2005 වර්ෂයේදී 'Femina Miss India World Tourism' කිරුළ හිමි Sonal Chauhan මේ වන විට තෙළිඟු නිළියක වී හමාරය. මේ දිනවල ඇය පිළිබඳ බොහෝ තොරතුරු අන්තර්ජාලය තුළ වාර්තා වන බව සඳහන් වෙයි. එයට හේතු වන්නේ ඇය පසුගියදා සහභාගී වූ IIFA Utsavam සම්මාන රාත්රිය හේතුවෙනි. එහිදී ඇය විසින් ඉදිරිපත් කරනු ලැබූ නර්තනයක් හේතුවෙන් මේ වන විට ඇය පිළිබඳ බොහෝ කතාබහට ලක්ව ඇතැයි විදෙස් වෙබ් අඩවි වාර්තා කරයි.
27 වැනි වියේ පසුවන ඇය, රංගන ශිල්පිනියක මෙන්ම නිරූපිකාවක් සහ ගායන ශිල්පිනියක වෙයි. එමෙන්ම ඇය Nokia සමාගමේ සහ Ponds සමාගමේ වෙළෙඳ සන්නාම තානාපතිනියදවේ. 2008 වර්ෂයේදී Jannat හින්දි චිත්රපටයෙන් රංගන ක්ෂේත්රයට පිවිසි ඇය මේ වනවිට තෙළිඟු චිත්රපට සඳහා පමණක් සීමා වී තිබේ. 2015 වර්ෂයේදී තිරගත වූ Size Zero තෙළිඟු චිත්රපටය හරහා ඇයට විශාල ජනප්රිත්වයක් හිමි වූයේ එම චිත්රපටය ආදායමක් ඉපැයූ හෙයිනි.
ඇය ගායිකාවක වශයෙන් දායක වී ඇත්තේ එක් ගීත ඇල්බමයක් සඳහා පමණි. එය ඉන්දියානු රැප් ගායකයෙකු වන Aap Kaa Surroor ගේ ගීත ඇල්බමයක් සඳහාය. නිරූපණ ක්ෂේත්රයේ වැඩකටයුතු සඳහා සහභාගී වන කාලයේදී ඇයව වැඩි වශයෙන් දායක කර ගෙත ඇත්තේ, LG, Hero Honda, Hindustan Times, Delhi Times වෙළෙඳ නාමය සඳහායි. මේ වනවිට නිරූපණ ක්ෂේත්රයෙන් සම්පූර්ණ වශයෙන්ම ඉවත්ව රංගන වෘත්තියේ යෙදෙන ඇය රංගනයෙන් දායක වන හින්දි සහ තෙළිඟු චිත්රපටයක් මෙම වර්ෂයේදී එළිදැක්වීමට නියමිතය.