වේදිකාව, සිනමාව හා ටෙලිනාට්‍යය යන මාධ්‍ය කිහිපයටම රංගනයෙන් දායක වන ඔහු ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගය. හෙතෙම රංගනයෙන් දායක වන %එක දවසක අපි^ සිනමා නිර්මාණය මේ දිනවල තිරගත වෙයි. මේ කතාබහ ඒ වෙනුවෙනි.
Q ඔබ රංගනයෙන් දායක වන 'එක දවසක අපි' සිනමා නිර්මාණය ගැන මුලින්ම කතා කළොත්
ලංකාවේ පළමු වතාවට මොබයිල් ඇප් එකක් සඳහා කළ චිත්‍රපටය බවට පත්වෙන්නේ මේ චිත්‍රපටය. මෙය මොබයිල් චිත්‍රපටයක්. මම හිතන්නේ මේ චිත්‍රපටය සිනමාවේ ඉදිරි ගමන වෙනුවෙන් සිදුකළ තවත් එක් පර්යේෂණාත්මක කටයුත්තක් විදියට. මොබයිල් ඇප් එකට මේ චිත්‍රපටය දාන්න පෙර සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරනවා. ඒකට හේතුව චිත්‍රපටයක් කියන්නේ රිදී තිරයේ තිරගත විය යුතු දෙයක්. පසුව මේ චිත්‍රපටය තමන්ගේ දුරකථනයෙන් බලන්න පුළුවන් අවස්ථාවක් හිමිවෙනවා. එය නව ප්‍රවණතාවක්. ඒ වගේම අලුත් නිෂ්පාදකයන් සිනමාව සඳහා ගෙන්වා ගන්නා තවත් එක් ක්‍රමයක්. සිනමාව ඉදිරියට ගමන් කරද්දි මෙවැනි නව දේවල් සිදුකළ යුතුයි. ලෝකයේ තාක්ෂණය තියෙන්නේ එතැන. ඒ තාක්ෂණයත් එක්ක අපට කරන්න පුළුවන් දේවල් අපි කළ යුතු වෙනවා. එය අද වන විට සාර්ථක වී තිබෙනවා.
මේ චිත්‍රපටයේ කතා තේමාව වෙන්නෙත් ආදරය. ආදරවන්තයන්ගේ මාසයේ සිනමා ශාලාවලට පැමිණි මේ චිත්‍රපටය තුළ වර්තමාන ආදරය මුහුණ පාන අතීත ප්‍රශ්නයක් කතා කරනවා. අපි දියුණු සමාජයක් ලෙස ඉදිරියට යන විට ආදරය ඇතුළු සියලු මානව සබඳතා දියුණු විය යුතුයි. ශිෂ්ටාචාර සම්පන්න මිනිසුන් බිහිවෙන්නෙ මානව සබඳතාවල තිබෙන දියුණු බවත් එක්ක. ඒ සබඳතා දෘෂ්ටිවාදවලින් මිදිය යුතුයි. එහෙම සිදුවුණොත් තමයි පටු අදහස් සමාජයෙන් ඉවත් වෙන්නේ. මුල්බැස ගෙන තිබෙන අතාර්කික සමාජ මතවාද බිඳ වැටෙන්න ඕන. එසේ සිදුවී නිදහස් නිවහල් චින්තනයක් ඇතිවිය යුතුයි. එහෙම සිදුවුවොත් ජාතියක් ලෙස අපට ඉදිරි ගමනක් තිබෙනවා. ඒ ආශ්‍රය කරගෙන තමයි මේ සිනමා නිර්මාණයේ කතා තේමාව දිග හැරෙන්නේ. ඒ වගේම මෙයට පාදක වෙන්නේ සත්‍ය කතාවක්. අධ්යක්ෂවරයා විසින් ප්‍රතිනිර්මාණයක් ලෙස ඉදිරිපත් කරන්නේ ඒ සත්‍යය කතා පුවත. මේ මහ පොළොව තුළ මෙය සිදුව තිබෙනවා. අපි සමාජයට කියන්නේ මේ අත්දැකීම මේ විදියට විඳගන්න කියලා නෙමෙයි. මෙය නරඹා ඉදිරියේදීත් පටු අදහස් එක්ක ජීවත් වෙනවාද නැද්ද කියන කාරණය හිතන්න කියලා.
Q මෙය මොබයිල් ඇප් එකක් සඳහා නිර්මාණය කළ සිනමා පටයක් වුණත්, නිම කළ කෙටි කාලයක් තුළ සිනමා ශාලාවල ප්‍රදර්ශනය වෙනවා
මේ සිනමා නිර්මාණය රූගත කරන්නත් වැඩි කාලයක් ගතවුණේ නැහැ. ඒ වන විට මම ගිරිවැසිපුර චිත්‍රපටයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ චරිතයට රංගන දායකත්වය ලබා දෙන අතරතුරදී තමයි මේ චිත්‍රපටය රූගත කළේ. මේ චිත්‍රපටය රූගත කරන්න කෙටි කාලයක් ගියාට ඉතාම සැලසුම් සහගතව හා කණ්ඩායමක් විදියට කළ වැඩක්. ඒ නිසා තමයි මේ චිත්‍රපටය සාර්ථක චිත්‍රපටයක් ලෙස තිරගත කරන්න හැකියාව ලැබුණේ. ඉතා දුෂ්කර ප්‍රදේශවල පවා රූගත කිරීම් සිදුකළා. මේ චිත්‍රපටය කතා කරන තේමාව නිසා ඉතා ඉක්මනින් තිරගත කරගන්නත් හැකියාව ලැබුණා. ගිය අවුරුද්දේ මැයි මසයේ තමයි මෙහි රූගත කිරීම් සිදුකළේ. මෙය මාස හයකින් පමණ තිරගත වූ චිත්‍රපටයක්. හොඳ චිත්‍රපටවලට ඉඩක් තියෙනවා කියන දේ තමයි එයින් පෙනෙන්නේ.
Q නමුත් දීර්ඝ කාලයක් පුරා සමහර විත්‍රපට පොලිමේ තිබෙනවා. ඒ වගේම බෙදා හැරීමේ ක්‍රමවේදය තුළත් ගැටලු තිබෙනවා
ඔව්, එහිත් අර්බුද තිබෙනවා. සමහර අවස්ථාවල බෙදාහැරීමේදී දේශපාලන මැදිහත්වීම් සිදුවෙනවා. සමහර අවස්ථාවලදී හරයක් නැති නිර්මාණවලට මුල්තැන ලැබෙනවා. ඉතා හොඳ නිර්මාණ තිරගත කරන්න කාලාන්තරයක් බලන්න සිදු වෙනවා. එහෙම සිදුවුණාම නිෂ්පාදකවරුන් එවැනි නිර්මාණවලට මුදල් යොදන්න මැළිවෙනවා. එසේ නොවී නිෂ්පාදකවරුන් දිරිමත් කරන්න නම් හොඳ චිත්‍රපට තිරගත කරන්න අවකාශය ඉක්මනින් ඇති විය යුතුයි. එහෙම වුණොත් තමයි නිෂ්පාදකවරුන් තවත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න යොමුවෙන්නේ. රජය මැදිහත් වීමෙන් මේ ගැන කතිකාවක් ඇති වුණොත් මේ තත්ත්වය යහපත් අතට හැරෙයි කියලා මම හිතනවා.
'එක දවසක අපි' චිත්‍රපටය සඳහා ලැබුණේ සියයට සියයක් සාර්ථක ඉඩක් නෙමෙයි. ගැප් රිලීස් එකකට (සිනමා නිර්මාණ දෙකක් අතර අවස්ථාවක්) අවකාශයක් සැලසුණා. මේ චිත්‍රපටය කළේ මොබයිල් ඇප් එකකට. මෙය තිරගත කරන්නම හදපු චිත්‍රපටයක් නෙමෙයි. ඒ නිසා මේ චිත්‍රපටයට කෙලෙසකවත් මෙය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ සිනමා නිර්මාණය හොඳ නිසා මේ සිනමා නිර්මාණය නරඹන ප්‍රවණතාවක් ප්‍රේක්ෂකයන් දක්වනවා. ඒ නිසා මෙය තව ටික කාලයක් තිරගත වෙයි. විශාල චිත්‍රපට පෝලිමක් තිබෙන නිසා තමයි මේ ගැප් රිලීස් කියන දේ ඇතිවෙලා තියෙන්නේ. චිත්‍රපට තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් පෝලිමේ තිබෙනවා. ඉන් චිත්‍රපට එකසිය පනහක්, දෙසීයයක් පමණ තිරගත කළ නොහැකි මට්ටමේ තිබෙන නිර්මාණ. අඩුම තරමින් ඉන් චිත්‍රපට සියයක් හෝ තිරගත කළ හැකි මට්ටමේ තිබෙන නිර්මාණ. ඒ චිත්‍රපටවලටත් බොහෝ වෙලාවට ගැප් රිලීස් එකක් තමයි ලැබෙන්නෙ. මේ එක්කම තවත් චිත්‍රපට නිර්මාණය වෙමින් පවතිනවා. ඒකයි මම සිනමා ශාලාවන් ඇති විය යුතුයි කියන්නේ. ආදායම් වාර්තා තිබුණු නිර්මාණත් තිබෙනවා. කර්මාන්තයක් ලෙස මෙය දියුණු කරගන්න කටයුතු කළ යුතුයි. ඒ නිසා තමයි රාජ්‍ය අංශයට මැදිහත්ව මේ දේවල් කරන්න කියලා අපි ඉල්ලීම් කරන්නෙ.
Q ඒ වෙනුවෙන් කලාකරුවන් මූලිකව සංවිධාන නිර්මාණය කර ගනිමින් විවිධ කටයුතු සිදු කරනවා
ඔව්, අපි කලාකරුවන් එකතු වෙලා සංවිධාන කටයුතු සිදුකර ගෙන යනවා. ඒ වගේම රංගන පාසලක් ඉදිකිරීමේ කටයුතු රජයට ඉදිරිපත් කර තිබෙනවා. එහි විෂය නිර්දේශ හදන කමිටුව තුළ මමත් හිටියා. ඒ වගේම අපි සිනමා ශාලා අලුතෙන් හදලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබෙනවා. මේ වන විට සී.එල්. මණ්ඩලය හා ඊ.ඒ.පී. මණ්ඩලය යන මණ්ඩල දෙකේම සිනමා ශාලා අලුතෙන් හදනවා. ඒ වගේම මම දැක්කා අපේ මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා පැරණි සිනමා ශාලා අලුත්වැඩියා කරමින් සිටිනවා. මේක ඉතා හොඳ ව්‍යාපාරයක්. මම දන්නේ නැහැ ව්‍යාපාරිකයන්ගේ ඇස් මේ දෙසට යොමුව නැත්තේ ඇයි කියලා. මෙයට ආයෝජනය කරන්න යොමුවෙන්නේ අතළොස්සක්. මෙයට ආයෝජනය කර සිනමා කර්මාන්තය ඉදිරියට ගේන්න පුළුවන් නම් මම හිතනවා රජයට ජනතාව මත අනවශ්‍ය බදු බරක් පැටවිය යුතු නැහැ කියලා. ලෝකයේ දියුණු රටවල් බොහෝ ප්‍රමාණයක් මේ සිනමා කර්මාන්තය එරටේ ආර්ථිකය දියුණු කරන්න භාවිත කර තිබෙනවා.
අපේ රටේ යම් යම් දේශපාලඥයන්ගේ අමනෝඥ ක්‍රියාකලාප නිසා සිනමාව මේ තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ වගේම රටේ පැවැති වාතාවරණයත් එයට බලපා තිබෙනවා. රාජ්‍ය අංශයත්, පෞද්ගලික අංශයත් කලාකරුවනුත්, ප්‍රේක්ෂකයනුත් එකතු වී මේ තුළ විප්ලවයක් සිදුවිය යුතුයි. එය සිදුවෙන්න නම් අපට වෙන්වූ වගකීම් රාශියක් තිබෙනවා. කලාකරුවන් හොඳ නිර්මාණ බිහිකර යුතුයි. නිෂ්පාදකවරුන් හොඳ නිර්මාණවලට මුදල් යෙදවිය යුතුයි. රජයේ වගකීමක් තිබෙනවා මේ නිර්මාණ පෙන්විය හැකි පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට. ප්‍රේක්ෂකයන්ගේ වගකීමක් තිබෙනවා ඒ හොඳ නිර්මාණ සිනමා ශාලාවල ගිහින් බලලා නිෂ්පාදකයන් සහ නිර්මාණකරුවන් දිරිමත් කරන්න. මේ සියල්ල සිදු වුණොත් මේ රටේ සිනමාවට මීට වඩා ඉදිරියක් තියෙයි.
Q මේ කාරණාවලට කලාකරුවන් මැදිහත් වෙන්නේ චිත්‍රපට සංස්ථාවෙන් මේ කටයුතුවලට නිසි ලෙස මැදිහත් නොවන නිසාද
චිත්‍රපට සංස්ථාව සම්බන්ධයෙන් අර්‘බුද රාශියක් තිබෙනවා. නමුත් ඔවුනුත් කිසියම් උත්සාහයක් දරනවා. පවතින පනත් කෙටුම්පත් එක්ක තමයි ලොකු ප්‍රශ්නයක් ඇති වී තිබෙන්නේ. ඒ තුළ තිබෙන නීති සම්ප්‍රදායන් යල්පැන ගිය ඒවා. ඒවා යාවත්කාලීන කළ යුතුයි. ඒ වගේම සිනමාව සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇති කළ යුතුයි. පවතින දේශපාලන ව්‍යූහය හා පරිපාලන ව්‍යූහය එක්ව කලාකරුවන් එක්ක සාකච්ඡා කරන නිවැරදි කතිකාවක් ඇතිකර ගත්තොත් ඊට නිවැරදි පිළිවෙත් යෙදිය හැකියි කියලා මම විශ්වාස කරනවා.