහා යොමුව තිබේ. 2010 වසර වන තෙක් එම කලාගාරය තුළ රැකියාවේ යෙදී ඇති අතර, නැවත බර්ලින් සඳහා 2011 වසරේ පැමිණ තිබේ. 2012 වසරේදී මැද භාගයේදී නැවත බැංකොක් සඳහා පිටත්ව යන ලදී. එහිදී V64 නම් Artstudio නම් කලාගාරයේ සේවයේ යෙදී තිබේ. 2012 සහ 2013 වසරේ බැංකොක් හි එම කලාගාරයේ සේවයේ යෙදී තිබෙන අතර, 2014 දී ඔහු ඊශ්‍රායල් සහ ජොර්දාන් හි සේවයට යොමුවී තිබේ. සෙබස්තියන් බොහෝ ලෙස සංචාරක කලාකරුවෙකු ලෙස සේවය කර ඇති බව ඔහු පවසයි. මේ ආකාරයේ රටවල් කිහිපයක් තුළ තම සේවයට අවශ්‍ය අත්දැකීම් ගොන්නක් එක්කර ගත් ඔහු නැවත බර්ලින් සඳහා පැමිණෙන්නේ තමන්ගේම කලාගාරයක අවශ්‍යතාව ඇතුවය. 2015 වසරේ බර්ලින් හිදී තමන්ගේම කලාගාරයක් විවෘත කරන ලදී. එතැන් පටන් ඔහු තම කලාගාරය ඔස්සේ නිර්මාණයන් ලොව වෙත බෙදා දෙනු ලබයි.
popular news
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
මිල ඉහළ යාමත් සමග සහල් තොග වැඩි වැඩියෙන් වෙළඳපොළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd