පුද්ගල විභවතා සංවර්ධන හා මනෝවිද්‍යා පුහුණු උපදේශක චන්දන ගුණවර්ධන විසින් 2000 වසරේ සිට කොළඹ මහජන පුස්තකාලයේ නොමිලේ පවත්වනු ලබන ජීවිත සාර්ථකත්ව පුහුණු වැඩමුළු මාලාවේ 125 වැනි වැඩමුළුව, අනිද්දා (17දා) පෙ.ව. 8.30ට කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්වෙයි. එයට සමගාමීව %ඔව් මට පුළුවන්^ (Power of Motivation) යන ඔහුගේ 34 වැනි කෘතිය එළිදැක්වීමටද නියමිතය. ඒ පිළිබ කතාබහ කිරීමට ඔහු %අද^ට සම්බන්ධ කර ගතිමු.
?ප්‍රායෝගික මනෝ විද්‍යාත්මක ජීවිත සාර්ථකත්ව පුහුණු වැඩමුළු මාලාවේ 125 වැනි වැඩසටහන තමයි මේ පැවැත්වෙන්නේ. ඒ ගැන මුලින්ම කතා කරමු
මම මේ විෂයය ගැන වැඩිදුර ඉගෙන ගත්තේ ප්‍රංශයේදී. මගේ ගුරුවරයා තමයි මෙවැනි වැඩමුළු පවත්වන්න කියන අදහස දෙන්නේ. මේ වැඩමුළු වෙනුවෙන් මම කරන රැකියාවෙන් ලැබෙන වැටුපෙන් සෑම මසකම රුපියල් විසිපන්දහසක් වෙන් කරනවා. මම එහෙම කළේ ලංකාවේ මිනිසුන්ගේ ජීවිතේ සාර්ථක කර ගන්න තිබෙන හොඳම ක්‍රමය ඔවුන්ගේ හිත වෙනස් කරන එක කියලා මම හිතුවා. කන්න, බොන්න, අඳින්න දුන්නට මේ ජීවිත සාර්ථක කරගන්න බැහැ කියලා මම හිතනවා. රටවල්, ආයතන ගොඩ නැගුණේ මිනිසුන්ගේ හිත වෙනස් කිරීම මගින්. එය සිදුකළ යුතුයි කියලා මම හිතුවා. ඒ අරමුණත් එක්ක තමයි මෙවැනි වැඩසටහන් මාලාවක් මම පටන් ගත්තේ. මේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනට හිටියේ හත්දෙනයි. මේ වෙද්දි මේ වැඩසටහන හා විශාල පිරිසක් සම්බන්ධ වෙනවා.
?මෙවැනි වැඩමුළුවකට දායක වන පිරිස වැඩි වුණත්, මෙම වැඩසටහන් මාලාවට සහභාගි වූ මිනිසුන්ගේ ජීවිතයේ සාර්ථකත්වය ගැන ඔබේ අදහස කෙබඳුද
මම මේ වැඩසටහන ආරම්භයේදී එක් වාහනයක්වත් මේ ශාලාව ඉදිරිපිට නවතා තිබුණේ නැහැ. නමුත් අද වෙද්දි වාහන නවත්වන්න ඉඩක් නැහැ. මිනිසුන් දියුණු වෙලා ජීවිතය හදාගෙන තියෙනවා. හැම වැඩසටහනකටම දායක වෙන පිරිසක් ඉන්නවා. මම දකිනවා ඔවුන් ජීවිත දියුණු කර ගෙන තිබෙනවා. දැන් මේ වැඩසටහන්වලට දහසක් පමණ දායක වෙනවා. එහෙම දියුණු වී සිටින මිනිසුන් දැකීම සතුටක්.
?ධනාත්මක චින්තනය^ නමින් මෙවැනි වැඩසටහන් ලංකාව පුරා පැවැත්වෙනවා. නමුත් ඔබ මෙහි තේමාව විදියට භාවිත කරන්නෙ ප්‍රායෝගික මනෝ විද්‍යාත්මක ජීවිත සාර්ථකත්ව පුහුණු වැඩමුළු කියලා ඒ ඇයි
මම ධනාත්මක චින්තනය කියන වචනය භාවිත කරන්නේ නැහැ. මම ලංකාව පුරා වැඩසටහන් කරනවා. එහෙත් ඒ වචනය භාවිත කරන්නේ නැහැ. ඒ වචනේ තිබෙන වරදක් නෙමෙයි. ලංකාවේ ධනාත්මක චින්තනය කියන වචනය භාවිත කරන්නේ ඉතාම නරක විදිහට. මිනිසුන්ගේ මුදල් හූරා ගැනීමට තමයි මෙය භාවිත වෙන්නේ. මම භාවිත කරන්නේ ප්‍රායෝගික මනෝ විද්‍යාව, සුබවාදී චින්තනය යන වචන.
?ලංකාවේ ජන සමාජය, ප්‍රායෝගික මනෝ විද්‍යාව කියන විෂයය පිළිගන්නේ කොයි විදියකටද? මනෝ විද්‍යා උපදේශකවරයෙකු ලෙස ඒ ගැන ඔබට අදහසක් ඇති
මේ ගැන බොහෝ විට නිවරදි අවබෝධයක් මිනිසුන්ට ලබා දෙන්නේ නැහැ. මේ ගැන නිවැරදි අවබෝධයක් ලබා දුන්නාම මිනිසුන් පිළිගන්නවා. ඒ විදියටම ක්‍රියා කරනවා. ලංකාවේ මිනිසුන් හරියට රැවටීමට ලක්වෙනවා. ඒ නිසා මෙවැනි දෙයක් මගහරින්න එයත් බලපානවා. නමුත් මේ දේ අවබෝධ කර ගත්තාම මිනිසුන්ගේ ජීවිතයම මෙහි න්‍යායන් අනුව වෙනස් කර ගන්න කටයුතු කරනවා.
?ඔබ මේ ගැන දේශන පවත්වනවා. ඉන් නොනැවතී ග්රන්ථයක් ලෙසත් මේ දැනුම සමාජගත කරන්න උත්සාහ කරනවා
මම හොඳට න්‍යායාත්මක හා ප්‍රායෝගික දේවල් ඉගෙන ගෙන තමයි මේ විෂයය ගැන වැඩමුළු කරන්නේ. තැන්තැන්වලින් කරුණු ඒකරාශී කරගෙන පදනමකින් තොරව මම කිසිම මාතෘකාවක් ගැන කතා කරන්නේ නැහැ. මම මේක ඉගෙන ගත්ත විෂයයක්. රජයේ ආයතන, පෞද්ගලික ආයතනවල, ගම්වල මෙවැනි වැඩසටහන් පවත්වනවා නම් ඒ ගැන මම පොතක් ලියනවා. මම දේශනයක් පැවැත්වුවත් ටික කාලයක් යද්දි ඒ දේවල් අමතක වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ ග්‍රන්ථය පරිහරණය කරලා ඒ අනුව කටයුතු කරන්න පුළුවන්.
?ඔව් මට පුළුවන් යන නමින් මේ පොත රචනා වෙන්නේ. මෙහි අන්තර්ගතය ගැන කතා කළොත්
මෙවර පොත තුළ අන්තර්ගත වෙන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තරයේ තිබෙන ශක්තියක් ගැන. එය බලගැන්විය යුතුයි. මේ ලෝකෙට මිනිසෙකුව උපත ලබන විට අසාමාන්‍ය බුද්ධිමය හැකියාවක්, විභවතාවක්, ශක්තීන් අරගෙන එන්නේ. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමය තුළින් මේ සියල්ල මොට කරලා දානවා. %සවිය^ (motivation) කියලා කියන්නේ මේ දේවල් ඉස්මතු කරන ක්‍රමය. මේ අභ්‍යන්තරික ශක්තිය ඉස්මතු කරන්න බාහිරින් තල්ලුවක් ලබා දිය යුතුයි. එය සිදු කරන න්‍යායාත්මක හා තාක්ෂණික කරුණු හා අභ්‍යාස 30ක් පමණ සඳහන් වෙනවා. ඒ වගේම ජීවිතයේදී ප්‍රායෝගිකව මෙය සිදු කරන්නේ කොහොමද කියලා සඳහන් වෙනවා.
?මේ දේවල්වලට අමතරව ඔබ තවත් සමාජ කාර්යයන් කිහිපයක්ම සිදු කරනවා
මෙහෙමයි. මිනිස්සු හිතනවා මුදල් උපයපුවාම තමයි සතුට ලැබෙන්නෙ කියලා. නමුත් කවදාවත් මුදල් හම්බ කරලා සතුටක් ලබන්න බැහැ. නමුත් මුදල් උපයලා මේ සමාජයට වැඩක් කරන්න පුළුවන් නම් එය තමයි ඔහු ලබන සතුට. ඒ ලැබෙන සතුට මියයන මොහොතෙත් මතක් වෙනවා. මගේ ජීවිතේ සතුට තියෙන්නේ මං ඉපදුණ සමාජයට යමක් ලබා දීම. ඒ යටතේ %beyond vision^ වැඩසටහන යටතේ ආර්ථික දුෂ්කරතා සහිත අය සඳහා අක්ෂි කාච 10,000ක් ලබා දෙන්න, තරුණ තරුණියන් නායකයන් ලෙස පුහුණු කරන්න, හරිත ගම්මාන නමින් කොටසක් හදන්න උත්සාහ කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියෙනවා අපද්‍රව්‍යයෙන් තොරව ජීවත්වීමේ ක්‍රමයක්. ඒ දේවල් අනුගමනය කරමින් ගම්මාන හදන්න තමයි මගේ බලාපොරොත්තුව.
?මෙවැනි සමාජ සුභසාධන ව්‍යාපෘති සිදු කරන බොහෝ දෙනෙකුගේ අරමුණ දේශපාලන වේදිකාව. ඔබේ අරමුණත් එවැන්නක්ද
මම දේශපාලනයට එන්නේ නැහැ. මම කිසිම දේශපාලඥයෙකුට ඡන්දය පාචිච්චි කරලත් නෑ, මට එහෙම මගේ ඡන්දය ලබා දෙන්න කෙනෙක් හම්බ වෙලත් නැහැ. එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ.
වැඩි විස්තර - 0771494704