හිරු ටීවී නාළිකාව සිය ප්‍රේක්ෂකයන් වෙත සමීප කරන නවතම ටෙලි නිර්මාණය වන 'පත්තිනි' ජූනි 10 වන සෙනසුරාදා සිට සෑම සති අන්තයකම සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.00 ට විකාශය කෙරේ.
'එක් දිනෙක සාගරයේ පාව ආ මල් වට්ටියක සිටි සිඟිත්තියක මානායක් නම් වෙළෙන්දෙකු විසින් බේරාගෙන ඇති දැඩි කරගනු ලබයි. ඇය කන්නගී
කන්නගී කුඩා කල සිට අතිශය මානව හිතවාදී ගුණාංග ප්‍රකට කරන දැරියක වෙයි. මේ අයුරින් ඇතිදැඩි වන ඇය අතිශය ශෝභමාන යුවතියක වෙයි. මානායක් විසින් ඇගේ උප්පත්තිය පිළිබඳව සාත්ත්රඥයෙකුගෙන් විමසන කල ඇය ලොවට අග්‍ර වන නැකතක උපන් අයෙක් බව පවසයි.
කන්නගී කෝවලන් නම් තරුණයාට පෙම් කරන්නට පටන් ගනියි. කඩවසම් හා ආකර්ෂණයෙන් යුතු ඔහුද ඇයට පෙම් කරයි. අවසානයේ ඇය හා ඔහු විවාහ වෙයි. එහෙත් කන්නගියගේ අතිශය මනාව හිතවාදී ගුණය නිසාම ඇය යම් අයුරකින් ස්වාමියාගේ දෝෂ දර්ශනයට ලක් වෙයි. කෝවලන් මාධවී නම් නලඟනකගේ පහස පතයි. ඇයගේ ප්‍රේමයට නතුව කන්නගී ඇතැර දමා මාධවිය සමග ජීවිතය අරඹයි. ඉතා සිත් වේදනාවට පත්වුවද අපූරුවකට කාන්තා ගුණය ප්‍රකට කරන කන්නගී එය කෝවලන් වෙත ඇති අනුපමේය ප්‍රේමය නිසාම ඉවසා ගනියි. ඇය නොසැලෙයි.
කෝවලන් පියා සෙවූ ධනය මාධවීගේ පහස සඳහාම වියදම් කර සිඟන්නෙකු බවට පත්වෙයි. මාධවී කෝවලන් ප්‍රතික්ෂේප කරයි. කෝවලන්ට තම බිරිඳ කන්නගීගේ ප්‍රේමයේ ඇති ගැඹුර වැටහෙයි. ඔහු නැවත කන්නගී සොයා එයි. කෝවලන් වෙනුවෙන්ම තම පතිවත රැක සිටි කන්නගී සිය ස්වාමියාව නැවත ඉතා ආදරණීයව භාර ගනියි. නැවත ජීවිතය අරඹන්නට ඇය සිය රත්රන් පා සලඹ ගලවා විකුණාගෙන මුදල් කරගෙන එන්නට යැයි ඔහුට දෙයි.
ඒ වන විට එරට රජුගේ බිරිඳ සතු පාසලඹද සොරකමකට පත්ව තිබෙයි. ඒ කෝවලන් බව සැකයකට තුඩු දෙයි. රජු කෝවලන්ට මරණ දඬුවම ලබාදෙයි. කන්නගිය දෙදරා යයි. ඇය සිය ජීවිතය ආත්මය සේ සලකන ලද කෝවලන්ගේ මරණයෙන් කම්පිතව ඉතා වියරුවට පත්ව තම දකුණු පියයුර කඩා එය එම රජුත් නුවරත් විනාශ වන්නට යැයි සාප කර විසි කරයි. මුළු නුවරම ගිනි ගනියි. කන්නගියගේ පතිවෘතා බලය නිසාම ඇය පත්තිනිය නමින් දේවත්වයට පත්වෙයි. මිනිසුන් ඇයට වන්දනාමාන කරන්නට පටන් ගනියි.
තිර රචනය සහ අධ්‍යක්ෂණය - තුෂාරි අබේසේකර, රංගන දායකත්වය : තාරුකා වන්නිආරච්චි (කන්නගී), ගයාන් වික්‍රමතිලක (කෝවලන්), නයනා කුමාරි (චේතියා), කමල් දේශප්‍රිය (මාසත්තුවන්), නිරෝෂන් විජේසිංහ (මානායක්), නිල්මිණී කෝට්ටේගොඩ (මධෝරා), ගයත්‍රි ඩයස් (මන්තිලා), සරත් කරුණාරත්න (කුන්තා)