පිරිසුදු ජලයෙන් ලබා ගත් අයිස් කැටවලින් සකස් කරන ලද නිර්මාණ දැක්මක් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය ඉදිරිපිටදී පැවැත්විණි.
නුවරඑළිය වසන්ත සමය වෙනුවෙන් මෙය සංවිධානය කර තිබූ අතර, දිවයිනේ ප්‍රධාන පෙළේ හෝටල් 10ක සූපවේදීහුඊට එක්ව සිටියහ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පිහිටිචෙඑමිගිල් ආයතනයේ වසර දෙකකට වරක් මෙම තරගය පැවැත්වෙන අතර, එය මින් ඉදිරියට සෑම අවුරුද්දකම නුවරඑළිය වසන්ත සමය තුළග්රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
මෙම තරගය දැකබලා ගැනීමට දෙස්විදෙස් සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
නුවරඑළිය - ඔස්ටින් නානායක්කාර