ශකිරාගේ අලුත උපන් දරුවා වන සාෂාගේ ඡායාරූප ඇය නිරන්තරව අන්තර්ජාලයට එක් නොකරන අතර, ඒ සඳහා කිසි විටක ඇය විශේෂ හේතුවක් සඳහන් නොකරයි. එනිසාම ඇය විසින් අන්තර්ජාලයට එක්කරන තම දෙවැනි පුතුගේ සීමිත ඡායාරූප විශාල ජනප්රියත්වයක්ද හිමි වෙයි.
පසුගියදා ඇය තම අලුත උපන් දරුවාගේ මාස 05 සපිරීමත් සමගම ඇය ඔහුට පාපන්දුවකට පහරදීමට උගන්වන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සිය ට්විටර් ගිණුම හරහා අන්තර්ජාලයට එක්කර තිබුණි.
මෙම ඡායාරූප බොහෝදෙනා අතර කතාබහට ලක් වූ අතර, ඇතැමුන් සඳහන් කර තිබුණේ තම ස්වාමියා වන ජෙරාඩ් පිකේ වැනි ලොව දක්ෂ පාපන්දු ක්රීඩකයෙකු යලි බිහි කිරීමට ශකීරා වෙරදරන බවයි.