බොලිවුඩයේ සිටින අධ්‍යාපනික මට්ටම අතින් ඉහළතම නිළිය වන්නේ පරිනීතා චොප්රාය. ඇයට ගෞරව උපාධි ත්‍රිත්වයක් හිමි අතර, ඒවා ලබාගැනීමට ඇය සමත් වී ඇත්තේද ඇමෙරිකාවේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයෙනි. තවමත් විසි පස් හැවිරිදි වියේ පසුවන ඇය, මේ වසරේදී පළමුව රංගන දායකත්වය ලබා දුන්නේ 'හසී තෝ පාසි' නම් නිර්මාණයටයි. මේ දැක්වෙන්නේ ෆිල්ම්ෆෙයාර් සඟරාව ඇය සමග කළ සොඳුරු කතාබහකි.
ඔබ වැඩියෙන්ම ඊර්ෂ්‍යා කරන තරුව කවුද?
මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නෙ නැහැ
ෂාරුක් ඛාන් බොලිවුඩයේ රජු නම් රුජින කවුද?
කරීනා කපූර්
බොලිවුඩයේ වැඩියෙන්ම ප්‍රබල කපූර්වරුන්ද ඛාන්වරුන්ද?
දෙගොල්ලොම. මොකද දැන් කරීනා කපූර් පවා ඛාන් කෙනෙක් වෙලා (සයිෆ් අලි ඛාන් සමග විවාහ වී සිටින නිසා)
ඔබට ලැබුණා නම් හොඳයි කියලා හිතුණු චිත්‍රපටයක් තියෙනවාද?
අනේ නැහැ. හැම චිත්‍රපටයක්ම ඒකෙ කරන්න දෙයක් ඉතුරු නොකරම හොඳට කරලා තියෙනවා.
ඔබ ගැන අහපු නරකම කටකතාව මොකක්ද?
මට ඒකට මුහුණ දෙන්න වුණේ 'Ladies vs Ricky Bahl' චිත්‍රපටය නිසා. මම ඒ චිත්‍රපටයේ චරිතය සල්ලි දීලා ලබාගත්තා කියලයි කටකතා පැතිරිලා ගිහින් තිබුණෙ. ඒත් ඒක බොරුවක්.
ඔබ සල්මන් ඛාන් නම්?
දෙවියනේ! එහෙම වුණොත් නම් හුඟක් දුක හිතෙයි. මම මැරෙයි. මම ඒ තරම් සල්මන් ඛාන්ට ආදරෙයි. මැරෙන තුරා ඔහුට ආදරෙයි මං.
බොලිවුඩ් පුරවරය ගැන ඔබේ අදහස?
විනෝදකාමියා - සායිෆ් අලි ඛාන්
වැඩ විතරයි සෙල්ලම් බැහැ - ප්‍රියංකා චොප්රා
ගෞරවයෙන් වැඩ කරන අය - ලැයිස්තුවක් ඉන්නවා
ආදරවන්තයා - රන්වීර් සිං. ඔහු ජීවත් වන හැම මනුෂ්‍යයෙකුටම ආදරය කරන මානවවාදියෙක්.
වැඩියෙන්ම බය මොනවටද?
සර්පයන්ට
ඔබේ කෑම පිඟාන රසවත් කරන්නේ?
පිට්සා තමයි ඉතින්
චිත්‍රපට ප්‍රචාරණ කටයුත්තකදි ඔබේ රසිකයෙක් නොමනා විදිහට හැසිරුණා නේද?
ඔව්. මෑතකදි එහෙම දෙයක් වුණා. ඔහු මගේ ෂර්ට් එකෙන් අල්ලගෙන යන්න එපා කියලා මගෙන් ඉල්ලා සිටියා. ඇත්තටම ඒක ගැන දුකයි. ඒත් පොඩි බයකුත් තිබුණා. ඔහුටවත් එවෙලේ ඔහුව පාලනය කරගන්න බැරුවයි තිබුණේ.
අපි ඔබ ගැන නොදන්නේ මොනවද?
මම ප්ලේන්වල යන්න හුඟක් බයයි. විශේෂයෙන්ම ප්ලේන් ගොඩබිමට බාන වෙලාව මට දරාගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට මට ඇඬෙනවා.
උදෙන්ම නැගිට්ටම?
මියුසික් අහනවා
බොලිවුඩ්වල ප්‍රේම සබඳතාවලට ප්‍රසිද්ධම පුද්ගලයා කවුද?
අර්ජුන් කපූර්
ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?
යාළුවෙක්ගෙන් මට ඩීවීඩී එකතුවක් ලැබුණා. ඒක තමයි මගේ ජීවිතේ වටිනාම තෑග්ග.
අල්ලපු ගෙදර කවුරු හිටියා නම්ද වැඩියෙන්ම කැමැති?
රන්බීර් කපූර්
ගෙදර එනවා නම් නොකළ යුතුම දේ?
බය කරන එක
කවදා හරි තමන්ගේ පෙම්වතාට උයලා දීලා තියෙනවාද?
නැහැ. අනික මම උයන්න කැමැතිත් නැහැ. උයන්න අවශ්‍ය කරන ඉවසීමත් මට නැහැ. හැබැයි මම ලෝකයේ තියෙන හොඳම මැගී නූඩ්ල්ස් එක හදන්න නම් හොඳට දන්නවා.
අම්මාගෙන් ඉගෙන ගත්තු ආසම කරන ගතිගුණය මොකක්ද?
ඕනෑම දේකට ඉක්මනට අනුගතවෙන්න ඉගෙන ගත්තා. අම්මාට ස්ථිර ඉන්දීය පුරවැසි භාවය ලැබිලා තිබුණේ නැහැ. ඒ නිසා අම්මාට තාත්තාත් එක්ක අම්බාලා නම් පුංචි නගරයට මාරුවෙන්න සිද්ධ වුණා.
මදාරා ගුණතිලක