තමන්ගේම ව්‍යාපාරික අඩිතාලමක් වෙනුවෙන් අධ්‍යාපනය ලබමින් සිටින ඇය නිරූපණ ක්ෂේත්රයට එක්වී ඉතාමත් කෙටි කාලයක් තුළ වෙළෙඳ දැන්වීම් සඳහාද දායක වීමට අවස්ථාව උදාකර ගත්තාය. ඇය නමින් චලනි නිසංසලා වන අතර, විලාසිතා ක්ෂේත්රය තුළ තමන්ගේම වෙළෙඳ නාමයක් ප්‍රචලිත කිරීම ඇගේ සිහිනයයි. මේ ඇය 'අද' සමග සිදුකළ කතාබහයි.
Q මුලින්ම ඔබ හඳුන්වා දුන්නොත්?
මගේ නම චලනි නිසංසලා. මගේ ගම මැල්සිරිපුර. දැනට පදිංචි වෙලා ඉන්නෙ තලවතුගොඩ.
Q මේ දවස්වල කාර්යබහුලද?
එහෙම ලොකු කාර්යබහුලත්වයක් නැහැ. සාමාන්‍ය විදිහට වැඩ ටික කෙරීගෙන යනවා. අලුතෙන් මියුසික් වීඩියෝවක් වගේම වෙළෙඳ දැන්වීමක් එන්න තියෙනවා. සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යනවා.
Q දැනට දායක වෙලා තියෙන වැඩ කටයුතු පිළිබඳ නැවත මතක් කළොත්?
මම දැනට මියුසික් වීඩියෝ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා. ඒ අතරින් දිමන්කගේ 'ආදරේ වස්තු' වීඩියෝව, සුයිරි මන්දිරාගේ නෙතු මඟ 'හඬනා' ගීතය ගොඩක් අය අතරේ කතා වුණ මියුසික් වීඩියෝ දෙකක්. ඒ වගේම දැනට වෙළෙඳ දැන්වීම් කිව්වොත්, සන් ක්‍රැකර්, සේරා පොල් කිරි වගේ වෙළෙඳ දැන්වීම් 16කට වගේ දායක වෙලා තියෙනවා. ඊට අමරතව බ්‍රයිඩල් සහ රෑම්ප් ෂෝ සඳහා දායක වෙනවා.
Q ඔබ ක්ෂේත්රයට පැමිණියේ කොයි කාලයේද?
ඇත්තටම මම ක්ෂේත්රයට ආවෙ ගිය අවුරුද්දේ. ඒ කියන්නෙ ITN අවුරුදු කුමරිය තරගය තිබුණට පස්සෙ. ඒකෙන් තැනකට එන්න අවස්ථාව ලැබුණු නිසා ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණා. මම හිතන්නේ දැනට මාස 10 ක වගේ කාලයක් ඇති.
Q කෙටි කාලයක් තුළ බොහෝ වැඩ ප්‍රමාණයක් සඳහා දායක වෙන්න ලැබුණේ වාසනාවට යැයි ඔබ විශ්වාස කරනවාද?
මම හිතන්නේ වාසනාවත් තියෙන්න ඇති. ඊටත් වඩා මම මහන්සි වෙලා, උනන්දු වෙලා, කැප වෙලා මේ දේවල් සඳහා දායක වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵලයක් නිසා මේ කාලය තුළ යම්කිසි තැනක් ලැබුණා නම් ලැබෙන්න ඇත්තේ. මට මුලදි මේ ක්ෂේත්රය ගැන අවබෝධයක් තිබුණෙත් නැහැ. මම දැනගෙන හිටියෙ නැහැ මේ ක්ෂේත්රය තුළ ඉස්සරහට යන්නේ කොහොමද කියලවත්. අනික පරිස්සමින් යන්න ඕන ගමනක් තමයි මේක. මට මුලදී වැඩ හම්බ වුණෙත් නැහැ. මුලදී පොඩි පොඩි දේවල් කරලා තමයි දැන් තැනකට ඇවිත් දේවල් හදාගෙන යන්නේ.
Q ක්ෂේත්රයේ දක්ෂ අයට වැඩවල අඩුවක් තියෙනවාද?
දක්ෂතාව නැතුව ක්ෂේත්රයට එන්න පුළුවන් වෙයි. ඒ එන කට්ටිය ක්ෂේත්රය තුළ රඳා පවතින්න නම් තමන්ගේ දක්ෂතා එන්න එන්නම වැඩි කරගන්න ඕනේ. රඳා පැවැත්ම තියෙන්නේ දක්ෂතාව මතයි කියලා මම හිතන්නේ.
Q ඔබ නිරූපණ ශිල්පය හැදෑරුවාද?
ඔව්, මම සාමාන්‍ය දුරට මේ පිළිබඳ හැදෑරුවා. මම රූම්ප් ෂෝ සඳහා ඉගෙන ගත්තේ නිලූ සේනානායක මිස් ගාවයි. ඊට අමතරව ITN අවුරුදු කුමරිය තුළදී පුහුණුවක් ලැබුණා. ඒත් එක්කම ඒජන්සියකින් පවත්වපු වැඩමුළුවකින් මම පුහුණු වෙලා තියෙනවා.
Q ඔබගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නද අදහස?
මගේම කියලා Fashion Brand එකක් පටන් ගන්න තමයි ඉන්නේ.
Q ඒ පිළිබඳ හදාරනවාද?
මගේ Fashion Brand එක සඳහා අවශ්‍ය දේවල් පිළිබඳ මම අධ්‍යාපනය ලබනවා.
Q ක්ෂේත්රය තුළ පැවැත්ම?
නිරූපිකාවක් වුණාම තමන්ගේ රූපය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. තමන්ගේ රූපය පවත්වාගෙන යන ගමන්ම අපි අලුත් අලුත් දේ ඉගෙනගන්න ඕනේ.
Q ඔබට ලැබෙන කාර්යයන් සීමා වෙනවා නේද?
මම කොහොමත් වැඩ කරද්දි තෝරා බේරාගෙන තමයි වැඩ කටයුතු කරන්නේ, මුදලම බලාගෙන නෙමෙයි. සමහර වෙලාවට මුදල් වැඩියෙන් දීලා ඒ වැඩේ මට හරියන්නේ නැත්නම් මම ඒ සඳහා දායක වෙන්නේ නැහැ. ගාණ අඩු වුණත් ඒ වැඩෙන් මට අත්දැකීමක් ලබා ගන්න පුළුවන් කියලා දැනුණොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න හිතනවා.
Q ප්‍රසිද්ධිය අවශ්‍ය නැද්ද?
ප්‍රසිද්ධ වෙන්න හැමදේම කළොත් අපි ප්‍රසිද්ධ වෙයි. අපට ජනප්‍රිය, ඒ කියන්නේ ජනතාවට ප්‍රිය කියන තැනට යන්න බැරි වෙයි. මොනවා හරි දෙයකට ප්‍රසිද්ධ වෙනවට වැඩිය පොඩි දෙයක් හරි කරලා ලබන ආත්ම තෘප්තිය ඊට වැඩිය වටිනවා.
Q රංගනය පැත්තට එන්න අදහසක් නැද්ද?
ලොකුම අදහසක් නැහැ. නමුත් හොඳ නිර්මාණයක් ආවොත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳ සිනමා නිර්මාණයක් හෝ හොඳ ටෙලි නිර්මාණයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මට හිතට ඇල්ලුවොත්, මට සතුටක් ලැබෙයි කියලා හිතුණොත් මම කරනවා.
Q මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
අනිවාර්යයෙන්ම අම්මයි තාත්තයි මතක් කරන්න ඕනේ. ඒ දෙන්නා තමයි මට හැමදාම ශක්තිය වුණේ. ඒ දෙන්නා නැත්නම් අද මෙතන නැහැ. මගේ යාළුවෝ හැමෝම වගේම මට උදව් කරන අර්ජුන සේනානායක, නිලූ සේනානායක, පූර්ණිමා මොහන්දිරම් මිස්, රොසෑන් ඩයස් මහත්මිය ඇතුළු මට මෙතෙක් කල් සහයෝගය දුන් හැමදෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.
ඡායාරූප - සජීව ලක්ෂාන්