ලන්ඩන් නුවරදී පැවැත්වුණු I Will Tell ජාත්‍යන්තර සිනමා උලෙළේදී නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුළුඳුල් චිත්‍රපටය වන'තණ්හා රති රඟා' (Between Yesterday and Tomorrow) හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගත්තේය.
I Will Tell චිත්‍රපට උලෙළ 2005 වසරේ සිට සෑම වසරකම අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 9 වැනිදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වේ. මෙවර සම්මාන උලෙළේදී ජූරියේ සභාපතිත්වය දැරුවේ හොලිවුඩයේ විශිෂ්ටතම සිනමා තිර රචකයෙකු හා උපදේශකයෙකු වන බාර්ට් ගැවිගන් විසිනි.
මෙම උලෙළේදී විශිෂ්ට සිනමාකරුවෙකු වන ඊවන් ග්‍රේ විසින් නිර්මිත It’s a Girl Eugene චිත්‍රපටය හොඳම වාර්තාමය චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගත්තේය.
මෙහිදී නිලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රති රඟා චිත්‍රපට 1000කට අධික ප්‍රමාණයකින් පළමු තැන හිමිකරගැනීම සුවිශේෂත්වයකි.
මේ පිළිබඳව ප්‍රධාන ජූරි සභික බාර්ට් ගැවිගන් පවසා සිටියේ ඉතාමත් විශිෂ්ට කතා තේමාවක් තුළ, නිසි ලෙස තම නළු නිළියන් හසුරුවමින් නිලේන්ද්‍ර‘ මෙම සිනමා කෘතිය නිර්මාණය කර ඇති බවයි. මෙම චිත්‍රපටය ෆෙඩ්රිකෝ ෆෙලිනි නම් විශිෂ්ට සිනමාකරුවාගේ Vitelloniහා La Stradaවැනි විශිෂ්ට චිත්රපටසිහිපත් කරවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.