තිර රචකයෙකු මෙන්ම වේදිකා නාට්‍යය රචකයෙකු ලෙසද බොහෝ කාලයක් කටයුතු කළ අජිත් මෙන්ඩිස් මහතා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකුද වෙයි. 'හදන්නම බෑ' වේදිකා නාට්‍ය ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය වෙයි. එහි මංගල දර්ශනය මේ මස 20 වැනිදා සවස 6.30ට නව නගර ශාලාවේදී පැවැත්වෙන අතර, පසුදා (21දා) සවස 3.30ට සහ 6.30ට දර්ශන වාර දෙකක්ද නව නගර ශාලාවේදීම පැවැත්වීමට නියමිතය. මේ කතාබහ ඒ පිළිබඳවය.
Q 'හදන්නම බෑ' නාට්‍යය හරහා ඔබ සමාජගත කරන්න උත්සාහ කරන කාරණාව මොකක්ද
මම මේ නාට්‍යය තුළින් කතා කරන්නේ ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන අවිධිමත්භාවය පිළිබඳව. මීට වසර ගණනකට පෙර පැවැති අධ්‍යාපනය තුළ සිස්ටම් එකක් තිබුණා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. මීට පෙර අපි සඳහන් කළේ %උගතමනා ශිල්පයමයි මතු රැකෙනා^ කියලා. නමුත් දැන් 'මතු රැකෙනා ශිල්පයමයි උගතමනා' කියලා කියන්න සිදුවෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඉගෙන ගන්න සිදුව තිබෙන්නේ වෘත්තියක් ඉලක්ක කරගෙන. පරිබාහිර දැනීමක් ඔවුන් තුළ නැහැ. පෘථුල පරිබාහිර දැනීමක් ඇති පුද්ගලයා මේ සමාජයේ පිස්සෙක් බවට පත් වෙනවා. සමාජය හදන්න පුළුවන් මිනිස්සු අද සමාජයේ පිස්සන් බවට පත්ව තිබෙනවා. ඒ වගේම අප මුහුණ දෙන ඊළඟ ගැටලුව වන්නේ චීන ආක්‍රමණය. අපි සංස්කෘතිකමය හා ආර්ථික වශයෙන් චීනයට නතුවෙමින් පවතිනවා. ක්‍රමානුකූලව එය සිදුවනවා. අපට නොදැනීම චීන කොළනියක් බවට අපි පත්වෙනවා. චීන කොළනියක් බවට පත්වීම සහ අපේ අධ්‍යාපනය කුමන දිශානතියකටද යන්නේ කියලා හිතන්න සිදුව තිබෙනවා. මම මේ කාරණාව මේ නාට්‍යය හරහා කතා කරනවා. ලංකාවේ නාට්‍යයක් කරන කොට ප්රස්තුතය, අන්තර්ගතය වගේම එය ඉදිරිපත් කරන ආකාරය ගැන ගොඩක් හිතන්න සිදු වෙනවා. නාට්‍යයක් වැඩි දර්ශන වාර සංඛ්‍යාවක් වේදිකාගත කරන්න නම් හාස්‍යය අවශ්‍යය වෙනවා. මීට පෙර නාට්‍ය රුචි සංවිධායකවරු වේදිකා නාට්‍යය ගමෙන් ගමට ගිහින් සංවිධානය කළා. නමුත් අද වන විට එවැනි සංවිධායකවරු ලංකාවේ නැහැ. අද ලංකාවේ නාට්‍ය සංවිධානය කරන්නෙ සුභසාධක සමිති සමාගම්. අදාළ දර්ශන වාර තමයි බොහෝ විට පවත්වන්නෙ. ඔවුන් නාට්‍යයක් ලබාගද්දි අහන්නේ මේ නාට්‍යයේ කොමඩි තියෙනවද කියලා. දෙවැනියට අහන්නේ රූපවාහිනී නළු නිළියෝ ඉන්නවද කියලා. රූපවාහිනී නළු නිළියන්ගේ චරිතවලින් තමයි අද නාට්‍යය විකුණන්න වෙලා තියෙන්නෙ. එය කනගාටුවට කරුණක්. ඒ නිසා මේ පවතින රටාවටත් තරමක් අනුගත, සමාජ ඛේදවාචකයක් ගැන තමයි කතා කරන්නෙ.
Q සමාජ ඛේදවාචකයන් කතා කරන්න වේදිකාවම තෝර ගන්න සිදුව තිබෙන්නේ ඇයි. ජනප්‍රිය මාධ්‍යවල ඒ සංවාදයට ඉඩක් නැද්ද
මේක වෙනත් මාධ්‍යයක කතා කරන්න බෑ. ඒකට ඉඩක් නැහැ. මේ වන විට මම දීර්ඝ රූපවාහිනී ටෙලිනාට්‍ය පිටපත් දහයක් පමණ රචනා කර තිබෙනවා. ඒකාංගික ටෙලිනාට්‍ය අසූවක් පමණ රචනා කර තිබෙනවා. නමුත් අපිව මෙහෙයවීම සිදුකරනුනේ නාට්‍ය අධ්යක්ෂවරයා, එසේත් නැත්තම් ඊට එහා ගිය නිෂ්පාදක හෝ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්. එහෙම වුණාම අපට අවශ්‍ය දේ කරන්න හැකියාවක් නෑ. එය රස්සාවට කරන දෙයක් විතරක් වෙලා තියෙන්නෙ. වේදිකාව තුළ එහෙම සීමා දාන්න කවුරුත් නෑ. මම වේදිකා නාට්‍ය කරන්න තෝරාගත්තෙම මෙවැනි සමාජ ප්‍රශ්නයක් තියෙන කාරණාම තමයි. මම රචනා කළ සියලුම වේදිකා නාට්‍ය දර්ශන වාර සියය ඉක්මවා ගොස් තිබෙනවා. මම හිතනවා ඒ නිසා වේදිකාවේ කතා කරන මේ දේවල් සාර්ථකයි කියලා. එහෙත් වේදිකාව තුළත් මේ දේ ප්‍රේක්ෂකයාට ලබා දීමට විවිධ උපක්‍රම භාවිත කරන්න සිදුවෙනවා. මේ නාට්‍යය තුළත් ආලෝකකරණයෙන්, ඇඳුම් නිර්මාණයෙන් අපි යොදා ගත්තේ ෆැන්ටසියක්. තාරුණයේ ප්‍රශ්න කතා කරන කොට ෆැන්ටසියක් අවශ්‍ය වෙනවා. තාරුණ්‍යයට උචිත වර්ණය දෙන්න නම් ෆැන්ටසියක් අවශ්‍ය වෙනවා. නාට්‍යකරුවෙක් හැමවිටම පෙර ගමන්කරුවෙක් වෙන්න ඕන. මම හිතන්නේ එහෙමයි. රූපවාහිනියෙන් මේ දේ කරනවා නම් එය සිදුකළ යුත්තේ ටෙලිනාට්‍යයකින් පමණයි. ටෙලිනාට්‍ය තුළ මෙය සිදුකළාට පලක් නෑ. ටෙලිනාට්‍ය තුළ මේ දේ සිදුකළත් මාධ්‍යය ආයතනවල ප්‍රධානීන් බලලා ඒ නාට්‍යයම ප්‍රතික්ෂේප කරනවා. අද මිනිසුන්ගේ රසඥතාව තිබෙන්නේ වෙන තැනක. ඔවුන් නිතරම ඉන්නේ ෆැන්ටසිය එක්ක. ඉන්දියන් ටෙලිනාට්‍යයවලට මිනිසුන් නැඹුරු වී තිබෙන්නේ ඒ ෆැන්ටසිය නිසා. රටක් ආර්ථික වශයෙන් හා බුද්ධිමය වශයෙන් දුප්පත් වන විට ඒ රට තුළ ෆැන්ටසිය විකුණන්න පුළුවන්. කලාව ෆැන්ටසියක් වෙනවා. මිනිස්සු ගැඹුරු ග්‍රහණයකට වඩා මතුපිට සරලින් ග්‍රහණය කරගන්න තමයි යොමු වෙන්නෙ. ඉන්දියානු සිනමාව ජනප්‍රිය වෙන්නත් ආර්ථිකමය හා මිනිසුන්ගේ බුද්ධිමය දුප්පත්භාවය තමයි බලපාන්නේ. අපිත් එවැනි තැනකට ගමන් කරමින් සිටිනවා.
Q මේ නාට්‍යය සඳහා අත්වැල් බැඳගත් ශිල්පීන් ගැන මතක් කළොත්
මේ නාට්‍යයේ නිරෝෂන් විජේසිංහ, මහින්ද පතිරගේ, රොෂාන් පිලපිටිය, සමන් හේමරත්න, කුමාරි සේනාරත්න, මිහිරි ප්‍රියංකර ආදීන් රංගනයෙන් දායක වෙනවා.
Q ඔබ බොහෝ කාලයක් වේදිකාවත් එක්ක ගනුදෙනු කරනවා. ඒ අතීතය දෙස හැරී බලද්දි තෘප්තිමත් විය හැකිද
1983 දී තමයි මම මුලින්ම නාට්‍යයක් රචනා කර අධ්‍යක්ෂණය කළේ. ඒ %දෙයියන්ගේ පුංචි අක්කරය^ කියන නාට්‍යය. එයට ජාතික තරුණ සේවා නාට්‍යය උලෙළේදී සම්මාන හතක් හිමිවෙනවා. පසුව %ජුදාස්ගේ රාත්‍රිය^, %කෑම ලෑස්තියි^, %අලුත් හොරෙක්^ වගේ නාට්‍යය මම අධ්‍යක්ෂණය කළා. ඒ වගේම මම වේදිකා නාට්‍ය කිහිපයක්ම රචනා කළා. මම හැමවිටම කතා කළේ සමාජ ප්‍රශ්නයක් ගැන. මම එක් පරිවර්තන නාට්‍යයයි සිදුකළේ. ඒ දාරියෝ ෆෝ ලියූ %ගැබ්බර මිනිසා^ නාට්‍යය. ඒ මිනිත්තු 30ක කෙටි නාට්‍යයේ තේමාව අරගෙන මම නාට්‍යය රචනා කළා. එයත් දර්ශන වාර සියය ඉක්මවා වේදිකාගත වුණා. මම රචනා කළ, අධ්‍යක්ෂණය කළ හැම නාට්‍යයක්ම දර්ශන වාර සියය ඉක්මවා වේදිකාගතව තිබෙනවා. මම කාලයට අනුව සමාජ ප්‍රශ්නයක් තේමා කර ගෙන නිර්මාණ කරන්නේ. මම කතා කළේ යුගයට ගැළපෙන දේවල්. එය ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තා. ඒ ගැන තෘප්තිමත්.