ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය දෙවැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ මෙවරත් නොවැම්බර් 07 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
ජාත්‍යන්තර කීර්තියට පත් සම්මානනීය සිනමා අධ්යක්ෂවරුන් රැසකගේ මෙන්ම දේශීය නිර්මාණකරුවන්ගේ චිත්‍රපට සමගින් චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක් නැරඹීමේ අවස්ථාව මෙහිදී ප්‍රේක්ෂකයන්ට උදාවේ. කොළඹ රීගල් සිනමා ශාලාව, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාව මැජෙස්ටික් සිටි සිනමා ශාලාව, ආකේඩ් එම්පයර් ශාලාව මෙන්ම ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය (SLMTI) යන සිනමා ශාලාවලදී ප්‍රදර්ශනය කෙරෙන මෙම සියලු චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට නොමිලේ ප්‍රදර්ශනය කරනු ඇත.
මෙරට ප්‍රථම සහ එකම ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ වන කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව, සිලෝන් තියටර්ස් පෞද්ගලික සමාගම සහ ජපානයේ ඔකිනාවා අන්තර්ජාතික චිත්‍රපට උලෙළ, ප්‍රධාන අනුග්‍රහකත්වය සපයනු ලැබේ. මෙවරද කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළට සමගාමීව විශේෂිත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය කටයුතු සංවිධානය කොට ඇත.
සිනෙ මේලා ප්‍රදර්ශනය
ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය එදා සිට අද මැයෙන් සිනමා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී නොවැම්බර් 07 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වේ. ජාත්‍යන්තර සම්මාන ලබාගත් වාර්තා චිත්‍රපට මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ශ්‍රී ලංකාව පිළිබඳ නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයක්ද මෙහිදී තිරගත වීමට නියමිතය. ප්‍රවීණ රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ මහතා මෙහෙයවන රංගන ක්‍රම‘වේදය පිළිබඳ දේශනයක්ද මීට සමාගමීව සංවිධානය කොට ඇත.
ප්‍රවීණ කලා අධ්යක්ෂ ධර්මසේන හේමපාල මහතා පිළිබඳ නිපදවූ වාර්තා වැඩසටහන ප්‍රදර්ශනය කිරීම සහ එතුමන්ගේ සේවය ඇගයීමේ උපහාර උලෙළක්, වේශ නිරූපණ ශිල්පී ඩෙරික් ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීමේ උපහාර උලෙළක්ද මීට සමගාමීව ක්‍රියාත්මක වේ. චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා රචිත ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසීමක් ග්‍රන්ථය එළිදැක්වීමද මෙම ප්‍රදර්හනය පරිශ්‍ර‘යේදීම සිදුකිරීමට කටයුතු සංවිධානය කොට තිබේ.
කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ මෙවර විශේෂිත කර්තව්‍යයක් ලෙස ආසියානු සිනමාව ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා සිදුකළ උදාර මෙහෙවර අගයමින් ඉන්දීය සිනමාවේ ශිල්පීන් දෙදෙනෙකු වන ප්‍රවීණ ඉන්දීය සිනමා විචාරිකාවක් වන අරුණා වාසුදේව් සහ ප්‍රවීණ ඉන්දීය සිනමා අධ්යක්ෂ අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් වෙත යාවජීව සම්මාන ප්රදානය කිරීමද සිදුකරයි.
ආසියානු සහ ශ්‍රී ලාංකික සිනමා තරගාවලිය
මෙවර සිනමා උලෙළට සමගාමීව ආසියානු කලාපීය තරගය සහ ශ්‍රී ලාංකේය තරග මැයෙන් තරගාවලියක් පැවැත්වීමටද සැලසුම් කොට තිබේ. විචාරක පැසසුමට ලක්වූ 2014/2015 වර්ෂවල ආසියානු කලාපයේ නිර්මාණය කෙරුණු සිනමාපට අතරින් තෝරාගත් විශිෂ්ටතම සිනමාපට 10 ක් මෙම තරගාවලියේ අවසන් තරගාකාරී අංශය නියෝජනය කෙරෙනු ඇත.
ජයග්‍රාහී විශිෂ්ටතම සිනමාපටය සඳහා සම්මාන ප්රදානය කිරීම සිනමා උලෙළ අවසානයේ සම්මාන රාත්රියේදී සිදුකෙරේ. 2014/2015 වර්ෂවල නිර්මාණය වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අතරින් මූලික වටයේ තරගයෙන් සුදුසුකම් ලැබූ චිත්‍රපට 06 ක් තරගකාරී අවසන් වටය නියෝජනය කෙරෙන අතර, එහි විශිෂ්ටතම චිත්‍රපටය උදෙසාද සම්මාන ප්රදානය කිරීමට කටයුතු යොදා ඇත. අන්තර්ජාතික කීර්තිධර ප්‍රවීණ සිනමාකරුවන්ගෙන් සැදුම්ලත් ජූරියක් විසින් ආසියානු තරගාවලියේ විනිශ්චය කටයුතු සිදුකෙරෙන අතර, ආසියානු සිනමා ප්‍රවර්ධන ජාලය (NETPAC) විසින් පත්කළ විශේෂ ජූරියක් මගින් ශ්‍රී ලාංකේය තරගයේ ඇගයීම් කටයුතු සිදුකෙරෙනු ඇත.
කෙටි චිත්‍රපට තරගාවලිය
කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් දිරිමත් කිරීම සඳහා සිනමා උලෙළ අතරතුර එනම් නොවැම්බර් 09 වැනිදා දින කෙටි චිත්‍රපට දිනය ලෙස නම් කොට එදින උදෑසන 09.00 සිට රාත්‍රී 10.00 දක්වා ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනයේදී (SLMTI) එම නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට නැරඹීමේ අවස්ථාව සලසා තිබේ. දිනය අවසානයේ තෝරාගත් විශිෂ්ට කෙටි චිත්‍රපට 04 සඳහා රීගල් සම්මානය ප්රදානය කෙරෙන අතරම, මාස තුනක් පුරා රිගල් සිනමා ශාලාවේදී එම නිර්මාණ තිරගත කිරීමේ අවස්ථාවද එම නිර්මාණකරුවන් වෙත ලබාදීමට සිලෝන් තියටර්ස් පෞද්ගලික සමාගම කටයුතු සංවිධානය කොට ඇත.
මේ සියලු අංගයන්ගෙන් සමන්විත කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට අවශ්‍ය සියලු කර්තව්‍යයන් මේ වනවිට සැලසුම් කොට තිබේ. කොළඹ රීගල්, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී යන සිනමා හල්වල උදෑසන 10.00, දහවල් 1.00, සවස 4.00 , රාත්‍රී 7.00 සහ රාත්‍රී 9.30 යන දර්ශන වාර යටතේ චිත්‍රපට දර්ශන පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර මැජෙස්ටික් සිටි, ආකේඩ් එම්පයර් යන සිනමාහල්වල උදෑසන 10.00, දහවල් 1.00, සවස 4.00 සහ රාත්‍රී 7.00 දර්ශන වාර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය ((SLMTI) ශාලාවේදී කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට දර්ශන නැරඹීමේ අවස්ථාව ඇත. මෙම සියලු දර්ශන වාරවල චිත්‍රපට නැරඹීමට අවශ්‍ය ප්‍ර‘වේශපත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කොට ඇති අතර කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පිහිටා ඇති ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ කාර්යාලයෙන් උදෑසන 9.30 සිට සවස 5.30 අතර කාලය තුළ එම ප්‍රවේශ පත් පැමිණ ලබාගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදී ඇත.