ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
නිර්මාණාත්මක ලෝකය බොහෝ ලෙස නිර්මාණය වන්නේ ස්වභාවධර්මයාගේ කැමැත්ත අනුවය. අවට පරිසරයේ ඇති ස්වාභාවික දේවල්වලින් යම්කිසි නිර්මාණාත්මක බවක් ලබාදෙන්නේ මුළු විශ්වයමහැඩ කරමිනි. එවැනි ස්වාභාවික හැඩයක් ලබාදෙන කිසියම් වස්තුවක් නැවත ඔප නංවා හැඩකරමින් නවමු පණක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.
එවැනි කලාකාරිනියක් පිළිබඳ මෙවර මෙම ලිපිය තුළින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු. Is.ideastone ඇයගේ ආයතනයයි. ඇගේ නමට වඩා ප්‍රසිද්ධව ඇත්තේ ඒ ආයතනයේ නාමයයි. තායිලන්ත ජාතික කාන්තාවක් වෙන ඇගේ වරුන්යා ය. නමුත් ඇය බොහෝ දෙනා හඳුනන්ගේ ඇගේ ආයතනයේ නාමය ඔස්සේය.
Is.ideastone නම් ආයතනය ඔස්සේ සිදුකරනු ලබන්නේ ස්වභාවිකව බිහිව ඇති ගල්වල සිතුවම් කිරීමයි. ඇය මෙම ස්වාභාවික පාෂාණ මත සුරතල් සතුන්ගේ සිතුවම් ඇඳීම සිදුකරයි. මෙම ආයතනයේ ප්‍රධාන අරමුණ වන්නේ කාර්යාල සඳහා මෙම සිතුවම් අලෙවි කිරීමයි. මෙම පාෂාණ සිතුවම් කාර්යාලයීයප්රයෝජනය සඳහා විශේෂ අවධානය යොමු වී තිබේ. කාර්යාලවල මේසය මත ඇති ලිපි ද්‍රව්‍ය එහා මෙහා යාම වළක්වාගැනීම සඳහා මෙම පාෂාණ භාවිත කිරීම ආරම්භ වී ඇත.
තම තමන්ගේ කැමැත්ත පරිදි සුරතල් සතුන්ගේ රූප ලබාගත හැකි අතර, එහි වර්ණ තීරණය කිරීමටද පාරිභෝගිකයාට හැකියාව තිබීම මෙහි විශේෂත්වයයි. ඇයගේ මෙම නිර්මාණ https://en.pinkoi.com වෙබ් අඩවිය ඔස්සේද අලෙවි කෙරේ. විවිධ මිලගණන් යටතේ මෙම නිර්මාණ අලෙවි වන අතර, ඒවායේ ප්‍රමාණය අනුව එහි මිල ගණන් වෙනස් වන බව සඳහන් වෙයි.
මෙම සිතුවම් නිර්මාණය කිරීම සඳහාඇයතායිලන්තයේ වනාන්තර තුළින්පාෂාණ සොයාගන්නා අතර, මුලින්මඑම පාෂාණ සෝදා පිරිසුදු කර වැක්ස් ආලේප ගල්වා වියළා ගනියි. එම වැක්ස් ආලේපනය වියළා දින තුනකට පසු සිතුවම් නිර්මාණය කිරීම අරඹයි. ඉන්පසු එම සිතුවම් ආරක්ෂාකරගැනීම සඳහා මතුපිටින් රසායනික ආලේපනයක් යොදයි.
මෙම නිර්මාණ අද වනවිට බොහෝ ලෙස ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ අන්තර්ජාලය තුළය. ඇය මේ නිර්මාණ තම ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ අන්තර්ජාලයට එක්කරන අතර, ඒ හරහා වැඩි ජනප්‍රියත්වයක් ලබා ගනියි. කෙසේ වුවද මේ වනවිට ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යමින් තමන්ගේ නිර්මාණසඳහා විශාල වටිනාකමක් ලබාගැනීමටද ඇයට හැකියාව ලැබී තිබේ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
මන්ත්‍රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
නදීමාල් පෙරේරාට පහරදීමක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd