Daniele Barresi වෘත්තීමය වශයෙන් Carving නිර්මාණකරුවෙකි. මේ වන විට 26 වැනි වියේ පසුවන ඔහු ඉතාලියේ ජීවත් වේ. ඔහුට Carving නිර්මාණකරණය පිළිබඳව කැමැත්තක් අැතිවී නිර්මාණයන් ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 07 සිට බවයි සඳහන් වන්නේ. මේ වනවිට Daniele එම අංශය තුළින් ලෝක ශූරයෙකු වී හමාරය.
ඔහුගේ ප්‍රියතම පලතුර වන කොමඩු උපයෝගී කර ගනිමින් ඔහු වැඩි වශයෙන් Carving නිර්මාණයන් සිදුකරයි. කොමඩු උපයෝගී කර ගනිමින් ඔහුට ඕනෑම නිර්මාණයක් කළ හැකි බවයි සඳහන් වන්නේ. ඔහු යන සෑම වෙළෙඳ සැලකින්ම වෙනස්ම වූ ආකාරයට ඇති පලතුරක් හෝ එළවළුවක් මිලදී ගනු ලබන්නේ එමගින් යම්කිසි නිර්මාණයක් සිදුකිරීමට ඇති අරමුණ ඇතිවය.
Daniele හෝටල් කළමනාකරණය පිළිබඳව පාඨශාලාවක් පවත්වාගෙන යන අතර, එහිදී ඔහු විසින්ම Carving පිළිබඳ ඉගැන්වීම සිදුකරයි. එම පාඨමාලාවක් ඇමෙරිකානු ඩොලර් 600 සිට ආරම්භ වන බව සඳහන් වෙයි. ලෝක ශූරයෙකු ලෙස තරග වැදී ජයග්රහණයන් අත් කරගත් Daniele පිළිබඳව බොහෝදෙනා අවධානයෙන් සිටින බව සඳහන් වෙයි.
මෑතකදී සිදුකරනු ලැබූ නිර්මාණයක් හේතුවෙන් ඔහු පිළිබඳව බොහෝදෙනා විස්මිත ලෙස කතාබහ කිරීමට පෙළඹුණි. අලිගැටපේර ගෙඩියක භාගයක් භාවිතයෙන් සිදුකරනු ලැබූ එම නිර්මාණය බොහෝදෙනාගේ පුදුමයට හේතුවක් විය.
රටින් රටට සංචාරය කරන Daniele එම රටවලදී මේ සම්බන්ධව කටයුතු කරන පුද්ගලයන් සමග එක්ව තමන්ගේ හැකියාවන් බෙදාගනු ලබන අතර, ඔවුන්ගෙන් තමන්ට යමක් ඉගෙන ගැනීමට ඇත්නම් ඔහු කිසිදු පැකිලීමක් නොමැතිව එය සිදුකරන බව සඳහන් වෙයි. මේ ආකාරයෙන් ඔහුගේ නිර්මාණයන් ලොව පුරා ප්‍රසිද්ධ වීමත් සමගින් බොහෝ තරු පන්තිවල ඇති හෝටල් කළමනාකාරීත්වයන් එම නිර්මාණ මිලට ගැනීමට උත්සාහ දරා ඇත.
ඔහු තමන්ගේ නිර්මාණයන් සඳහා ඉහළ වටිනාකමක් ලබාදෙන බව බොහෝදෙනා සඳහන් කරති. මෙවැනි ළාබාල වයසකදී සිදුකරන නිර්මාණයන් වල ආකල්පය බොහෝසෙයින් වටිනා බව Carving පිළිබඳ ප්‍රවීණ පුද්ගලයන් විසින් පවසා ඇති බව සඳහන් වේ.
ඔහුගේ එකම සහ ඉදිරි බලාපොරොත්තුව වන්නේ, ඔහුගේ නමින් රූපවාහිනී වැඩසටහනක් ආරම්භ කිරීමයි. ඒ සඳහා කුමන හෝ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් විසින් ආරාධනාවක් ලබාදෙනු ඇතැයි තරයේ විශ්වාස කරන බව Daniele පවසයි. කෙසේවුවත් Daniele ගේ නිර්මාණ හැකියාව ඉතාමත් අධික මිලකට අලෙවි වන අතර, එමගින් තමන්ගේ පාඨශාලාවද දියුණු කරමින් ඔහුගේ සිසුන්ට මේ ක්‍රියාකාරකම් ඉගැන්වීම සිදුකරන බව පවසයි.