The inspiration of mahesh ganganath photography සිතුවම් දැක්ම ලයනල් වෙන්ඩ්ට් හැරල්ඩ් පීරිස් ශාලාවේදී මාර්තු 11, 12, 13 දිනයන්හිදී පැවැත්වේ. ඒ පිළබඳව කතාබස් කරනට අපි මහේෂ් ගංගානාත් අද හා සම්බන්ධ කරගතිමු. මේ කතිකාව ඡායාරූප කලාව පිළිබඳවයි.
සොබාවට ළඟ කළුසුදු සේයාරූ
ඡායාරූපයට ස්වාභාවික වස්තූන් එක්ක තිබෙන සම්බන්ධතාව ගොඩක් වැඩියි. ඉන්ද්‍රජාලික ඉසව්වක්නෙ තියෙන්නෙ. මල් වෙඩි වගේ තමයි. ආපු ගමන් යනවා. ඡායාරූපයකට ප්‍රේක්ෂාව වැඩිවෙන තරමට තමයි එහි බලය තියෙන්නෙ. ස්වාභාවික වශයෙන් සම්බන්ධ වුණාම ඒ ප්‍රේක්ෂාව ගොඩක් වර්ධනය වෙනවා. ශ්‍රේෂ්ඨ ඡායාරූප ශිල්පීන් හැමකෙනෙක්ම පාහේ ස්වාභාවික දේවල් සමග සම්බන්ධ වෙලා තමයි කලාව වර්ධනය කරගත්තෙ. අපේ ආට් පිරිහිලා තියෙන හේතුවක් තමයි දැන් ඡායාරූපයක් කියල හිතන්නෙම ඉන්ද්‍රජාලික දේවල් වීම. ඒවා ආපු වේගෙන්ම යනවා. එනිසාම තමයි මම සොබාවික දේවල් එකතු කරලා කළු සුදු ඡායාරූප ලෙසින් ඉදිරිපත් කරන්නෙ. එහෙම කරන්නෙම ආට් පැත්ත මේ පොළවට දෙන්න ඕන නිසයි.
රූප භාෂාව කතා කරවමු
මට ඕන වුණේ සොබාවික දේවල්වලින් ආට් එක සංවර්ධනය කරන්න. අ යන්නෙ ඉඳලම ආට් එක දියුණු කිරීම සඳහා තමයි කළු සුදු හරහා උත්සාහ කරන්නෙ. එහිදී අපේ පොළවෙන් ගත්ත ආට් එකක් තමයි මම නිර්මාණශීලීව යොදාගන්නෙ. රූප භාෂාව සුද්ධ පවිත්‍ර කරලා හරි විදියට ගොඩදාන්නයි මගේ උත්සාහය.
මං පොර න්‍යාය
අපේ තියෙන්නෙ කලාව නෙවෙයි. කවුරුහරි ඉල්ලන විදියට දෙන එකක්. හැම වෙලාවෙම තියෙන්නෙ මං පොර න්‍යාය. මගේ රූපෙ කොහොම තිබ්බත් මට ඒක මාරයි. වෙඩින් කපල් එක කොහොම හිටියත් ඒ දෙන්නට ඒක මරු. අපි දැනගන්න ඕනෙ ඡායාරූපයක් කතා කරවන්න. කතාකරන පින්තූර තමයි වැදගත්ම දේ. ඡායාරූපයක් කියන්නෙ මැරුණු සංඥාවක්. එම මැරුණු සංඥාවට සංඥාකාරක බොහොමයක් සපයා තිබෙනවා. එක ඇතුළෙදි මට ඕනෙ අවකාශය වැඩි කරන්න. මගේ ඡායාරූපයක ලොකු අවකාශයක් තබා තිබෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් එය අනවශ්‍ය අවකාශයක් බව. මම OBJECT අතර සම්බන්ධතාවට වැඩි ඉඩක් තබා තිබෙනවා.
නිදහසේ රසවිඳින අවකාශ
ඒ ඉඩ තබා තිබෙන්නෙ නිදහසේ රසවිඳින්නට අවකාශය ඉතිරි කිරීමයි. හැමවෙලේම ලාංකිකයක් විදියට බලන්නෙ ඊළඟට ඊළඟට කියන විදියට. METANOMICALY හිතීමක් තමයි අපිට තියෙන්නෙ. එනිසාම තමයි පන්සල්වල පේකඩවල් විදියට පෙරහරවල් තියෙන්නෙ. යුරෝපීය පැත්තට ගියාම ඔවුන්ගේ අවකාශය වැඩියි. පල්ලි හරි උසයි එතකොට අවකාශය වැඩියි. හිතනව වැඩියි. අපි ආදරය කරන ගෑනු ළමයත් එක්ක ඉන්නකොට අපිට වෙලාව යනවා තේරෙන්නෙ නෑ. එතකොට අවකාශය වැඩියි. නමුත් අපි අකැමති කෙනෙක් එක්ක ඉන්නකොට වෙලාව යනව අඩුයි.
එතකොට මං මගේ ෆොටෝවල අවශ්‍ය කරන වස්තුව හා පසුබිම අතර අවම මට්මකින් තියල මං මට ඕන කතාව ඒක ඇතුළෙන් දෙන්න උත්සාහ කරනවා. මං තියෙන දේවල් අයින් කරල තියෙනවා. නමුත් අලුතෙන් දේවල් එකතු කරල නෑ. ආලෝකය හොඳටෝම හසුරුවාගෙන එහි තත්ත්වය හසුරුවාගෙන තමයි මගේ දේවල් මෙයට ඔබ්බවන්නෙ.
සරු මල්ලෙන් කියවීම
අපි දෙයක් කියවගන්නෙ අපි ගාව තියෙන දේවල් එක්ක. අපේ මල්ල සරුවෙන තරමට තමයි අනිත් අය අපිව කියවන්න පටන් ගන්නෙ. පාවෙන පීරිසයක් ආවම පාවෙන පීරිසියෙ තියෙන දේවල්වලින් එය කියවගන්න බෑ. ඒ දේ නොවන දේවල්වලින් තමයි අපි අනිත් අයට කියන්නෙ. එය රවුම් කියයි. පීරිසයක් වගේ කියයි. ඒ ඔක්කොම අපි ගාව තියෙන දේවල්නෙ. අපි ගාව තියෙන දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න අපිට පැහැදිලි කරන්න පුළුවන් ප්‍රමාණය වැඩිවෙනවා. එතකොට අපි කලාව ගැන හිතන්නැතුව සල්ලි පස්සෙම දුවන එකයි කරන්නෙ. අපි සල්ලි පස්සෙ දුවන්න දුවන්න සල්ලි අපෙන් ඈත් වෙනවා. සල්ලි නැතුව අපි කරන වැඩේ හරියට කළාම නිකම්ම මිලක් නියම වෙනවා.
වෙඩින් ෆොටෝ එකක් කියන්නෙ කපල් එක රසවිඳල ඉවරවෙන එකක් නොවිය යුතුයි. ඒක බලන හැමෝටම රසවිඳින්න පුළුවන් දෙයක් විය යුතුයි. ඡායාරූපවලට කතා කරන්න පුළුවන් විය යුතුයි. ඒව කරන්න නම් ආට් තියෙන්න ඕන. ශිල්පියෙකුට පුළුවන් ඕන දෙයක් කරන්න. වඩුවා ශිල්පියෙක් නම් ඇණ ගහන්න ඕන තැන දන්නව නම් ඔහුට පුටුවක් හදන්න පුළුවන්. හැබැයි ඒකෙ වාඩිවෙනව ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ. ලස්සනක් නෑනෙ. හැබැයි ඒක හැමෝටම වාඩිවෙන්න හිතෙන පුටුවක් වෙන්න නම් ඒකට කලාව තියෙන්න ඕන.
අයින්ස්ටයින් සහ බීතෝවන්
ඇල්බට් අයින්ස්ටයින්, අයින්ස්ටයින් වෙන්න නං අනිත් පැත්තෙ බීතෝවන් ඉන්න ඕන. එතකොට බීතෝවන් හින්ද අයින්ස්ටයින් ඉන්නවා. මොළේ දකුණත් තියෙන්න ඕන. වමත් තියෙන්න ඕන. ශිල්පියෙකුට පුළුවන් ඡායාරූප කලාව ඇතුළෙ ගෝල්ඩන් පොයින්ට් එකක් නිර්මාණය කරන්න. නමුත් එයට රහක් දෙන්න සුවඳ තියෙන්නෙපැයි. ඒ සුවඳ හදන්න පුළුවන් ආට් එක තියෙන්න ඕන. ඕනම පින්තූරයක් බලල හැමකෙනෙකුටම ඒක ඉඹින්න පුළුවන් වෙන්න ඕන. දැන් කරන්නෙ අපේ කවුරුහරි ඉන්නව නම් අපි ඒ ෆොටෝ එක ගැන කතා කරනවා.
අපේ අම්ම තාත්ත ඉන්නව නම් ඒක ෆොටෝ එකක් වෙනවා. ඒ කිසිම කෙනෙකුට අයිති නැති ඡායාරූපයක් කොහොමද අපි අල්ලගන්නෙ. ඒ ඡායාරූපය කතාකරන තැනට අපි පත්කරන්න ඕන. විශ්ව භාෂාවේ පළවෙනි අකුරු ටිකහරි ඒකෙ තියෙන්න ඕන. ඡායාරූප කියන්නෙ රූප භාෂාවක්. ඒ රූප භාෂාව ඇතුළෙ අකුරු එකතු කරල වචන හදනවා. වචන එකතු කරල කවි ලියනව වගේ මේක ඇතුළෙ ලියවෙන කවි ලෝකෙ ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. එහෙම නැතිවුනාම මගේ ආතල් මට ආතල් විතරක් වෙනවා. වෙන කාටවත් ඒකෙන් වැඩක් නෑ. එතනින් එහාට යන්න නම් ෆොටෝග්‍රැෆි නොවන අනිත් සේරම දේවල් තියෙන්න ඕන.
පිළිවෙළින් ඇන්දූ සේයාරූ දරුවෝ
අනිත් කාරණය තමයි මගෙන් එළියට යවන ෆොටෝ දරුවෙකු ලෙසින් සලකන්න ඕන. මගේ දරුවා උපරිමයෙන් අන්දල සමාජයට දාන්න ඕන. රෙදි නැති ළමයි මං එළියට යවන්නෙ නෑ. මට වගකීමක් තියෙනවා දරුවෙක් ඒ විදියට එළියට දාන්න. අපේ අයට දැනෙන්න කතිකාවක් හදන්න කළු සුදු දැම්මෙත් ඒකයි. පාට දැම්මාමත් ඒක බලල ඉවරයක් කරනවා. මගේ එක ඡායාරූපයක් ඇතුළෙ ඇතිවෙනකම් ඉන්න පුළුවන්නම් ඒකයි මගේ උත්සාහයේ සාර්ථකත්වය.
සොබාවික ලක්ෂණයන්ගෙන් පිරිච්ච දේවල්වලින් ප්‍රේක්ෂාව වැඩි කරගන්න පුළුවන්. ප්‍රේක්ෂාව වැඩි කරගන්න නම් සොබාදහමෙන් දේවල් ගන්නෝන. ඉන්ද්‍රජාලික දේවල්වලින් වැඩි දෙයක් ගන්න නෑ. මගේ ඡායාරූපවල රෙද්දක්වත් නෑ. ගස් කොලන්වල ඉඳල ගැහැනු රිද්මය දක්වාම එහෙමයි. මගේ ප්‍රදර්ශනය ලයනල් වෙන්ඩ්ට්හිදී මාර්තු 11 12 13 දිනයන්හිදී පැවැත්වෙනවා. අපේ ජීවිතේට වඩා ලොකු තැනක ඉඳලා බලන්න පුළුවන් උපරිම සීමාවේ රසවිඳන්න අවස්ථාව සලසාදී තිබෙනවා. මම මගේ වැඩ කරගෙන යනවා. ඒක ඕන අය මගෙන් ඉල්ලයි.
මං දන්නෙ නෑ මොන පාරෙ යනවද කියල. මම කරන්නෙ හරි දේ හරි විදියට කරන්න උත්සාහ කරන එක. ඒක ඇතුළෙ මට ලැබෙන දේවල් ගැන බලාපොරොත්තුවක් නෑ. මම කරන්නෙ ඔර්ජිනල් දෙයක්. එය කැමති අයට කැමති හැඩයකට යොදාගන්න පුළුවන්. මම මැටි දෙන්නෙ. ඕන කෙනෙකුට ඕන දෙයක් අඹාගන්න පුළුවන්.
0779754349