ප්රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අද (04දා) පෙරවරුවේ අභාවප්රාප්ත විය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 79කි. අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහුප්රකාශ කළහ.
1956 ලෙස්ටර් ජේම්ස් පිරීස් අධ්යක්ෂණය කළ රේඛාව චිත්රපටියේ සුනිල්ශාන්තයන්හාB.S පෙරේරාගේ සංගීත මුසුවට හඬ එකතු කළේ සිසිර සේනාරත්නය.එම චිත්රපටියට ඔහු ගායනා කළ "ඕලු නෙලුම් නෙරිය රඟාලා" ජනප්රියත්වයේ ඉහළ තලයක ඇති ගීතයකි. චිත්රපටි ගණනාවකට තම හඬ මුසුකරමින්,"ආලෝකේ පතුරා" (හඳපාන),"කොහෙදෝ කියා"(සුදු පරවියෝ),"අම්මා සිහව" (ලේ කඳුළු),"ඈත අහසේ" (හඳපාන),"කෝ යුක්ති ධර්මේ" (පොඩිපුතා),"මංගල මධු" -නන්දා මාලනී සමඟ (සමනල කුමරියෝ),"නුහුරු නුපුරුදු" (ගොළු හදවත),"කෝකිල දේවිය" (දස්කොන්),"පිදුරු සෙවිකළ" (හඳපාන),"ප්රහේලිකාවක් වගේ" (මා ආලේ කළ තරුණිය),"චන්ද්රයා පායා" (හිතටහිත),"මේලෝකේනවාතැනේ (පොඩිපුතා) ඇතුළුචිත්රපටිගණනාවක්වෙනුවෙන්පසුබිම් ගීගායනාකළේය.
ගායනයට අමතරව ඔහු චිත්රපටි සංගීත අධ්යක්ෂණයද සිදු කළේය.