වසන්ත දුක්ගන්නාරාළ කියන්නේ කලා ක්ෂේත්රය තුළ විවිධ වු භූමිකා නිරූපණය කළ ශිල්පියෙකි. හාස්‍යමය රංගනයට ඉඩකඩ විවර වූ දෙරණ කොමඩි ස්ටාර් රියලිටි වැඩසටහනේ හාස්‍යමය රංගනය ගැන ඔවුනට ඇති හැකියාව විදහා දක්වන්නටත්, එහි ජයග්‍රාහකයන් බවට පත්වන්ටත් දුක්ගන්නාරාලට සහ අජිත් ලොකුගේට හැකියාව ලැබුණි. මේ කතාබහ ඒ ගැනය.
Q දෙරණ කොමඩි ස්ටාර් රියලිටි තරගයේ කිරුළ දිනා ගැනීම දක්වා පැමිණි ගමන් මග ගැන මතක් කළොත්
දෙරණ නාළිකාවෙන් ජනප්‍රිය පිරිසකට මේ වැඩසටහනට ආරාධනා කරනවා. ඒ ආරාධනාවට තමයි අපි මේ රියලිටි තරගයට යොමු වුණේ. එහෙම ආරාධනා කරපු අය අතර වෘත්තීමය වශයෙන් ප්‍රහසන රංගනයේ යෙදෙන්නේ නැති දෙදෙනෙක් ලෙස තමයි මම සහ ගාමිණී ලොකුගේ දකින්නේ. අපි එය අභියෝගයක් ලෙස භාරගත්තා. කොමඩි නාට්‍ය කියලා අපි බලද්දි අපිට පෙනෙන්නේ දෙපිට කැපෙන කුණු හරුප සහ වෙනත් තලයක තිබෙන දේවල්. නමුත් කොමඩි කියන්නේ ඒකම නෙමෙයි. මම රංග විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. මගේ ශාස්ත්‍රපති උපාධිය රංග කලාව ගැන ගත්ත උපාධියක්. ඒ උපාධිය කරද්දි මම ප්‍රහසන වර්ග ගණනාවක් ඉගෙන ගෙන තිබෙනවා. ඉන් අපි භාවිත කරන්නේ දශම ගණනක් පමණයි කියලා මට හිතුණා.
යම් යම් අවස්ථාවල බැලැක් කමඩි, ට්රැජි කමඩි භාවිත කර තිබෙනවා. මම සහ අජිත් තීරණය කළා මේ සිටින දැවැන්තයින් එක්ක තරග වදින්න වෙනත් නිර්මාණයක් කරන්න ඕන කියන දේ. අපි පිටපතේ සිටම හිතුවේ වෙනස් නිර්මාණයක් කරන්න. එහෙම හිතලා බ්ලැක් කමඩි කරන්න හිතුවා. ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ දන්නවා අපි දෙන්නට වැරදිලා කියලා. නමුත් අපි දෙන්නා ඒ දේ දන්නෑ. එවැනි කොමඩි පිටපත් තමයි අපි මේ තරගාවලියේදී කළේ. ඒ වගේම හරි දේශපාලනිකයි. මෙහි ටයිම් ඇන් ස්පේස් විශේෂයි. එය මගහැරුණොත් නාට්‍ය නිර්මාණයම අවුල් වෙනවා. අපි තරග වට අටක් මෙය සිදුකළා. අවසන් මහා තරගයට අපි තේරී පත්වුණා. එහිත් ලොකු අභියෝගයක් තිබුණා. මහින්ද පතිරගේ, ශාන්ත ගාල්ලගේ, ගයාන් මාපලගම, ධනුෂ්කා ඉරෝෂනී වගේ පිරිසක් තමයි අවසන් වටයට තේරී පත්වුණේ. අපි තුළ තිබූ උපක්රමශීලීත්වය නිසා මේ ජයග්‍රහණය ලබාගන්න හැකිවුණා කියලයි මම හිතන්නේ.
Q මෙවැනි කොමඩි නාට්‍ය නිර්මාණයකදිත් පිටපතට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. මේ කොමඩි නිර්මාණවල පිටපත ගැන අවධානය යොමු කළේ කොහොමද
පිටපත ගැන අවධානය යොමු කරද්දි අපි දෙදෙනා කිහිපදෙනෙක් යෝජනා කළා. පසුව අපි දෙදෙනාම හිතුවා අපිට අවශ්‍ය ලෙස මේ පිටපත රචනා කළ හැක්කේ මිහිර සිරිතිලකට කියන දේ. මිහිර සමග සාකච්ඡාවෙන් පසුව තමයි පිටපත රචනා වුණේ. සමහර පිටපත් ප්‍රතික්ෂේප වුණා. සමහර පිටපත් අපි තෝරාගෙන රංගනය සිදුකළා.
Q දුක්ගන්නාරාල සහ අජිත් ලොකුගේ කියන ශිල්පීන්ගේ රංගනයේදී ඇති සුසංයෝගය කෙබඳුද? නිර්මාණයේ සාර්ථකත්යට එය වැදගත් සාධකයක්
අපි දෙන්නා දෙන්නෙක්. අපි දෙදෙනාගේ බාහිර පෙනුමත් වෙනස්. ඒ නිසා චරිත ද්විත්වයක් වුණා. හිට්ලරුයි චැප්ලිනුයි වගේ වෙනසක් තිබුණා. රංගනයේදිත් අපි දෙන්නා වෙනස්. මම රංගනයේ යෙදෙන්නේ රළු චරිත. අජිත් අයියා සැහැල්ලුවෙන් සිදුකරන සරල චරිත සිදුකළා. අපි දෙන්නා තුළ තිබූ නොගැළපීමම තමයි ගැළපීම බවට පත්වුණේ කියලයි මම හිතන්නේ. අජිත් අයියා මට වඩා වසර දහයක් පමණ වේදිකාවේ සිටි ප්‍රවීණයෙක්. මේ වන විටත් වේදිකා නාට්‍යවල නියැළෙනවා. මම වසර දහයක් පහළොවක් පමණ වේදිකා නාට්‍යවල රංගනය සිදුකර නැහැ. නමුත් අපි දෙන්නා හොඳම සුසංයෝගයක්.
Q කොමඩි කියන දේ ප්‍රේක්ෂකාගාරය තුළ තිබෙන කියවීම සම්බන්ධයෙන් ඔබ තුළ තිබෙන අදහස කෙබඳුද
දෙබසකින් හෝ අගපසග වෙනස් වීම තුළින් සිනහව ගෙන ඒම තමයි ලංකාව තුළ කොමඩි ලෙස මිනිසුන් කියවන්නේ. මිස්ට බීන්, රෝවින්සන් හෝ චැප්ලින් වගේ අයව ඒ තරම් හදාරපු අය නෙමෙයි අපේ රටේ ඉන්නේ. නමුත් අපේ ජෝ අබේවික්‍රම වගේ රංගන ශිල්පීන් ගත්තම, ෆ්‍රෙඩී සිල්වාගේ යම් කාලයක් ගත්තම, බී.එස්, දොන් සිරිසේන, ඩී ආර් නානායක්කාර වගේ ශිල්පීන් ගත්තාම එවැනි ලක්ෂණ දැකගන්න තිබෙනවා. නමුත් පසුව සිනමාවට වේදිකා නාට්‍යවල වෙනත් ලක්ෂණ පැමිණෙන්න ගත්තා. ඒ ලක්ෂණම හාස්‍ය කියලා ප්‍රේක්ෂකාගාරය හිතන්න ගත්තා. අපි හාස්‍ය ගැන කියවන විදිහ ඒක නෙමෙයි. ටෙලිවිෂනයට වුණත් ඒ දේ කරන්න පුළුවන්. නමුත් එය
සිදුකරන්නේ නැහැ.
Q එවන් තත්ත්වයක් ඇති වීමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද
මේ වෙලාවේ විකිණෙන දේ තමයි හැමදෙනාම කරන්න බලන්නේ. අලුත් දෙයක් හොයා ගන්න බයයි. අපි දෙන්නත් මේ සිදුකළ දේ වැරදුණා නම් පළමු වටයෙන්ම අපි ඉවත් වෙනවා. දෙවැනි වටය, තෙවැනි වටය යන විට තමයි බොහෝ දෙනෙක් අපි ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තේ. වෙනස් වර්ගයේ ප්රහසනයන් ගෙන එන්නට උත්සාහ කළ ටෙලිනාට්‍ය ප්රේක්ෂකයන්ගෙන් හෝ නිෂ්පාදකයාගෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. පිටපත, රංගය, අධ්‍යක්ෂණය, ප්‍රේක්ෂකයා මේ සියල්ල එකතු විය යුතුයි. ඒ එකතු වීමේ අඩුපාඩුව අපේ රටේ තිබෙන නිසා මෙවන් තත්ත්වයක් ඇතිවෙන්න ඇති කියලා මම හිතන්නේ. මීට පෙර %කොළඹ සන්නිය^ වගේ සිනමා නිර්මාණ ගත්තත්, %ඇර සොයිසා^ වගේ සිනමා නිර්මාණ ගත්තත් කිසියම් අවර ගණයේ ලක්ෂණ තිබුණත් උසස් ප්‍රහසන අන්තර්ගතව තිබුණා. අපි කොමඩි වේදිකාව තුළ කළ නිර්මාණ නැවත සමාජයට වෙනස් අයුරින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් මිනිසුන් අතර වෙනස් මතයක් ගොඩනගන්න හැකිවෙයි කියලා අපි හිතනවා.
Q කොමිඩි ස්ටාර් තරගයෙන් පසු ඒ නිර්මාණ අන්තර්ගත කළ වේදිකා නාට්‍ය නිර්මාණයකටද සුදානම් වෙන්නේ
අපි අවසන් වටයට තරග කරද්දී සිදුකළ නිර්මාණය දිගු නාට්‍යයක් බවට පත්කළ හැකියි කියලා අපිට හිතුණා. ඒ ගණයේ සිනමාපට අපි ලෝකයේ දැක තිබෙනවා. එකම තැනක දෙන්නෙක් දෙතැනක තියා වැඩ කරනවා. එහි අන්තර්ගත වෙන්නේ එවැනි දෙයක්. එහි පිටපත රචනා කිරීමේ කටයුතු ආරම්භකර තිබෙනවා. මම එය නිෂ්පාදනය කරනවා. ප්‍රධානම කාරණය තමයි මේ මොහොතේ විදේශීය රටවල මෙයට තිබෙන ඉල්ලුම. ඒ නිසා අපි මේ වේදිකා නිර්මාණය සිදුකරනවා.
Q වසන්ත දුක්ගන්නාරාළ කියන්නේ කාලයෙන් කාලයට එක එක දේවල් කරන නිර්මාණකරුවෙක්. මේ වෙද්දි වේදිකාවට වැඩි ඉඩක් වෙන් කරලද
මේ නාට්‍යයේ සංවිධාන කටයුතු කරන්න අජිත් ලොකුගේට භාර දෙනවා. මම එහි රඟපෑමට හා අධ්යක්ෂණයට සහභාගී වෙනවා. මගේ චිත්‍රපටයේ කටයුතු හැමදිනම අතපසු වුණා. එය සිදුකරනවා. එහි මූලික කටයුතු නිමකර අවසන්. මේ වන විට මගේ නවකතාවක් රචනා කර තිබෙනවා. ඒ දේ සිදුකරනවා. මේ වසරේ සිනමා නිර්මාණයේ වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මම කළමනාකරණය, ආර්ථික විද්‍යාව ගැන ඉගෙන ගත් කෙනෙක්. අපේ රටේ අර්බුදවලට හේතුසාධක මොනවද කියලා මම පසුගිය වසර දහයක් තිස්සේ සමීක්ෂණය කළා. ඒ තුළින් මම හඳුනාගත් හේතුසාධක 27ක් එකතු කර %රට වැටෙන හැටි^ නමින් ග්රන්ථයක් රචනා කරනවා. අපි අපිම ශ්‍රී ලාංෙක්ය ජාතියක් ලෙස කළ වැරදි මම ඒ තුළ කතා කරනවා. මේ පෙබරවාරි 10 වනදා නැවත අපි පසුතැවෙන්න සිදුවෙන තීන්දුවක් ගන්නවානේ. ඒ ආර්ථික කාරණය හඳුනාගත්තේ නැත්තම් සිදුවන්නේ එය. ඒ නිසා මම සැමට වැටහෙන පරිදි සරල භාෂාවක් උපයෝගී කර ගනිමින් මේ ග්‍රන්ථය රචනා කරන්න අදහස් කරනවා.