විවිධ වූ විලාසිතාවන් ලෝකය තුළ නිර්මාණය වී ඇති බව බොහෝ දෙනා දන්නා කරුණකි. විවිධ වූ විලාසිතාවන්ට අද ලෝකය තුළ බොහෝ වටිනාකමක් ලැබී තිබේ.ප්රංශ ජාතික කාන්තාවක් වන Laliblue විලාසිතාවට එවැනි වටිනාකමක් ලබාදුන් කලාකාරිනියකි. ඇයගේ සැබෑ නාමය එය නොවන අතර, ඇය විලාසිතා ලෝකය තුළ දන්නේ මෙකී නාමයෙනි. ඇගේ සැබෑ නාමය වන්නේ Gemma Arnal Jericó ය.
Laliblue මේ වනවිට ලෝකයේම පිළිගත් විලාසිතාවල ප්රමුඛ නාමයකි. මෙහි අඩංගු වන්නේ කාන්තාවන් වෙනුවෙන් නිම කළ ගෙල පලඳනා සහ පෙන්ඩන්ට් වර්ගයන්ය. ඇය මේ සියල්ල නිර්මාණය කරනු ලබන්නේ තම දෑතිනි. ලී වලින් කැටයම් කරන ලද මෙම පෙන්ඩනයන්ට ඇය විශාල මුදලක් අය කරනු ලබන්නේ කිසිදු යන්ත්රයක් ඒ සඳහා භාවිත නොකර, දැඩි වෙහෙසකින් එය සිදු කරන බැවිනි. ලෝකයේ පවත්වනු ලබන විලාසිතා දැක්මන්වල ඇය විසින් සාදා නිමකරනු ලැබූ පෙන්ඩන්ට් සහිත මාල භාවිත කරනු ලබයි.
අද වනවිට විලාසිතා ලෝකය තුළ ඇයගේ මෙම ගෙල පලඳනාවලට ඇති ඉල්ලුම බොහෝ සේ ඉහළ ගොස් ඇත. ඇය විසින් එම නිර්මාණ සඳහා යොදාගනු ලබන්නේ බොහෝ දෙනා ළමා කාලය තුළදී ආදරය කරනු ලැබූ කාටූන් චරිතයි. ඊට අමතරව ඩිස්නි කතාවල ඇති සුරංගනා චරිතද මේ සඳහා ඇය උපයෝගී කරගෙන තම දෑතින් කැටයම් කරනු ලබයි. එවැනි නිර්මාණ කිරීම පිළිබඳ ඇය කියා සිටින්නේ, බොහෝ දෙනා තමන්ගේ ළමා කාලයට ආදරය කරන නිසා මෙවැනි දෙයක් තුළින් ඔවුන් නැවතත් ළමා කාලයට ගෙන යා හැකි බවයි.