ඩෙංගු වැළදීම හේතුවෙන් රෝහල් ගතව ප්රතිකාර ලබමින් සිටින ශිහාන් මිහිරංගගේ තත්ත්වය සුව අතට පත්වෙමින් පවතින බව දයාන් විතාරණ පවසයි. ශිහින් මිහිරංගගේ බිරිඳ ගෙෂ්නි උපුටා දක්වමින් දයාන් විතාරණ ඉහත අදහස් දක්වයි. ඩෙංගු වැළදීම හේතුවෙන් ශිහාන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව ප්රතිකාර ලබා ඇත. ඒ හේතුවෙන් ඔහු එක්විමට නියමිත සංගීත ප්රසංග කිහිපයක්ද අවලංගු කර තිබේ.