තුමිඳු දොඩම්තැන්න යනු සම්මානනීය ජනප්‍රිය රංගන ශිල්පියෙකි. මේ දිනවල ඔහු රංගනයෙන් දායක වන වෛශ්ණාවී හා යශෝධරා යන සිනමා නිර්මාණ තිරගත වෙයි. මේ කතාබහ ඔහු සමගිනි.
?මේ මොහොතේ තිරගත වන චිත්‍රපට දෙකකින් අපට තුමිඳුව දකින්න ලැබෙනවා. රංගන ශිල්පියෙකු ලෙස සිනමා මාධ්‍යය තුළ ඔබේ දායකත්වය ගැන මුලින්ම කතා කරමු
මම නළුවෙක් ලෙස මුලින්ම දායක වුණේ චිත්‍රපට මාධ්‍යයට. ප්‍රසන්න ජයකොඩිගේ %සංකාරා^ චිත්‍රපටය මගේ පළමු චිත්‍රපටය. එයට දායක වන විට මම ටෙලිනාට්‍ය මාධ්‍ය තුළ ප්‍රධාන භූමිකා රඟපාලා තිබුණේ නැහැ. වේදිකා නාට්‍යයකවත් ඒ වන විට ප්‍රධාන භූමිකාවක් මට ලැබී තිබුණේ නැහැ. ඉන් පසුව තමයි වේදිකාවේ හා ටෙලිනාට්‍ය තුළ විවිධ වූ භූමිකාවලට රංගනයෙන් දායක වෙන්න ලැබුණේ. කූඹියෝ වැනි ටෙලිනාට්‍යයකට මාව තෝරා ගත්තේ ඒ අතරේදී තමයි. පසුගිය කාලයේ කූඹියෝ හා සහෝදරයා කියන ටෙලිනාට්‍ය දෙක පමණයි මම බාර ගත්තේ. මම වැඩිපුරම දායක වුණේ චිත්‍රපටවලට.
2010 වසරේ සිට 2017 වසර දක්වා මම චිත්‍රපට හයකට පමණ දායක වුණා. 2012 අවුරුද්දේදී දිවංගත ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අතින් කතා සංකල්පය ගොඩනැගුණු ටෝනි රණසිංහ රචනා කළ, සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ වෛශ්ණාවී චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, වසන්ති චතුරානි, යශෝධා විමලධර්ම, අයිරාංගනී සේරසිංහ වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමග වැඩ කරන්න ලැබුණා. පරම්පරා තුනක දායකත්වයක් මේ නිර්මාණය තුළ තිබෙනවා. මේ ක්ෂේත්රයට ආධුනිකයි කියලා මම තවම හිතනවා. මෙවැනි පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම තුළින් මට ගොඩක් ලොකු අත්දැකීමක් ලබා ගන්න හැකි වුණා. මෙය සම්භාව්‍යය චිත්‍රපටයක්. මෙවැනි සිනමාපටයක් දින පනහක් සම්පූර්ණ කරනවා කියන්නේ අභියෝගාත්මක වැඩක්. විහිළු කතා හෝ රජකතා තමයි වැඩි දර්ශන වාර ගණනක් තිරගත වෙන්නෙ. මෙය තවම තිරගත වීම ගැන සතුටක් තිබෙනවා.
ඒ වගේම මම දායක වෙන අනෙක් චිත්‍රපටය තමයි ඉතිහාස කතාවක් පාදක කරගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ යශෝධරා චිත්‍රපටය. ඉතිහාස කතාවක් ඇති චිත්‍රපටයකට රංගනයෙන් දායක වූ පළමු අවස්ථාව මෙයයි. එහි කාව්‍යක්කාරයා කියන චරිතය නිරූපණය කරන්න මම සම්බන්ධ වුණේ. මෙතෙක් කල් ඉතිහාස කතාවලට මම සම්බන්ධ නොවී සිටියේ, ඒ තුළ දෙයක් කරන්න නැහැ කියලා හිතුණු නිසා. නමුත් මහාචාර්ය සුනිල් ආරියරත්න මට ආරාධනා කළාම මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළේ නැහැ. එතුමා විශිෂ්ට රචකයෙක්. එතුමාගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම සතුටක්. ඒ වගේම පසුගිය කාලයේදී මම රංගනයෙන් දායක වූ බෙනට් රත්නායකගේ නෙලා චිත්‍රපටය තිරගත වුණා. ඒ වගේම මම ප්‍රධාන චරිතයෙන් දායක වන නිදහසේ පියා ඩී.එස්. කියන චිත්‍රපටය ජූලි මාසයේදී පමණ තිරගත වීමට නියමිතයි
?මේ වන විට තිරගත වන සිනමා නිර්මාණ දෙක ප්‍රේක්ෂකයාට වැදගත් වෙන්නේ කොයි විදියටද
%වෛශ්ණාවී^ කියන චිත්‍රපටය මායා යථාර්ථවාදය යන ප්‍රවර්ගයට අයත් වන චිත්‍රපටයක්. එයට අපේ රටේ ප්‍රවීණ ශිල්පීන් පිරිසක් දායක වෙන්නේ. තවත් පැත්තකින් ප්‍රේමය පිළිබඳ වෙනස් දැක්මක් සහිත චිත්‍රපටයක්. ප්‍රේමය කියන්නේ ආධ්‍යාත්මික භාවිතාවක්. එය ශරීරයට තිබෙන ආසාවෙන් එහාට ගිය හැඟීමක් කියන ප්රකාශනයක් ලෙස ගෙන එනවා. ඒ අත්දැකීම ලබන්න පුළුවන්. ඒ වගේම යශෝධරා පිළිබඳ කතා කරන චිත්‍රපටය දැවැන්ත සිනමා කෘතියක්. ඉතිහාසයේ පුරාවෘත්තයක් ඉතා කාව්‍යාත්මක ලෙස මෙය තිරයට ගෙන එනවා. එය සිනමා රසවින්දනයක් ඇති කරන එකක් ලෙස මම දකිනවා.
?සිනමාවෙන් අපි ටෙලිනාට්‍ය ගැන කතාවට එමු. කූඹියෝ හා සහෝදරයා ටෙලිනාට්‍ය කලාව තුළ යම් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වුණා. එහි අනාගත දිශානතිය තීරණය වීම ගැන ඔබ තුළ තිබෙන්නේ කෙබඳු අදහසක්ද
%කූඹියෝ^ කියන්නේ එක ටෙලිනාට්‍යයක් විතරයි. %සහෝදරයා^ කියන්නෙත් එක ටෙලිනාට්‍යයක් විතරයි. කූඹියෝ නාට්යයටවත්, සහෝදරයා ටෙලිනාට්යයටවත්, ලංකාවේ ටෙලිනාට්‍ය අනාගතය තීරණය කරන්න බැහැ. නමුත් එක දෙයක් කළ හැකියි. මේ නාට්‍ය දෙකට පුළුවන් ටෙලිනාට්‍ය නිර්මාණය කිරීම සඳහා යම්කිසි මිනුම් දණ්ඩක් තීරණය කිරීමට. ඉන් මම අදහස් කරන්නේ මෙවැනි නිර්මාණාත්මක ගුණයෙන් යුත් ටෙලිනාට්‍ය ලංකාවේ කරන්න පුළුවන් කියන පණිවුඩය මේ සමාජයට දෙන්න ඒ නිර්මාණ දෙකට හැකි වුණා. ඒක ඉතාම බලවත් පියවරක් ලෙස මම දකිනවා. ඒකට හේතුව එතෙක් සමාජගතව පැවතුණේ %අපට ලොකු නිර්මාණ කරන්න බැහැ. අපට පුළුවන් ප්රේක්ෂකයො ඉල්ලන දේ දෙන්න තමයි. ප්රේක්ෂකයො ඉල්ලන්නේ හරි සරල විහිළු කතා. ඉතින් අපි ඒ නාට්‍ය කරනවා^ වැනි තැනක තමයි බොහෝ නිර්මාණකරුවන් හිටියේ. නමුත් %කූඹියෝ^ නාට්‍යය අවුරුදු දහයක් පමණ ටෙලිවිශනය අතහැර දමා සිටි මිනිසුන් ටෙලිවිෂනය නැරඹුවා. තරුණ ප්‍රේක්ෂකාගාරය තමයි වැදගත්ම ප්‍රේක්ෂකාගාරය. ඔවුන් ලංකාවේ ටෙලිනාට්‍ය විශ්වාස කරන්න පටන් ගත්තා. අනෙක් කාරණය ලංකාවේ ටෙලිවිෂනය විනෝදය සැපයීම පමණක් නොවී, සමාජ දේශපාලන මත දැක්වීමත්, සමාජ දේශපාලන මැදිහත්වීමත් ටෙලිනාට්‍ය තුළින් කරන්න පුළුවන් කියලා පෙන්නුවා. මේ කාරණා දැක්කම මම කියන්නේ %කූඹියෝ^ සහ %සහෝදරයා^ කියන්නේ ලංකාවේ ටෙලිනාට්‍යයවල හැරවුම් ලක්ෂ්‍යයක්. ඒ හැරවුම් ලක්ෂ්‍යයේ නිර්මාණ දෙකකටම ප්‍රධාන චරිතයෙන් දායක වෙන්න ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් තිබෙනවා.
එහෙම වුණත් හෙට ඉඳන් ටෙලිවිෂනයට එන නිර්මාණ ඉතා විශිෂ්ට නිර්මාණ කියලා ඉන් කියැවෙන්නේ නැහැ. එහෙම කරන්න බැහැ. ඒ සඳහා අපි පදනම්ගත වැඩපිළිවෙළක් හදන්න ඕන. එහෙම වැඩපිළිවෙළක් ඇති වුණොත් තවත් වසර කිහිපයකින් එවැනි නිර්මාණ දකින්න අපට පුළුවන් වෙයි. උදාහරණයක් ගත්තොත් මේ රටේ කියැවීම කියන දේ අද බිඳවැටිලා, ලීවිම බිඳවැටිලා, සිංහල භාෂාවෙන් සිතීම කියන දේ බිඳවැටිලා. නිර්මාණකරුවන්ට නිර්මාණාත්මක දේවල් හිතන්න පුළුවන් වුණාට භාෂාව බිඳවැටුණු විට භාෂාත්මක වශයෙන් නිර්මාණ කිරීමේ ගුණය බිඳවැටෙනවා. ඒ සඳහා ජනමාධ්‍යය අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හෝ මැදිහත්ව මේ රට තුළ වැඩපිළිවෙළක් ඇති වුණොත් අනාගත නිර්මාණකරුවන් ගොඩනැගෙයි. අධ්‍යාපනය කියන්නේ පාසලක පන්ති කාමරයක, විශ්වවිද්‍යාලයක පමණක් ලැබෙන අධ්‍යාපනය නෙමෙයි කියන දේ අධ්‍යාපන අමාත්‍යාංශය කල්පනා කළ යුතුයි. රූපවාහිනිය, සිනමාව, පරිගණකය කියන්නේ අධ්‍යාපන මෙවලම්. මේ මාධ්‍යවලට මැදිහත් වීම දක්වන්න මේ රටේ වගකිව යුතු මෙවැනි ආයතන කල්පනා කරන්න ඕන. ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුයි. නව ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුයි. එහෙම වුණොත් යහපත් නිර්මාණ දකින්න ලැබෙයි. එසේ නැත්තම් කූඹියෝ හා සහෝදරයා නාට්‍යය පැමිණීමට පෙර තිබූ ටෙලිනාට්‍යයම දකින්න පුළුවන්.
?රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා බවට පත්වූ අවස්ථාවේ ඔබ ප්‍රකාශයක් කළා. විවිධ පාර්ශ්ව එය විවිධ අයුරින් අර්ථකථනය කළා. ඔබ එහිදී අදහස් කළ කාරණාව කුමක්ද
මම කිව්වේ බොහෝම සරල කාරණයක්. සමහර අය එතැනදී හිතුවේ රයිගම් සම්මාන උළෙලේ ක්‍රමවේදය අප්සට් කියලා මම කිව්වා කියලා. රයිගම් සම්මාන උළෙලේ සම්මාන ලබා දීමේ ක්‍රමවේදය ගැන කිසි ප්‍රශ්නයක් මට තිබුණේ නැහැ. ජනප්‍රිය නළුවා තෝරපු විදිහ සම්බන්ධයෙනුත් මට ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. මම කිව්වේ වෙනත් දේශපාලනික කාරණයක්. මගේ අදහස බවට පත්වුණේ මේ කාරණය. %කූඹියෝ^ සහ %සහෝදරයා^ නැරඹුවේ මේ රටේ සමාජ දේශපාලන ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයෙන්, අවදියෙන් ඉන්න ප්‍රේක්ෂකාගාරයක්. ඔවුන් මේ නිර්මාණ දෙකට කැමැති වුණේ ඇයි කියලා හොයලා බැලුවොත් මේ නිර්මාණ දෙක විසින් මේ රටේ පවතින අප්සට් සිස්ටම් ප්‍රශ්න කළා. උදාහරණයක් කිව්වොත් %සහෝදරයා^ නාට්‍යය තුළින් මේ රටේ ජනමාධ්‍යයවේදීන්ට තිබෙන මරණ තර්ජන පිළිබඳ සාකච්ඡා කළා. තරුණ ජනමාධ්‍යවේදීන් ඝාතනය වෙන විදිය පෙන්නුවා. පන්සල්වලත් බණ කියන, හරක් නිදහස් කරන දේශපාලඥයන්ගේ ඇත්ත ස්වභාවය පෙන්නුවා. ඒ සිස්ටම් එකේ අවුල නේද? %කූඹියෝ^ නාට්‍ය ගමු. ඒ තුළින් මේ පොලිටිකල් සිස්ටම් එක ඇතුළේ තියෙන නම්බස්ගේම් එක පෙන්නුවා. නම්බස්ගේම් එකක් ඇතුළේ තමයි මේ පොලිටිකල් ගේම් එක ගෙනියන්නේ කියලා පෙන්නුවා. මෙවැනි නම්බස්ගේම් එකක් ඇතුළේ රටේ ආණ්ඩු තීරණය වෙනවා නම්, ඒක සිස්ටම් එකේ අප්සට් එකක් නෙමෙයිද? මම කියන්නේ මේ සිස්ටම් එක අප්සට්. මේ අප්සට් සිස්ටම් එකට විරෝධයක් දක්වපු ප්‍රේක්ෂකාගාරයේ විරෝධාත්මක ප්රකාශනයක් තමයි %කූඹියෝ^ හා %සහෝදරයා^ නාට්‍යය දෙකේම හිටපු මාව ජනප්රියයම නළුවා බවට පත් කළේ. මේක ආදරයේ සම්මානයක් නෙමෙයි. මේක විරෝධයේ සම්මානයක් කියන එක මගේ අදහස.
?මේ නිර්මාණ තුළින් ගෙන එන ප්රකාශනය කියවා ගත්තත්, මේ පවතින විරෝධාකල්පය දේශපාලන තීන්දු තීරණවලින් දක්වන බවක් පෙනෙන්න නැහැ නේද
ඒක පැහැදිලියි. මේ දේශපාලන ක්‍රියාවලිය හැමදාම පක්ෂ දෙකක් තුළ සිදු වුණේ. කලා නිර්මාණයක් තුළින් පෙන්වා දෙන දේවල් මිනිසුන් තේරුම් ගත්තත් නැවත ඡන්දයකදී මිනිසුන් ඡන්දය භාවිත කරන්නෙ තමන්ට කවුරු හෝ කියන කෙනෙකුට. එහෙම කෙනෙක් නැත්තම් ඡන්දය නොදා ඉන්නවා. ඒ මිසක් බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න හිතන්න පුළුවන් ක්‍රමයක් ඇතිව නැහැ. මිනිසුන්ට ඡන්දය දෙන්න කෙනෙක් නැහැ. අපි එය හොඳින්ම දකිනවා තරුණ ප්‍රජාව විශාල වශයෙන් ඡන්දය ප්‍රතික්ෂේප කරනවා. ප්‍රධාන පක්ෂ දෙකෙන් කාට හෝ දීලා දානවා. මෙන්න මේ ක්‍රමය සිදු වෙන්නේ. අනිත් දේ දේශපාලන තීන්දු තීරණ ගන්න කොට මේ රටේ ඡන්දදායකයාව පාවිච්චි කරනවා. ඔහුගේ ස්වාධීන ඡන්දය නෙමෙයි ප්‍රකාශ වෙන්නේ. කාගේ හෝ අවශ්‍යතාවක් තමයි ප්‍රකාශ වෙන්නේ. අන්න ඒ වරද නිවැරදි වෙන්න ඕන. අපේ රටේ හැම වෘත්තියකටම ඉල්ලුම් කරන කොට ඒ වෘත්තියට නියැළෙන්න සුදුසුකම් බලනවා. නමුත් දේශපාලනයට එද්දි ඒ කිසි සුදුසුකමක් ඉල්ලන්නේ නැහැ. නමුත් එහෙම සුදුසුකම් නැතුව එන දේශපාලඥයා තමයි අවසානයේදී මේ වෘත්තීන්වල සුදුසුකම් තීරණය කරන්නේ. ඒ වෘත්තීන්වල නායකත්වය තීරණය කරන්නෙත් සුදුසුකම් නැති දේශපාලඥයන්. මේ දේවල් විසඳෙන තෙක් නිවැරදි කෙනෙකුට ඡන්දය භාවිත කරන්න බැහැ. ඉතා ඉක්මනින් මේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙයි කියලා මම විශ්වාස කරනවා. තරුණ ප්‍රජාව විශේෂයෙන් සවිඥානිකයි. මේ අප්සට් එක ඔවුන් දන්නවා
?මෙවැනි අවකාශයක් තුළ ඔබේ නිර්මාණාත්මක භාවිතය කෙබඳුද
රංගන ශිල්පියෙක් ලෙස තෝරාබේරා ගැනීමෙන් නිර්මාණවලට දායක වෙන්නෙ. මම එකඟ වෙන දේශපාලන දැක්මක් තිබෙන නිර්මාණවලට පමණයි මම දායක වෙන්නේ. නළුවෙක් ලෙස මම ඒ කාර්යය කරනවා. රාජිත දිසානායකගේ %ආදර වස්තුව^ වේදිකා නාට්‍යය නිර්මාණාත්මක නාට්‍යයක්, දේශපාලනික සහ සමාජ මැදිහත් වීමක් ගැන කතා කරන නාට්‍යයක්. එයට සහ ප්‍රියංකර රත්නායකගේ %අද වගේ දවසක ඇන්ටිගනී^ නාට්‍යයවලට දායක වෙනවා. අනෙක් පැත්තෙන් මම වේදිකා නාට්‍යය අධ්යක්ෂවරයෙක්. මගේ වේදිකා නාට්‍යය නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයාට අලුත් අදහසක් දෙන්න තමයි නිතරම උත්සාහ කරන්නෙ. අනාගතයේදී වේදිකා නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි අරමුණ වෙන්නෙ මතවාදී වශයෙන් අලුත් අදහස් සමාජගත කිරීම. ඒක තමයි මගේ දේශපාලනය.