ජගත් පෙම් කතා ජීවිතයට පාඩම් පොත් වගෙයි
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍ර‘යේ පසුගිය 15 වැනිදා සිට ලබන 24 වැනිදා දක්වා පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තිබෙන සුවිශේෂී පොත් අතර ජගත් පෙම් කතා මාලාවක්ද වෙයි. ශාන්ත කුමාර විතාන ලියූ එම පෙම් කතා මාලාවේ කෘති අතර භාරත පෙම් කතා, චීන පෙම් කතා හා හයිද්‍රා කුමරිය සහ හිරු උදා රැජින පිළිබඳ කතාද වෙයි. 'සී-140' රත්සර පොත් කුටියේදී එළිදැක්වෙන මෙම ජගත් පෙම් කතා මාලාව පිළිබඳ 'අද' කතුවරයා සමග කළ කතාබහකි මේ.
Q ජගත් පෙම් කතා අපේ පාඨක ලෝකයට වැදගත් වෙන්නෙ මොන ආකාරයෙන්ද?
ප්‍රේමය කියන්නේ මේ ලෝකය ආරම්භයේ සිටම පැවැතෙන විස්මිත දෙයක්. මේ නිසා ලෝකයේ ශ්‍රේෂ්ඨයන් ලෙස සැලකෙන අය පවා ප්‍රේම‘යෙන් බැඳී සිටියා. නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා ජොසපින් නමැති ඔහුගේ පෙම්වතියට උමතුවෙන් මෙන් ප්‍රේම කළා. අටවැනි එඩ්වඩ් රජු, සිම්ප්සන් ආර්යාව විවාහ කරගෙන රජ කිරුළට පයින් ගැහුවා. මිනීමරු හිට්ලර් දිවිනසා ගත්තෙත් ඔහුගේ පෙම්වතිය සමග. ඔය වගේ ප්‍රේමණීය සිදුවීම් ඕන තරම්. මම මීට වසර දහයකට විතර කලින් 'අප්‍රකට රජ පෙම් කතා' කියලා පොතක් ලිව්වා. එදා පළවුණේ ලෝක නායකයන්ගේ පෙම් කතා. මේ පොතට ලැබුණු ප්‍රතිචාරවලින් මම තේරුම් ගත්තේ ලෝක ඉතිහාසයට එකතු වූ පෙම් කතාවලට පාඨකයා මොන තරම් පෙම් කරනවාද කියන කාරණයයි. ඒ නිසාම මේ ජගත් පෙම් කතා පොත් පෙළකට එක්කරන්න මට හිතුණා.
Q එහි පළමු පියවර භාරත පෙම් කතා?
භාරත පෙම් කතා මං හොයා ගන්නේ අන්තර්ජාලයෙන්. භාරතයේ හොඳම පෙම් කතා කියල සෙවුම් කරද්දි සටහන් වෙන පෙම් කතා රැසක් තියෙනවා. 'ඩෝලා - මාරු, සෝහ්නි - මහීවාල්, හීර් - රංජා, සෂී- සුන්නු, මිර්ෂ - සහීබා, ප්‍රීතිවිරාජ් - සමියුක්තා, සලීම්- අනර්කලී, ෂා ජෙහාන් - මුම්ටාස් මහල්'.
මේ පෙම් කතා කියවන කොට හිතෙනවා ප්‍රේමය කියන්නේ මොන තරමේ පරිත්‍යාගයක්ද, මොන තරමේ කැපවීමක්ද කියන කාරණය, මොන තරම් බැඳීමක්ද කියන කාරණය. ගීත රචකයන් ප්‍රේම ගී රචනා කරන්නේ මෙන්න මේ පරිත්‍යාගශීලී ප්‍රේමය වෙනුවෙන් නෙමේද කියලා. ඉතින් මේ ප්‍රේම කතා මම පාඨකයන්ට තිළිණ කළා.
Q ඔබේ දෙවැනි ප්‍රේම කතා පොත චීන පෙම් කතාද?
භාරතය තරම් මේ කතා වෙන කොහේවත් නැහැ. මම විවිධ රටවල පෙම්කතා හෙව්වෙත් අන්තර්ජාලයෙන්. මට හමුවෙන්නෙ භාරතයේ සහ චීනයේ පෙම් කතා විතරයි. ඉතින් මම දෙවැනියට චීන පෙම් කතා තෝරගන්නවා.
මම මේ පෙම් කතාවලට යෙදුවේ වෙනත් නම්, 'සමනල පෙම්වත්තු', 'කවියෙකුට පෙම් බැඳ', 'ප්‍රේමයේ ගීතය', 'ලේලියට පෙම් බැඳි අධිරාජ්‍යයා', 'හඬා වැටෙන තරු යුවළ', 'ධවල ආර්යාවගේ ප්‍රේමය' නමින් මම මේ පෙම් කතා නම් කරනවා.
Q පසුව ඔබ ලියන්නෙ කෙබඳු රටක පෙම් කතාවක්ද?
මට හමුවෙනවා ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර ඉදිකරන කතාව. මේ නුවර හදන්නේ මොහොමඩ් බ්රලී නමැති රජු. 1518 අවුරුද්දෙදී රජකමට පත්වෙන මේ රජු ආදරය කළේ හයිද්‍රා කුමරියට. ඔහු තමයි උර්දු බසින් පළමු වරට පෙම්කවි ලියූ කවියා. රජෙක් වුණත් ඔහු කවියෙක්. කවියෙකුගේ ප්‍රේමය බොහොම සුන්දරයි. ඉතිං මේ ප්‍රේම කතාව හරිම සුන්දර ප්‍රේම කතාවක්. ඒ නිසා පිටු හතළිහකට, පනහකට මේ ප්‍රේම කතාව සීමා කරන්න මට ලෝබ හිතුණා. මේ කතාව ලියන්න පටන් ගත්තාම මම සියවස් ගණනකට පෙර අතීතයට ගියා. මම ඒ අතීතයේ ජීවත් වුණා. හයිද්‍රා කුමරියට අර කවිකාර රජ්ජුරුවො ආදරය කරන්න ඇත්තේ මේ විදිහට වෙන්න ඇති කියලා මට හිතුණා. අන්තිමේ මගෙන් ලියැවුණේ පිටු දෙසීයක නවකතාවක්.
Q ඔබේ සිවුවැනි ජගත් පෙම් කතා පොත %හිරු උදා රැජින^ නිර්මාණය වුනේ කොහොමද?
මේක තායිලන්තයේ ඉපැරණි අයුක්තයා රාජධානියේ සුපතළ පෙම් කතාවක්. එම අධිරාජ්‍යයේ රජකම් කළ මහා චක්‍රවත් රජුගේ බිසව සූරියෝතායි, රජු වෙනුවෙන් ජීවිතය දුන්නා. ඒ බුරුම ආක්‍රමණිකයෙකුගේ සටනකදී. මේ බිසව පිරිමි ඇඳුම් ඇඳගෙන අලියෙකුගේ පිටේ ඇවිත් මහා චක්‍රවත් රජු සහ බුරුම ආක්‍රමණිකයන් අතර ඇතිවුණු ද්වන්ධ සටනක මැදට පැන රජුට වැදීමට ගිය කඩුපහරකට අභීතව මුහුණ දුන්නා. ඒක එක අතකින් රට වෙනුවෙන් කළ ජීවිත පූජාවක්, අනෙක් අතින් තමන්ගේ සැමියා වෙනුවෙන් කළ ජීවිත පූජාවක්. අන්න ඒ උතුම් ප්‍රේමය අගය කරන්නයි මම %හිරු උදා රැජින^ නමින් නවකතාවක් ලිව්වේ.
Q වෙනත් රටවල ඉතිහාසය ප්‍රබන්ධ ලෙස ගැළපීමට පහසු නැහැ නේද? කොහොමද ඔබ ඒ දේ කළේ?
ඉතිහාසය මෙහෙම වෙන්න ඇති කියන පරිකල්පනය තුළින් තමයි. හැබැයි 'හිරු උදා රැජින' ලියන්න කලින් මම තායිලන්තයේ සංචාරය කළා. අයුක්තයා රාජධානියේ නටඹුන් දැකබලා ගත්තා. ඒ නිසා ඒ රටේ අතීතයට යන ගමන මට පහසුවුණා. අතීත තොරතුරු ඇසුරින් අපට ඉතිහාසය යළි ප්‍රතිනිර්මාණය කිරීම අපහසු වෙන්නේ නැහැ.
Q මෙවර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ඔබ අතින් නිර්මාණය වෙන්නේ ජගත් පෙම් කතා විතරද?
නැහැ. 'ඇමේසන් ගවේෂණ' කියන ගමන් විත්ති කෘතිය, 'මල් ආරුක්කුව' නවකතාව සහ 'අහස් වියන', 'කඳුළු කැකුළු' නමැති ගේය කාව්‍ය කෘතිය පොත් ප්‍රදර්ශනයේදී එළිදකින අලුත්ම පොත්. ඇමේසන් වනාන්තරයේ වෙසෙන විවිධ ගෝත්‍රයන්, මිනීමරු වනචාරීන් සොයාගෙන ලොව විවිධ ගවේෂකයන් ගිය ගමන් විත්ති රැසකිනුයි ඇමේසන් ගවේෂණ සමන්විත වෙන්නේ. මේ පොතට මං හිතුවටත් වඩා පාඨක ආකර්ෂණයක් ලැබී තිබෙනවා.
මීට අමතරව 'කඳුළු කැකුළු' කවි පොත හැම අවුරුද්දකම පොත් ප්‍රදර්ශනය වෙනුවෙන්ම නිකුත් කරන මගේ කවි පොත. 'අහස් වියන, පාරමිතාව, සඳරැස් මාවත, සුනිල සඳ, තුසර නිම්නය, ඒ සොඳුරු ඇස්, මල් පිපෙන තුරු^ යන නම්වලිනුයි මේ පොත්පෙළ නිකුත් වුණේ. පොදුවේ 'අහස් වියන^ යන නමින් මෙවර නිකුත් වෙන %කඳුළු කැකුළු^ එහි දහවැනි පියවර. මෙම %අහස් වියන^ පොත පාඨකයන්ට ගන්න ලැබෙන්නෙ පොත් ප්‍රදර්ශනයේදී විතරමයි. ඒකත් විශේෂත්වයක්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

