'ෆේස් ටු ෆේස්' අධ්යක්ෂ හර්ෂ උඩකන්ද
හර්ෂ උඩකන්ද යනු නවක අධ්‍යක්ෂකවරයෙකි. ඔහුගේ පළමු චිත්‍රපටය වන 'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටයෙන් පසුව ඔහුගේ දෙවැනි චිත්‍රපටය වන 'ෆේස් ටු ෆේස්' හි වැඩකටයුතු මේ වන විට අවසන්ව තිබේ. 'ෆේස් ටු ෆේස්' පළමු වශයෙන් තිරගත වනු ලබන්නේ විදෙස් රටක වන අතර, ඊට පසු තවත් රටවල් කිහිපයක එළිදැක්වීමට නියමිතව තිබේ. මේ ඒ පිළිබඳව කතාබහ කිරීමට හර්ෂ අපත් සමග එකතු වූ මොහොතකි.
Q මුලින්ම ඔබේ දෙවන චිත්‍රපටය වන 'ෆේස් ටු ෆේස්' ගැන කතා කරමු?
මේ චිත්‍රපටය මගේ පළමුවැනි චිත්‍රපටයට වඩා සම්පූර්ණ වෙනසක් කතාවක්. මෙය ලංකාවේ වැඩිම සටන් ජවනිකා ඇතුළත් චිත්‍රපටය වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවට අලුත් තාක්ෂණික ක්‍රම කීපයක් මෙම චිත්‍රපටය ඔස්සේ අපි හඳුන්වා දෙනවා. ලංකාවේ මෙතෙක් කලක් භාවිත නොකළ දෘෂ්‍ය ප්‍රයෝග විශාල ප්‍රමාණයක් අපි මෙම චිත්‍රපටය සඳහා භාවිත කරලා තියෙනවා. රොෂාන් රණවන සාම්ප්‍රදායික පෙම්වතාගෙන් මිදිලා දුෂ්ට චරිතයක් සඳහා දායක වෙනවා. මම හිතන්නේ නැහැ ප්‍රේක්ෂකයන් ඔහුගෙන් මේ වගේ රංගනයක් බලාපොරොත්තු වුණා කියලා. ශ්‍රියන්ත මෙන්ඩිස්, දිනෙත් ද සිල්වා, ඕෂදී හිමාෂා සහ ශෙහානි පෙරේරා මේ සඳහා දායක වෙනවා. මෙය ශෙහානිගේ පළමු චිත්‍රපට අත්දැකීම. ලාංකීය සිනමාවට මෙය වෙනස්ම විදියේ කතන්දරයක්. එහි තව වෙනසක් වෙනවා. අපි සැලසුම් කරගෙන ඉන්නේ ලංකාවේ ප්‍රදර්ශනයට කලින් විදෙස් රටවල් සඳහා චිත්‍රපටය මුදාහැරීමට. මම හිතන විදියට ඒ වගේ දෙයක් සිදුවෙන්නේ පළමුවැනි වතාවට.
Q විදෙස් රටවල ප්‍රථමයෙන් ප්‍රදර්ශනය වීමට හේතුව ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනයට බොහෝ කාලයක් ගතවීමද?
නැහැ. ඒකමත් නෙවෙයි හේතුව. අපි දැකලා තියෙනවා අපේ චිත්‍රපට ලංකාවේ විතරක් සීමා සහිතවයි ප්‍රදර්ශනය වෙන්නේ. නමුත් ඉන්දියාව ඇතුළු විදෙස් රටවල නිර්මාණ ඒ ඒ රටවල්වල සහ තවත් විදෙස් රටවල්වල ප්‍රදර්ශනය කරනවා. එයින් ඔවුන් විශාල ආදායමක් උපයනවා. මෑතකාලීන හොඳම උදාහරණයක් තමයි 'කබාලි' කියන චිත්‍රපටය. ලංකාවේ ප්‍රදර්ශනයට කාලයක් යන එක නෙමෙයි, අපට අවශ්‍ය වුණේ මෙය ජාත්‍යන්තරයට ගෙනයාමට. ලංකාවේ සිනමාව දැන් දියුණුයි කියන දේ ලෝකයට පෙන්වීමට අවශ්‍ය වුණා. එයට දරපු පුංචි උත්සාහයක් තමයි 'ෆේස් ටු ෆේස්' කියන්නේ.
Q මෙය වාණිජමය වශයෙන් වෙන්වූ චිත්‍රපටයක්ද?
මෙය පවුලේ සැමට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය තුළ, ආදරය, වීරත්වය, හාස්‍යය ඇතුළු වාණිජ සිනමාවේ තියෙන පොදු ලක්ෂණ හැමදෙයක්ම තියෙනවා. ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන් හොයන විදියේ නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
Q අද නිර්මාණය වන බොහෝ සිනමා නිර්මාණ බලනවිට ප්‍රේක්ෂකයන්ට ඉන් ගත යුතු දේ අවමයි. ඔබ වගකීමකින් සඳහන් කරනවාද මෙය ඉන් එහා ගිය නිර්මාණයක් බව?
ඔව් අනිවාර්යෙන්ම. ඒකට හොඳ උදාහරණයක් තමයි ලංකාවේ ප්‍රදර්ශනය වීමටත් පෙර විදෙස් රටවලින් චිත්‍රපටයට ඉල්ලුමක් ඇතිවීම. අපි රටවල් 4ක මෙය ප්‍රදර්ශනයට සැලසුම් කර තිබෙනවා. මැයි මාසයේ සිට අප මෙම ප්‍රදර්ශන කටයුතු ආරම්භ කරනවා. ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වගේ රටවල් වලිනුත් අපේ චිත්‍රපටය ඉල්ලලා තියෙනවා. ඒක ඉල්ලන්නත් විශේෂ හේතුවක් තිබෙනවා. මම හිතනවා ලංකාවේ සිනමාවේ මෙවැනි දෙයක් මීට පෙර සිදුවුණේ නැහැ. ඒකම මෙහි විශේෂත්වයක් විදිහට මම දකිනවා.
Q පළමුවැනි චිත්‍රපටය එළිදක්වා කෙටි කාලයකින් තමයි ඔබේ දෙවැනි චිත්‍රපටය ආරම්භ වන්නේ. එයට හේතුව කුමක්ද?
පළමු වැනි චිත්‍රපටයෙන් තමයි දෙවන චිත්‍රපටයට එන්න පාර කැපුණේ. පළමු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය නිකුත් කරපු වෙලාවේ 'ෆේස්ටු ෆේස්' නිෂ්පාදකතුමා වන ෂර්මාල් දිල්ෂාන් මාව හොයාගෙන ඇවිල්ලා තමයි මේ චිත්‍රපටය පවරන්නේ. පළමුවෙනි චිත්‍රපටය නිකුත් කරන්නත් කලින් තමයි අපි මෙම චිත්‍රපටය සැලසුම් කරන්නේ. අපි ගොඩක් කල් මේ චිත්‍රපටය සැලසුම් කළා. ගොඩක් අය මේ චිත්‍රපටය වෙනුවෙන් මහන්සි වුණා. 'උලත් එකයි පිලත් එකයි' නිසා ලැබුණ නිර්මාණයක් තමයි මේ සිනමා නිර්මාණය.
Q 'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටය සාර්ථකද?
පළමු නිර්මාණයේ සාර්ථකත්වය නිසා තමයි මට දෙවන නිර්මාණය මෙතරම් ඉක්මනට ලැබෙන්නේ. එය දැකලා තමයි මට මේ සඳහා ආරධනා ලැබෙන්නේ. එය ඇති හොඳම උදාහරණයකට. මගේ නිර්මාණය සාර්ථකයි කියලා ඉන් පැහැදිලි වෙනවා. ප්‍රේක්ෂකයන් එය ඉතා හොඳින් වැලඳගෙන තියෙනවා. මොකද අදටත් එහි DVD පට ඉතා හොඳින් අලෙවි වෙනවා. 'උලත් එකයි පිලත් එකයි' සාර්ථකත්වය තමයි මගේ ගමනෙ සාර්ථකත්වය වෙන්නේ.
Q ලාංකීය සිනමාවේ ඉදිරිය ගැන ඔබේ අදහස?
ලාංකීය සිනමාව ගැන ඇත්තටම දුකක් තියෙන්නේ. ලාංකීය සිනමාවේ තරුණයෝ බිහිවෙනවට මම ඇත්තටම කැමතියි. මොකද තරුණයෝ බිහිවෙනවා කියන්නේ අලුත් දෙයක් බිහිවෙනවා කියන එකයි. එයින් ඉදිරි ගමනට සෑහෙන දෙයක් වෙනවා. එක තැනක අපේ සිනමාව නවතිනවා. 70-80 කාලේ ඉන්දීය සිනමාව හා අපේ සිනමාව කරටකර ගිය යුගයක්. ඒ කාලේ අපේ චිත්‍රපටයක් හා ඉන්දියානු චිත්‍රපටයක් බැලුවොත් ඒ දෙකම එක ස්ථාවරයේ තිබුණා. ඒ වගේම ප්‍රේක්ෂකයිනුත් එය වැලඳගත්තා.
නමුත් 80න් පස්සෙ අපේ සිනමාව කඩාගෙන වැටුණා. ඉන්දියානු සිනමාව දියුණු වුණා. ඒකට හේතුව ඔවුන් යාවත්කාලීන වෙමින් අලුත් දේවල් කළා. අපි රැලි වලට අහු වෙවී එක තැන කොටු වුණා. මගේ අදහස අනුව තරුණ පිරිස් එකතුවෙලා මේ සිනමාව කියන දේ නංවාලීමට අවශ්‍ය වැඩකටයුතු කළ යුතුයි. අපි තරග කළ යුත්තේ ජාත්‍යන්තරයත් සමග. අපේ රටට විතරක් නිර්මාණ කරලා සිනමාව කියන කර්මාන්තය ගොඩගන්න බැහැ. තරුණයන් මේ ක්ෂේත්රයට ඇවිත් අලුත් දේවල් කරන්න ඕන. සිංහල චිත්‍රපටයක් කීවාම ඈලි මෑලි වෙන ගතියක් තියෙනවා. අන්න ඒ දේ නැති කරලා අපි අලුත් ගැම්මක් ඇතිවෙන විදියට වැඩකටයුතු කළ යුතුයි.