රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කරන අතරවාරයේ තම ව්‍යාපාර කටයුත්තක්ද සිදුකරන ඇය ඉතා සෙමින් ගමනක් යමින් සිටින්නීය. නිවේදිකා වෘත්තියට වසර 08කට පෙර අත්පොත් තබන ඇය නමින් අචලා කරුණාරත්නයි. මේතාක් දුර ඇය ආ ගමන්මග පිළිබඳව '%අද’ සමගින් මෙලෙසින් සම්බන්ධ වූවාය.
Q ඔබ කවුද? මොනවද කරන්නේ?
මගේ නම අචලා කරුණාරත්න. මම රූපවාහිනී වැඩසටහන් නිවේදන කටයුතු කරනවා.
Q ඒ කියන්නේ ඔබ වෘත්තීමය නිවේදිකාවක්ද?
ඔව්. වෘත්තීමය වශයෙන් වැඩසටහන් නිවේදන කටයුතු කරනවා. ඊට අමතරව ව්‍යාපාර කටයුතුත් කරනවා. නිවේදනය මගේ විනෝදාංශය කියන්නත් බෑ. මම පාසල් කාලයේ ඉඳන්ම ආස කළ දෙයක්. එය දියුණු කරගෙන වෘත්තිය ලෙස තෝරාගෙන ඉන්නවා.
Q ඔබේ ඒ වෘත්තිය ගැන කතා කරමු?
2009 වර්ෂයේ ලක් FM රේඩියෝවේ නිවේදන කටයුතුවලින් තමයි මගේ ක්ෂේත්රයට පැමිණීම සිද්ධ වෙන්නේ. ජාතික රූපවාහිනියේ තමයි මම වැඩසටහන් නිවේදන කටයුතු කරන්නේ. 2009 අවසානයේදී තමයි මම ඒ ආයතනයට සම්බන්ධ වුණේ. ‘හිරු වියන’ සංගීත වැඩසටහනකින් තමයි මම මුලින්ම රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වුණේ. ඉන්පසුව ‘ත්‍රී තාල’ කියලා සංගීත වැඩසටහනක් කළා. ඒවා ගොඩක් ජනප්‍රිය වුණා. ‘නුග සෙවණ’ වැඩසටහන, ජාතික ලොතරැයි මණ්ඩලයේ වැඩසටහන් සහ ජාතික රූපවාහිනියේ වෙනත් වැඩසටහන්වල නිවේදන කටයුතු කරනවා.
Q ඔබගේ ව්‍යාපාරය ගැනත් ටිකක් කතා කරමු.
මම සාරි ඩිසයින් කරනවා. ඒ සඳහා හොඳ පාරිභෝගික ඉල්ලුමක් තියෙනවා.
Q නිවේදන කටයුතු සඳහා දායක වෙන්නේ පොඩි කාලෙ ඉඳන් තිබුණ ආසාවක් නිසාද?
මගේ ආසාව නම් තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. මම ගොඩක් මහන්සි වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. මට ඕන මම කරන දේ හරියට කරලා හොඳ ප්‍රතිඵලයක් ලබන්නයි. මගේ වාසනාවට මට ගොඩක්ම අවස්ථාව ලැබෙන්නේ සජීවී වැඩසටහන් කරන්න. හරිම අඩුවෙන් තමයි පටිගත කරන ලද වැඩසටහන්වලට දායක වුණේ. සජීවී වැඩසටහන්වලට සහභාගී වී ඒ අවදානම ගන්න මම හරිම කැමතියි. රූපවාහිනී මාධ්‍යයක සජීවී වැඩසටහන්වලදී සමහර අවස්ථාවලදී සූදානම් වීමට අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒකට ලොකු දැනුමක් ඕන. ඉතිං ඒ අවදානම අරන් වැඩකරන්න මම ගොඩක් ආසයි. ඒක වාසනාවට ලැබිච්ච දෙයක්. මගේ වෘත්තියට මම ගොඩක් කැමතියි.
Q වාසනාව කියන දේ විශ්වාස කරමින්ද ඔබ වෘත්තියේ නියැළෙන්නේ?
ඔව්, වාසනාව තියෙන්න ඕන. මොකද මම මේක 2009 ඉඳලා හෙමින් ආව ගමනක්. ඉතිං වාසනාව බලපානවා කියන්නේ ඒකයි. අපි කොච්චර දක්ෂ වුණත් යම්කිසි දෙයක් ලැබෙන මොහොතක් තියෙනවා. එකමවිට පළමුවෙනි මට්ටමේ ඉඳලා පස්වෙනි මට්ටමට යන්න බෑ. දෙක, තුන, හතර කියන මට්ටම් පහුකරගෙන ඒ සඳහා යා යුතුයි. ඉතිං ඒ සඳහා කාලයක් යනවා. ඉවසීම තිබිය යුතුයි. ඉවසීමට යම්දෙයක් ලැබෙනවා නම් එය වාසනාව කියලා මම විශ්වාස කරනවා.
Q වාසනාව කියනදේ සමග දක්ෂකමත් අවශ්‍යයි නේද?
දක්ෂකමත් බලපානවා. මම සංගීත වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සිට සාකච්ඡාමය වැඩසටහන් පැවැත්වීම දක්වා පැමිණෙමින් තිබෙනවා. ඉතිං ඒ සඳහා 2009 සිට මේ දක්වා වර්ෂ ගණනාවක් ගතවෙලා තිබෙනවා. ජාතික රූපවාහිනී නිවේදන කටයුතු, ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදන කටයුතු ඊට අමතරව විවිධ ඉසව්වල නිවේදන කටයුතු සිදුකරනවා. දක්ෂතාවක් නැතිව ඒ දේවල් කරන්න අමාරුයි. වාසනාව විතරක් තිබුණ නම් මට මුලදීම මේ දේවල් ලැබෙන්න තිබුණනේ. අපේ කැපවීම, දක්ෂතාව ඇතුළු මේ හැමදේම තිබිය යුතුයි. ඕනෑම ක්ෂේත්රයක උවමනාවෙන් දේවල් හොයාගෙන දියුණුකරගන්න ඕන.
Q ඔබ ක්ෂේත්රයට පිවිසුණේ ඒ පිළිබඳව හැදෑරීමක් කරලද?
අපි මේ විදියට උදාහරණයක් ගමු. ඉස්සර කාලේ සැලුන් ගත්තොත් කවුරුවත් සැලුන් දැම්මෙ ඩිප්ලෝමා එකක් කරලවත්, සහතික අරගෙනවත්, රට ගිහින්වත් නෙවෙයි. හැබැයි ඒ සමහරක් අයව අද වෘත්තීය මට්ටමේ හොඳ රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස හඳුන්වනවා. ඒ අයගෙන් දැන් ඉන්න අය සහතික අරගෙන වෘත්තීය මට්ටම දක්වා දියුණු වෙනවා. ඒ කියන්නේ දෙයක් ඉගෙනගන්නවා කියන එක තැනකට ගිහින් යම්කිසි කෙනෙක් යටතේම කරන්න අවශ්‍යතාවක් නෑ. තමන් දෙයක් හොයාගෙන ඉගෙනගන්න එක වඩා හොඳ වෙන්න පුළුවන්.
මම විශ්වවිද්‍යාලයේදී හා බාහිරව ජනමාධ්‍ය පිළිබඳව හැදෑරීමක් කළා. නමුත් මම කියන්නේ ඒක නෙවෙයි. දැන් පරපුර තුළ එය තිබේ නම් අපි ඒ අවශ්‍යතා සපුරන්න ඕන. තමන් විසින් අධ්‍යයනයක් කළ යුතුයි. ඒක දුරකථනයෙන් හෝ රූපවාහිනියෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම කිසිම දෙයක් බැහැර කරන්නේ නැහැ. හැම නාළිකාවකම, හැම නිවේදකයෙක්ගෙම, හැම වැඩසටහනක්ම වගේ බලනවා. ඒ දේවල්වලින් එක දෙයක් හරි මම ඉගෙන ගන්නවාමයි. ඒක වටින්නෙ මට. අන්න ඒ දේ මට කාවවත් යටතට ගිහින් ඉගෙනගන්න බැහැ. කියවීමෙන් ලබාගන්න දේවලුත් ඒ වගේ. ඒ කියවීමෙන් ලබාගන්න දේවලුත් තැනකට ගිහින් ලබාගන්න අමාරුයි.
Q මෙතරම් දුරක් එන්න ඔබට සහය දුන් පිරිසක් ඇති. ඒ අය ගැන මතක් කරමු.
මම සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තෙ. එහි හිටපු විදුහල්පතිනී ඩී.එල්. පද්මසීලී මහත්මිය මතක් කළ යුතුයි. මගේ අම්මාගෙන්, තාත්තාගෙන් පස්සෙ මේතාක් දුර එන්න උදව් කළ, මාව හඳුනාගත් උතුම් චරිතයක් තමයි ඒ. ඒ වගේම පවුලේ අය මට හැමදාමත් උදව් උපකාර කරනවා. ඉදිරියටත් එහෙමමයි.
ජාතික රූපවාහිනී වර්තමාන සභාපතිවරයා ඇතුළු හිටපු සියලුම සභාපතිවරුන් යටතේ වැඩකරන හැමකෙනෙක්වම, විශේෂයෙන් මා ගැන විශ්වාස කරලා මට අවස්ථාව ලබාදුන්න අරෝෂා සමරදිවාකර, මොහාන් විජේසිංහ, සුමින්ද තිලකසේන, චූලාංගනී හපුහින්න, ජයමිණී ඉලේපෙරුම, ලක්ෂිත, නිපුන රාජපක්ෂ, සමන් ප්‍රේමරත්න, සම්පත් සී. පෙරේරා ඇතුළු නිෂ්පාදකවරුන් මම ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ මට අවස්ථාව ලබාදුන් පිරිසටත් මම ස්තුතිවන්ත වෙනවා.