චූලක්ෂි රණතුංග නිරූපණ ක්ෂේත්රය තුළ බොහෝ ඇගයුම් ලබමින් මෙරටට කීර්තියක් ලබාදුන් නිරූපණ ශිල්පිනියකි. එළඹෙන 12 වැනිදා සිට EAP සිනමාහල්වල තිරගත වන %දේදුනු ආකාසේ^ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන චූලක්ෂි සිය කුලුඳුල් චිත්‍රපටය සහ නිර්මාණ කටයුතු පිළිබඳ 'අද' කතාබහට මෙලෙස එක්වූවාය.
Q පළමු චිත්‍රපටය වන 'දේදුනු ආකාසේ' ගැන කිව්වොත්?
මගේ පළමුවෙනි චිත්‍රපටය තමයි මේක. මෙහි අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහතා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා කියලා මොඩ්ල්ස්ලට මැසේජ් එකක් දීලා තිබ්බා. ඒ ස්ක්‍රීන් ටෙස්ට්වලට විශාල නිරූපිකාවන් සංඛ්‍යාවක් සහභාගි වුණා. ඒ වගේම මිස් ශ්‍රී ලංකා ටයිට්ල් එක තියෙන කට්ටියත් ඒකට ආවා. එහෙම ගියපු කෙනෙක් මම. එතනින් තමයි මාව ඒ සඳහා තෝරාගත්තේ.
Q මෙය ඔබේ පළමු චිත්‍රපටය වීම ගැන මොකද හිතෙන්නේ?
මගේ පළමුවෙනි චිත්‍රපටය නිසා, ආසාව කුතුහලය බලාපොරොත්තු ගොඩක් තිබුණා. ඉදිරියේදී තමයි ඒ දේ බලාගන්න වෙන්නේ. මොකද ප්‍රේක්ෂකයන් බලලා ලැබෙන ප්‍රතිචාරවලින් තමයි දැනගන්න පුළුවන් වෙන්නේ මම ඒ චිත්‍රපටයට සාධාරණයක් කළාද කියලා.
Q නිරූපිකාවක ලෙස ක්ෂේත්රය තුළ බොහෝදෙනා දැන හැඳිනගත් ඔබ දැන් රංගන ශිල්පිනියක් ?
ඔව්, ඇත්තටම ගොඩක් කට්ටියගේ හීන වෙන්නේ මේ දේ තමයි. බොලිවුඩ් වුණත් මොඩ්ලින්වලින් තමයි පටන් ගන්නේ රංගන ශිල්පියෙකු හෝ ශිල්පිනියක වෙන්න. ඇත්තටම මගේ නම් මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කරපුවාම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ රංගන ශිල්පිනියක් වෙන්න. රංගන ක්ෂේත්රය තුළ කටයුතු කරන්න. නමුත් දැන හිතෙනවා අපරාදෙ ඒ කාලෙ ඒ දේ කළා නම් කියලා. මොකද 2014 දි තමයි මම මිස් ශ්‍රී ලංකා වුණේ. ඒ කාලෙම මේ බලාපොරොත්තුවත් එක්ක ගියා නම් ගොඩක් හොඳයි කියලා හිතුණා. කවදාවත් හිතුවෙ නැති පැත්තක් තමයි මේ. මම පුංචි කාලේ හොඳ ක්‍රීඩිකාවක්. ක්‍රීඩාව පැත්තෙන් තමයි මගේ දක්ෂකම් තිබුණේ. මට හිතුණා රංගනයට මට දක්ෂතාව නැති වෙයිද කියලා. මම මුලින්ම නිරූපණ ක්ෂේත්රය එන්නේ රොසෑන් ඩයස් මහත්මියගේ මාර්ගයෙන්. මේ චිත්‍රපටයට තෝරගනිද්දී හේමාල් රොසෑන් අක්කාගෙන් අහලා තිබ්බා මිස් ශ්‍රී ලංකා හරි, මොඩල්ස්ලා හරි ඉන්නවාද කියලා. රොසෑන් අක්කා තමයි මාව කියලා තිබ්බේ. එයාගේ රෙකමන්ඩේෂන් එකයි, අනිත් දේවල් එක්කයි තමයි චිත්‍රපටයට අවස්ථාව ලැබුණේ. අනිත් අයගේ අඩිතාලම වුණේ නිරූපණය. මගේ අඩිතාලම ගැන වැඩිය හිතුවෙ නැති වුණත්, දැන් හිතෙනවා මීට කලින් රංගනයට ආවා නම් හොඳයි කියලා.
Q සිනමාවේ ජනප්‍රිය හේමාල් වැන්නෙකු සමග මුල්ම චිත්‍රපටයට රංගනයෙන් දායක වීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හේමාල් කියන්නේ සීනියර් මොඩල් කෙනෙක්. මොඩලින් ෂෝවලදි එයත් එක්ක වැඩකරන්න හම්බ වෙලා නැහැ. හේමාල් කියන්නේ මට රංගනයේදී ප්‍රවීණයෙක් වගෙයි. පළමු වෙනි රූගත කිරීමේ ඉඳලම මට සහ ටීනාට ලොකු සහයෝගයක් දුන්නා. අපි වැටෙන ගොඩක් අවස්ථාවල හේමාල් අපට ගොඩක් උදව් කළා. පළමු වෙනි චිත්‍රපටය තුළ මානසික ඒකාග්‍රතාව තියාගෙන යන්න ගොඩක් අමාරුයි. මොකද අපට චිත්‍රපටයක් තුළ අත්දැකීම් කියන දේ නැහැ. ඒ නිසා අපි මුලින්ම රංගනයේ යෙදෙද්දී ලැජ්ජාව, බය කියන දේවල් එනවා. හේමාල්, ජයලත් මනෝරත්න මහතා ඇතුළු ප්‍රවීණයෝ එක්ක වැඩ කළා මේ චිත්‍රපටය ඇතුළෙ. ඒ අයගෙන් මට ලැබුණු සහයෝගය තමයි ගොඩක් වැදගත් වුණේ. ඒ අයගේ ලේවල් එකට අපිව කවදාවත් බලාපොරොත්තු වුණේ නැහැ.
Q නිරූපිකාවක් වූ ඔබේ මූලික ගමන ගැන කිව්වොත්?
මම 2012 ලක්ස් රුවැත්ති කියන තරගයෙන් තමයි එන්නේ. ඒකෙන් ජයග්‍රහණය ලබනවා. නමුත් මම නිරූපණ කියන දේ ආරම්භ කරන්නේ 2014 මිස් ශ්‍රී ලංකා ජයග්‍රහණය කළායින් පස්සෙයි.
Q මේ වසරේ ලෝකයම නැවත දැනගත්තා නේද?
ඔව්, මේ වසරේදී මට International top model of the world 2017 ජයග්‍රහණය කරන්න ලැබුණා. ඒක පැවැත්තුවේ ස්පාඤ්ඤයේදියි. ඒක ගැන ලොකු සතුටක් තියෙන්නේ. මොකද අන්තර්ජාතික වශයෙන් ජයග්‍රහණය කරන්න මට අවස්ථාවක් ලැබුණ එක ගැන.
Q නිරූපිකාවක් වශයෙන් ලංකාවට කීර්තියක් ගෙන එන්න ලැබුණ එක ගැන මොකද හිතෙන්නේ?
පොඩි කාලේ ඉඳන් කවුරුහරි කෙනෙක් අපට කියන්නේ රටට දෙයක් කරන්න කියලනේ. මම ඇත්තටම හරි ආසාවෙන් හිටියේ රට වෙනුවෙන් දෙයක් කරන්න. අපි දන්නෙ පොඩි කාලේ ඉඳන් දෙමවුපියන්ට සලකන්න ඕනේ කියන කාරණාවයි. ඒ වගේම තමයි අපි රටට දෙයක් කරන්න ඕනේ. මොකද අපි හැදුණෙ වැඩුණෙ මේ රටේ නිසයි. අපේ නම හරි නිර්මාණය වුණේ මේ රටේ. අපට රටට දෙයක් කරන්න හම්බවෙනවා කියන්නේ ඉතාමත් ආඩම්බරයක් දැනෙනවා. ඒ දේවල් එක්ක මට හිතෙනවා ඒක රට වෙනුවෙන් කලගුණ සැලකීමට මට ලැබුණු අවස්ථාවක් කියලා. මට මගේ රට ගැන ආඩම්බරයෙන් කතා කරන්න ලැබුණා. මගේ ධජය යටතේ කාන්තාවක් වශයෙන් කතා කරන්න අවස්ථාවක් ලැබුණා. අපි පොඩි කාලේ ඉඳන් ආසයිනේ වීර කතාවලට. මම වීරයෙක් කියනවා නෙමෙයි. නමුත් මගේ රටට දෙයක් කරන්න ලැබුණ එක ගැන සතුටුයි.
Q චිත්‍රපට සඳහා තවත් ආරාධනා ලැබුණාද?
ඔව්, තවත් චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. තව එක චිත්‍රපටයක වැඩ ඉවර කරලා තියෙනවා. මොහාන් නියාස් මහතා අධ්‍යක්ෂණය කරන %ශ්‍රී වික්‍රම^ කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සඳහා පණ පොවන්න අවස්ථාව ලැබුණා. තව කිහිපයක ආරාධනා ලැබිලා තියෙනවා. තාම ඒවා රූගත කිරීම් පටන් ගත්තේ නැහැ.