ADA
www.ada.lk
2025 ජුලි මස 07 වන සඳුදා
ඇයගේ කලා නිර්මාණ බිහිවන්නේ මූර්ති නිර්මාණ ඔස්සේය. එම මූර්ති නිර්මාණ සාම්ප්‍රදායික මට්ටමේ මූර්ති නිර්මාණයන් නොවෙයි. සාමාන්‍යයෙන් මූර්ති නිර්මාණය වන්නේ මැටි, ලෝහ, ලී වැනි අමුද්‍රව්‍යයකින් වුවද මැයගේ මූර්ති කලාවන් බිහිවන්නේ යකඩත් සමගිනි. ඒ ඇයගේ හැකියාවයි. ලෝකයේ බිහිව ඇති නිර්මාණකරුවන් අතරින් බොහෝ කතාබහට ලක්වන තැනැත්තියක් ලෙස Nirit Levav හැඳින්විය හැකිය. ඇයගේ හැකියාව ඔස්සේ නිර්මාණය කර ඇති මූර්ති පිළිබඳව බොහෝදෙනාගේ පැසසුම් හිමිව තිබේ.
Nirit වෘත්තීය වශයෙන් විලාසිතා නිර්මාණකාරිනියක ලෙස කටයුතු කරයි. ඇය නිර්මාණකාරිනියක සහ කුසලතා ගොන්නක හිමිකාරිනියක් බවයි බොහෝදෙනා හඳුන්වනු ලබන්නේ. ඒ ඇයගේ ඇති විවිධ දක්ෂතා හේතුවෙනි. 2010 වසරේදී Nirit මෙම මූර්ති කලාව ආරම්භ කරන ලදී. ඒ සඳහා ඇය භාවිත කරනු ලැබූවේ බයිසිකල් චේන්ය. ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් ඉවත්කරනු ලබන බයිසිකල්වල චේන් සහ යකඩ ඇය තමන්ගේ නිර්මාණයන් සඳහා භාවිත කරනු ලබයි. ඇය විසින් නිර්මාණය කරනු ලබන මූර්ති එකම සංකල්පයක් ඔස්සේ නිර්මාණය වෙයි. ඒ නිවසේ සුරතලා ලෙස බොහෝදෙනා ආදරය කරනු ලබන සූනඛ වර්ගයි. ඇය සුරතල් සුනඛයාගේ සැබෑ ප්‍රමාණයට මෙම නිර්මාණයන් සිදුකරයි. ඒවා ඇත්ත සුනඛයාගේ අනුරුවක් ලෙස හැඳින්වූවාට වරදක් නොමැත. මෙම නිර්මාණයන් සඳහා අවශ්‍ය වූ අමුද්‍රව්‍ය සොයා ගනු ලබන්නේ බසිකල් අලුත්වැඩියා කරන ස්ථානවලින් බව Nirit පවසයි. ඇය එම ස්ථාන සඳහා ගොස් තමන්ට අවශ්‍ය දේවල් මිලදී ගනු ලබයි. ඉවත් කළ බයිසිකල් චේන් එක්කර ගනිමින් ඇය මෙම නිර්මාණ කිරීම බොහෝදෙනා පුදුම කර වූ කාරණාවක් විය. ලෝකයේ සුප්‍රසිද්ධියට පත්ව ඇති සුරතල් සුනඛයන් බොහෝ ප්‍රමාණයක් Nirit මෙම බයිසිකල් චේන් භාවිතාවෙන් නිර්මාණය කර තිබේ. තම සමාජ වෙබ් අඩවිය ඔස්සේ මෙම නිර්මාණ ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගින් ලෝකයේ බොහෝදෙනා ඇයගේ නිර්මාණ කලාවට ආදරය කර ඇත.
මෙම නිර්මාණයන් බොහෝදෙනා අතර ජනප්‍රිය වීමට මූලික හේතුවක් ලෙස සැලකෙන්නේ ඒවා සැබෑ ප්‍රමාණයට නිර්මාණය වන නිසාය. බොහෝ ගැනුම්කරුවන් තමන්ගේ නිවසේ සිටින බලු සුරතලාව මූර්තියක් ලෙස නැවත නිර්මාණය කිරීමට උනන්දුවක් දක්වනු ඇත. ඒ කාරණාව Nirit ගේ මෙම නිර්මාණ ව්‍යාප්ත වීමට මූලික හේතුවක් ලෙස ඇය හඳුන්වයි. තමන්ගේ පාරිභෝගිකයාගේ බලු සුරතලා ජීවමාන ප්‍රමාණයට නිර්මාණ කර අලෙවි කිරීම නිසා Nirit වෘත්තීයමය මූර්ති නිර්මාණකාරිනියක ලෙස ලේබල් ගසා හමාරය.
popular news
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි
දෙවිපහළ තරුණිය ඝාතනය කළ සැකකරු ළමානිවාසයක ආරක්ෂිතව රැදවීමට නියම කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd