Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
සම්මාන උළෙලවල් කිහිපයකින්ම හොඳම ගායනයට හිමි සම්මානය මට ලැබුණා. හැබැයි මට රයිගම් සම්මානයක් ලැබිල තිබුණේ නැහැ. ප්‍රථම වතාවට තමයි රයිගම් සම්මානයකට පාත්‍ර වෙන්නේ. මේ කාල සීමාවේ මට වැදගත් සම්මාන දෙකක් ලැබුණා. එකක් තමයි අන්තර්ජාතික සම්මානයක් වන බුන්කා සම්මානය. ඒක ලැබුණේ ජපන් රජයෙන් ශ්‍රී ලංකා රජයට. එතන කමිටු දෙකක් තියෙනවා. ඒ කමිටු දෙකෙන් තෝරලා තමයි කලාකරුවන්ට ඒක දෙන්නේ. සංස්කෘතිය තුළ පිහිටා වැඩකරන අයට තමයි ඒක දෙන්නේ. ඉතින් මෙවර ඒ සම්මානය මට හිමිවුණා. එතකොට සිග්නීස් සම්මානය, රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගායනයට හිමි සම්මානය, රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ගායනයට හිමි සම්මානය දෙවතාවක්, සිග්නීස් දෙවතාවක්, 2015දී සුමති සම්මානය ලැබිලා තියෙනවා.
පසුගිය කාලෙදී මට මාධ්‍යයෙන් ඉඩක් ලැබුණා. මම රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනට තුන්වතාවක් සහභාගි වුණු ගායකයෙක්. එතකොට දෙරණේ මා නොවන මම වැඩසටහනේදී මට ඉතා හොඳ ජනතා ප්‍රසාදයක් ලැබුණා. එතකොට රූපවාහිනියේ %ශාරදා^ කියන වැඩසටහන. ඒක පෝය දා වැඩසටහනක්. ඒ කිහිපයකම මම පහුගිය කාලේ හිටියා. ඒත් මම ගායකයෙක් ලෙස මගේ ගීත මාධ්‍යවල නොයන ප්‍රවණතාවක් තිබුණා. හැබැයි දැන් මගේ ගීතවලට මාධ්‍යයෙන් ලැබෙන ඉඩකඩ පිළිබඳව යම්කිසි ප්‍රවණතාවක් තියෙනවා. එකම දේ මම විෂුවල්ස් කරගෙන මගේ ගීත ප්‍රචාරය කිරීම කරන්නේ නැහැ. විෂුවල්ස් කරන්නේ නැති එක මගේ වරදක්. අනික මාධ්‍යයවල ගීත ප්‍රචාරය කරගන්න මුදල් ගෙවීමේ සම්ප්රදායක් තිබුණා. ඒකට අපිත් අහු වුණා. ඉතින් එදාට වඩා අද හොඳයි. අදට වඩා හෙට හොඳ කරගන්න දරන උත්සාහයක අපි ඉන්නේ. ඉදිරියට මාධ්‍යවලට තියෙන අභියෝග ගැන දැන් මාධ්‍යකරුවෝ ලොකු අවධානයක ඉන්නවා. මොකද දැන් ලෝකය අන්තර්ජාලය සමග ලොකු සම්බන්ධයක් ඇතිකරගෙන තියෙනවා. ඉස්සර මාධ්‍යවල තිබුණු මතිමතාන්තරවලින් ඉදිරියට වැඩ කරගෙන යන්න බැරි බව ඔවුන් තේරුම්ගෙන තියෙනවා. අපේ ගීතත් ඉදිරියේදී අන්තර්ජාලය තුළින් විකාශය වීම වැඩි වෙයි. ඒක නිසා මාධ්‍ය ගැන මම එච්චර තකන්නේ නැහැ. දැන් අපිට මාධ්‍ය තුළ තැනක් හැදෙමින් පවතිනවා.
මෙහෙමයි. මම හිතන්නේ නිර්මාණය ගැන විතරයි. මම එතැනින් එහාට කිසි දෙයක් ගැන හිතන්නේ නැහැ. මිනිස්සුන්ට කරන නිර්මාණය මොන වගේ විය යුතුද? එතකොට වාසනාවන්ත මිනිසුන් හොඳ නිර්මාණ හොයාගෙන ඇසිය යුතුයි. ඔවුන් අපේ නිර්මාණ තෝරගෙන අහනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ගීයක් කියන්නේ සාහිත්‍ය මූලික නිර්මාණයක්. ඒක ගොඩක් රටවල්වල පිළිගන්නවා. ඒ ඒ රටවල පවතින සාහිත්‍යයෙන් මිනිසුන්ට දැනෙන ආකාරයේ නිර්මාණ සිදුකරනවා. අපේ රටේ සාහිත්‍ය භාවිතය අනෙක් රටවලට වඩා වැඩියි. ඉන්දියාවේ සාහිත්‍යය හොඳින්ම භාවිත කරනවා. සුභාවිත ගීතය ගැන හැඟීමක් අපේ මිනිස්සු ළඟ තියෙනවා. හැබැයි පසුගිය කාලෙදි මාධ්‍යයන් තුළ අපේ තරුණ පරපුරට වැඩි ප්‍රමුඛතාවක් ලබාදුන් නිසා, ප්‍රවීණ නිර්මාණකරුවන් සමග සෙල්ලම් කිරීමට බැරිවුණු නිසා අලුත් නිර්මාණකරුවන්ට අත දෙන න්‍යායෙන් ඔවුන් මේකේ වෙනම දෙයක් කරනවා. ඒ දක්ෂතාවන්ට ඉඩ ලැබුණු එක ඉතා ප්‍රශංසනීයයි. මොකද මීට වසර 15කට පෙර එහෙම වාතාවරණයක් තිබුණේ නැහැ. ඒක අත්වින්දනේ අපි. හැබැයි මේ නවක කලාකරුවන්ගේ තිබුණු ප්‍රශ්නයක් තමයි මේ අය සාහිත්‍ය මූලික නිර්මාණවලට එළඹුණේ නැහැ. මම කියන්නේ අද කරපු නිර්මාණයක් වසර දහයක් තියෙන්න පුළුවන්. හැබැයි කල්පයක් පුරාවට තියෙන්න නම් වඩාත් හරවත් නිර්මාණයක් නිර්මාණය කරන්න ඕනේ. දැන් අපේ රටේ තියෙන මාධ්‍යවල කොතැනද තියෙන්නේ නිර්මාණයක් කරන්න ඕන පිළිවෙළක් ගැන. ලෝකේ කොහෙවත් එහෙම දෙයක් ගැන නැහැ තමයි. එතැන තියෙන්නේ ස්වයං වාරණයක්. කලා නිර්මාණයකින් සිදුකරන්නේ සමාජ සුභසිද්ධියනේ. ඉතින් සාමාජ සුභසිද්ධිය උදෙසා අකැප දේවල් පවත්වන්න හොඳ නැහැ. රසට ඇහුනට ඒක ඇතුළේ හරයක් නැත්නම් වැඩක් නැහැ. නිකන් පිස්සෝ කියවනවා වගේ. රසට ඇහුනට අහලා ඉවර වුණාම එක වචනයක්වත් මතක නැත්නම් ඒක වැඩක් නැහැ. තව දෙයක් තියෙනවා. ගීතයක් ඇහුවාම ඒකේ අන්තර්ගතය හොඳයි නම්, ඒකේ අන්තර්ගතය වැදගත් නම් ඒක සමාජයට යන්නේ ටික ටික. ඒක වෙන්නේ ඒ මිනිස්සුන්ගේ සිතීමේ ශක්තිය අනුව සහ තමන් එකතු කරගත් දැනුම අනුවයි. කොහොම වුණත් නිර්මාණයකින් බලාපොරොත්තු වන්නේ සමාජයට උසස් පුද්ගලයෙකු බිහිකිරීමයි. මේ සමාජයේ කොටස් දෙකයි. සහෘදයා සහ කලාකරුවා. සමාජයේ තියෙන දේවල් සහ සමාජයේ තියෙන අඩුලුහුඬු තැන් පෙන්වා දෙන්න ඕනේ සමාජයේ ඒ තියෙන රික්තකය වැහෙන්න. ඒක කරන්නේ කලාකරුවා. කලාකරුවා කියන්නේ සමාජයේ පෙරගමන්කරුවා.
මෙහෙමයි. මම සාමාන්‍යයෙන් මාධ්‍යයට ගීත ගිහින් දෙන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ කියන කතාවත් මම දන්නවා. එයාලා කියන්නේ මේ ගීත කවුරුත් අහන්නේ නැහැ කියලා. කොළඹ බිල්ඩිමක පුටුවක වාඩි වෙලා මේක තමයි මිනිස්සු අහන ගීත කියලා තීරණ ගන්න මනුස්සයෙක් ඉන්නවානේ. ඒ මනුස්සයා කියනවා ගීතයක් අරගෙන ගියාම මේ ගීත මිනිස්සු අහන්නේ නැහැ කියලා. එයා කොහොමද දන්නේ පොළොන්නරුවේ මනුස්සයා අහන්න කැමති දේ, මාතර මනුස්සයා අහන්න කැමති දේ, ලංකාවේ සිතියම ඔබ ඉදිරියේ මවා ගත්තොත් කොහොමද දන්නේ නුවර මනුස්සයා අහන්න කැමති දේ. එයා ඒ තරම් අධ්‍යයනයක් කරලා තියෙනවාද? මේක පට්ටපල් බොරුවක්. මේක කාලකන්නිම තත්ත්වයක්. රට පහතට ඇදගෙන යන අයගේ බොරු කතාබහක්. මෙහෙම වෙන්න දෙන්න බැහැ. අපි එකතුවෙලා ඒ දේ නවත්වන්න ඕනේ. අපි ඉන්නේ ඒ මෙහෙවරේ. මිනිස්සුන්ට දෙන්න ඕනේ මේ ගීතයි කියලා තීරණ ගන්න ඒ අයට තේරෙන්නේ නැහැ. මෙතැන වෙළෙඳ පොළක් නිර්මාණය කරගෙන ඉන්නවා. එයාලට අවශ්‍ය ආකාරයට දේවල් හසුරවනවා.
ඔතැනදි ඒක දෙයාකාරයි. සමහර ගීත ඉතාම සරලයි. ධම්මික බණ්ඩාර කියන උසස් ගේය පද රචකයාගේ ගීත කිහිපයක් ගත්තොත් මතුපිට කතාව ඉතාම සරලයි. යටිපෙළින් ඉතාම ගැඹුරු, දේශපාලනික, ආර්ථික, සමාජීය අර්ථයක් නිර්මාණය කරනවා. අද ජනප්‍රිය වෙලා ඉන්න සුජීව හෙට්ටිතන්ත්රි, අමිල තේනුවර, රවී සිරිවර්ධන වගේ අයගේ ගීත අරගෙන බලන්න. ඒවා විවිධාකාරයි. මතුපිටින් කතාවක් කියනවා. ඒකේ යටිපෙළින් දෙයක් ගන්න තියෙනවා. සමහරුන්ගේ මතුපිට තේරෙන්නේ නැහැ. ඒක අමුතුම කතාවක්. හැබැයි බේරලා ගන්න ඕනේ. විශේෂයෙන් සුජීව හෙට්ටිතන්ත්රි වගේ අයගේ නිර්මාණ. එක එක ආකාරයේ එක එක ප්‍රතිශතවල මිනිසුන් ඉන්නේ. ඉතින් ඒ මිනිස්සු හැමෝටම සාධාරණයක් තියෙන්න ඕනේ. ඒ හැමෝටම ගීත නිර්මාණ තියෙන්න ඕනේ. දැන් වැඩිපුරම ඇහෙන්නේ අවර ගණයේ නිර්මාණ පමණයි. ආදරය ගැන කොයිතරම් ඕලාරික විදිහටද ඇහෙන්නේ. ඒ විදිහේ ගීත විතරක්ම ඇහෙන එක සමාජය විඳින ලොකු ගැහැටක්. හොඳ ගීත අහන මිනිස්සුන්ව අතහැරලානේ මේක මේ හැමෝම එකතු වෙලා කරන්නේ. ඒක නිසා මාධ්‍ය සතු වගකීමක් තියෙනවා මේක නියාමනය කරන්න. ඔවුන් අතේ තියෙන්නේ ලොකු සාමාජීය වගකීමක්. මම නම් මේ බස් එකත් ගණන් ගන්නේ මාධ්‍යයක් හැටියට. මොකද ඒ හැම එකකම සමහර වෙලාවට කම්පැනියෙන් ගහන ස්ටිකර් එකක් අලවලා. මිනිස්සුන්ට ඒ යන පැය වුණත් සින්දුවක් අහන්න සලස්වනවා. දැන් හයිවේ එකේ සාමාන්‍ය ගාණට වඩා තුන් ගුණයක් වැඩියෙන් ගෙවලා යනවා. ඒවායෙත් මේ සින්දු දාලා බලෙන් අස්සවනවා. මම එහෙම අත්දැකීම්වලට භාජනය වෙච්ච කෙනෙක්. ඒ බස් එකේ කොන්දොස්තරටත් තියෙනවා වගකීමක් මේ දේවල් ගැන දැනුවත් වෙලා වැඩ කරන්න. අපේ හඬ තුළ තිබෙන බේස් පැත්ත පමණට වඩා වැඩියෙන් ඇහුවොත් සති තුනක කලලයක් විනාශ වෙන්න හැකියාව තියෙනවා. මේවා මේ සමාජය දන්නේ නැහැ.
ඇත්තටම මේ ගෙවෙන්නේ ගීත වංශ කතාවේ ස්වර්ණමය යුගයක්. දැන් සේකර යුගය ගත්තොත් ඒ කාලෙට වඩා මනා ලෙස වචන හසුරවමින් ගේය පද රචනා කරන රචකයෝ වැඩි වශයෙන් ඉන්නවා. ගායනය පැත්තෙන් ගත්තොත් ඉස්සරට වඩා උසස් ලෙස ගායන හැකියාව තියෙන ගායකයෝ විශාල පිරිසක් ඉන්නවා. හැබැයි මෙතන ඒ ඒ පුද්ගලයන් අතර පොඩි වාරණයක් තියෙනවා. බොහෝ දෙනෙක් වාරණය කරගෙන තියෙනවා අපි වැඩ කරන්නේ මෙයා එක්ක විතරයි, අපි වැඩ කරන්නේ අරයා එක්ක විතරයි කියලා. මම කැමතියි කවදා හරි මේ හැමෝම එක්ක එකතු වෙලා වැඩකරන කාලයක් එනවා නම්. එහෙම නම් මේ හොඳ කටහඬවල් තියෙන අපේ තරුණ පරම්පරාවත් පසු පරම්පරාවේ කට්ටියත් සාහිත්‍ය මූලික නිර්මාණවලට මුල්තැන දේවි. එහෙම වුණොත් බොහෝදුරට ඇහෙන ප්‍රලාප ඇහෙන්නේ නැතිවෙයි. රසට ඇහෙන දේවල් තියෙනවා. නමුත් කල්පනා කරලා බලන්න ඒ ඇහෙන ගීතවලින් අපිට ගන්න දේවල් තියෙනවද කියලා. නැහැ. එහෙම එකක් නැහැ. තමන් ගයන ගීත 20න් පහක් හදාගන්න සාහිත්‍ය මූලික නිර්මාණ. එහෙම පෙළඹීමක් පේන්න නැහැ. ඇත්තටම සාක්කු ගැන හිතලම තමයි ඒ නිර්මාණ කරන්නේ. අනේ අපි නම් එහෙම නැහැ. අපි නිර්මාණය ගැන විතරයි හිතන්නේ. මම මෙතනදි සමාජය ගැන කියන්නේ නැහැ. සමාජය කියන එක ගැනත් ලොකු විශ්වාසයක් නැහැනේ. ඇත්තටම සහෘදයෝ කියන අය පැතිරිලා ඉන්නේ. මම දන්නවා හොඳ උසස් දැනුමක් තියෙන, දැනුම හොයන පිරිසක් අද ඉන්නවා. නමුත් අපිට ලොකු සමාජත්රයක් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද දශක කිහිපයක් තිස්සේ මිනිසාගේ රසවින්දන ශක්තිය මරලා තියෙන්නේ. රසවින්දන ශක්තිය මොට වෙලා තියෙන්නේ වැරදි නිර්මාණම අහන්න දීලා. හර්ෂණ දිසානායක, නිලක්ෂි හැල්පිටිය, දුමාල් වර්ණකුල වගේ අය ලොකු උත්සහයක් දරනවා මේ සාහිත්‍ය මූලික නිර්මාණ ගේන්න. සංගීතඥයොත් එහෙමයි. අමිත් ලියනගේ බලන්න. ඔහුගේ සංගීත ශක්තිය රසවිඳින්න අද මිනිස්සු වාසනාව උරගාලා නැහැ. කී දෙනෙක් මේ නම අහල තියෙනවද? සමහරවිට පළමු වතාව වෙන්න පුළුවන්. හොයල බලන්න අන්තර්ජාලයේ කොච්චර හොඳ නිර්මාණ කරල තියෙනවද කියලා. ඒක තමයි කිව්වේ මේ කාලය ඉතා හොඳ කාලයක් කියලා. රත්න ශ්‍රී විජේසිංහ කියනවා ඉස්සර ගීතයක් කියන්නේ තුන්පාදයක කනප්පුවක් වගේ කියලා. මෑත කාලයේදී තේරුම් ගත්තා මේක තුන්පාදයක නෙවෙයි සිවුපාදයක කනප්පුවක් කියලා. ගේය පද රචකයා, තනු නිර්මාපකයා, ගායකයා. අද වෙද්දි මෙතනට එකතුවෙලා තියෙනවා වීඩියෝවට මුදල් වියදම් කරන නිෂ්පාදකයා කියන කෙනා. ඉතින් ඔහු පෙන්වා දෙනවා හරකට තියෙන්නෙත් කකුල් හතරක් කියලා. හැමෝම හිනාවෙලා ඇහුවට මොකද ඒකෙ තියෙනවා ප්‍රබල අර්ථයක්. මෙතනින් තමයි සුභාවිත ගීතය වලපල්ලට යෑම ආරම්භ වෙන්නේ. මම කියන්නේ රජිව් වසන්ත වෙල්ගම කියන ගේය පද රචකයාගේ ගීතයක් දැන් ඉන්න ගායකයෙක් ගිහිල්ලා වැඳ වැටිලා හරි ඉල්ලගෙන ගායනා කරන්න ඕනේ කියලා. නැත්නම් ගීත ටිකක් තියේවි. ලස්සනට ඇහේවි. හැබැයි සමාජ සුභසිද්ධිය ඔහු අතින් වෙලා නැහැ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd