සංගීත නිර්මාණ දිවියේ දොළොස් වසරක් පිරීම නිමිත්තෙන් සෙන්ටිග්‍රේඩ්ස් පසුගියදා අලුත් කටයුත්තකට අතගසා තිබේ. ඒ පිළිබඳව විමසීම සඳහා සෙන්ටිග්‍රේඩ්ස් නායක තුසිත් නිරෝෂණ 'අද'ට සම්බන්ධකර ගතිමු.
Q සංවත්සරය වෙනුවෙන් කෙරුණ කටයුත්ත ගැන මුලින්ම කතා කළොත්?
සෙන්ටිග්රේඩ්ස්ලට අවුරුදු 12ක් පිරීම මෙහි එක් අරමුණක්. අපි මුලින්ම ගීත නිර්මාණය කරන්න පටන්ගත්ත දවසේ ඉඳලා මේ අවුරුද්දට අවුරුදු 12 ක් පිරෙනවා. ඒ අතරට අපි ඕඩියෝ ඇල්බම් දෙකක් නිකුත් කරල තිබෙනවා. එමෙන්ම පටන් ගත්ත දවසේ සිට සංගීත ක්ෂේත්රයේ වෙනස්කම් රැසක් සිදුකර තිබෙනවා. වෙනස් ආකාරයේ පර්යේෂණාත්මක සංගීත නිර්මාණ සිදුකරලා සාර්ථක වෙලා තිබෙනවා. මේ ආපු ගමනේදි හොඳ මිසක් නරකක් අහන්න සිදුවුණු තැන් ගොඩක් අඩුයි.
ප්‍රවීණ සංගීතඥයන්ගෙන් පවා අපි කරන වැඩවලට ලොකු ප්‍රතිචාර තිබෙනවා. අපි ආපු කාලෙදි ජාත්‍යන්තර සම්මාන වගේම රාජ්‍ය සම්මානත් ලැබුණා. මේ දේවල් එකතු කරගෙන කණ්ඩායමක් විදියට එකට ඉන්න එක සෑහෙන්න අමාරුයි. අපි හැමෝම දන්නවා ලෝකෙ සංගීත කණ්ඩායම් බොහොමයක් වැඩිකල් නොගොස් කැඩී බිඳී යනවා. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් තමයි අපි ඉගෙනුම ලැබුවේ. අපේ පාසලෙන් පටන් ගත්ත සංගීත කණ්ඩායම අන්‍යෝන්‍ය සුහදත්වයෙන් අවුරුදු 12ක් පුරාවටම කටයුතු කරගෙන යනවා. අපි පහුගිය අවුරුද්දත් නිහඬව හිටියේ ඊළඟ නිර්මාණ එක දිගට එළිදක්වන්න.
ඒ නිර්මාණවල පළමු නිර්මාණය විදියට තමයි අපි 29 වැනිදා උපන්දිනය නම් ගීතය නිකුත් කළේ. එම ගීතය ගැන කතා කරනවා නම් ඒ ගීතයෙන් කතා කෙරෙන්නේ උපන්දිනය ගැන. ඒ ගීතයේ වීඩියෝවත් සමගයි අපි එළිදැක්වුවේ. සමස්ත වීඩියෝව අපේ ව්‍යාපෘතියක් විදියට තමයි එළියට ආවේ. මෙයට අපි දායක කර ගත්තා අපේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන අමරසිරි කලංසූරිය මහතාව. එතුමා කාලෙකට පස්සේ නිර්මාණයකට දායක වූ පළමු අවස්ථාව මේක. ඒ කාලෙ එතුමා කරපු දැවැන්ත නිර්මාණවලන් පසුව කලක් නිහඬව හිටියා. මීට වසර හතරකට පෙර සෙන්ටිග්‍රේඩ්ස්ලගේ තිබුණා Regeneration නමින් ව්‍යාපෘතියක්.
මෙමගින් අපි කළේ ලංකාවේ අතීතයක් තිබෙන කලාකරුවන් එකතු කරගෙන නිර්මාණයක් එළිදක්වන ව්‍යාපෘතියක්. පහුගිය කාලෙ අපි පටන් ගත්තෙ සූර්යකුමාර් මුත්තලගේ මහතා සහ ෆීලික්ස් ඇන්ටන් මහත්වරුන්ගෙන්. පසුව අමරසිරි කලංසූරිය මහතා මෙයට අපි රංගනයෙන් දායක කර ගත්තේ. එතුමාට උපහාරයක් විදියටත්, අපේ තිබ්බ හීනයක් විදියටත් එතුමා එක්ක නිර්මාණයක් කිරීමේ ආසාව ඉටුකරගත්තා. එතුමාගේ උපන්දිනය වෙනුවෙන් තමයි මේ ගීතය නිර්මාණය කළේ. මේ නිර්මාණය සඳහා යම්කිසි කාලයක් ගතකරන්න සිදුවුණා. ඒ නියමිත දිනයේදී අපිට එය එළිදක්වන්න බැරිවුණා. නමුත් අපි එතුමාට ඒ උපහාරයත් එක්කම සෙන්ටිග්රේඩ්ස්ලට අවුරුදු 12 ක් පිරීම නිමිත්තෙන් මේ ගීතය එළිදැක්වූවා.
Q 12 වැනි සංවත්සරය දවසේ සිදුවුණේ මොකද්ද?
සංවත්සරය දවසේ මේ නිර්මාණය එළිදැක්වීම තමයි සිදුකළේ. මෙය නොනැසෙන ගීතයක් ලෙසයි හැඳින්වෙන්නේ. අපි හැමෝටම උපන්දිනයක් තිබෙනවා. මේ කතාකරන මොහොතෙත් කාගෙ හරි උපන්දිනයක් සමරනවා. මේ ගීතය අපි දකිනවා කවදාවත් නැතිවෙන්නැති ගීතයක් විදිහට. හැමෝටම භාවිත කරන්න පුළුවන්. තරුණ අයට මෙන්ම වැඩිහිටි අයටත් උපන් දිනය දවසේ රසවිඳින්න පුළුවන් ගීතයක්. මෙහි පද රචනය කළේ තිලාන් රංගන. පද රචනයේදී පවා බැලුවේ හැමෝම අතරේ හුවමාරු වෙන විදියක්.
Q අවුරුදු 12 ක් ආපසු හැරිලා බලනකොට මුලදි තිබුණු ප්රබෝධය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම බිඳවැටිල නේද?
බිඳවැටිලා කියල කියන්න බෑ. අපි පටන් ගත්ත කාලේ රසිකයන් තුළ තිබුණු ජනප්‍රියත්වය අපි හිතනවා ඒ ආකාරයෙන්ම තිබෙනවා කියලා. තාමත් අපිට එන ලියුම් වගේම ෆෑන් පේජ්වලින් ජනප්‍රියත්වයේ අඩුවක් නම් දකින්න ලැබෙන්නෙ නැහැ. නමුත් අපේ ප්‍රමාදයක් තිබුණා. අපි ආරම්භ කරපු කාලෙ වගේ අපි නිර්මාණ එක දිගට කළේ නෑ. ඒවට හරියන්න ඒ කාලෙ කරපු ඇල්බම් දෙක අදටත් මාධ්‍ය ඔස්සේ විකාශය වෙනවා. පහුගිය අවුරුදු එකහමාර කාලය තුළ නිර්මාණයක් ලොකුවට කළේ නැති වුණාට ඒ තිබුණු ප්රවණතා වෙනස් වෙනකොට එයට සරිලන ආකාරයේ නිර්මාණ කරන්න ලොකු කැමැත්තක් තිබුණෙ නෑ.
අපි පහුගිය කාලෙ තිබුණු නිහඬතාව නැති කරගෙන ආපහු සෙන්ටිග්‍රේඩ් අවුරුද්දක් විදියට යළි පිබිදෙන්න අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. අපි සෝලෝ ගීත එළි නොදැක්වුවට ටෙලි නාට්‍යවල තේමා ගීත සහ වෙළෙඳ දැන්වීම් හරහා අපේ හඬ එළියට දැම්මා. එමෙන්ම අපි පහුගිය කාලේ අපේ එකෝස්ටික් පූර්ණ සංගීත කණ්ඩායමක් අපි වාදනය කළා. ඉදිරියේදී අපි හතරදෙනා හැරුණු විට පූර්ණ සංගීත කණ්ඩායමක් විදියටත් අපි එළියට එන්න බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසා වෙනදට වඩා ශක්තිමත් ලෙස මේ අවුරුද්ද ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.
Q කණ්ඩායමේ ඇතිවුණු යම් යම් අර්බුදකාරී තත්ත්ව මේ පසුබෑමට බලපෑවාද?
නැහැ කියන්න බැහැ. නමුත් කණ්ඩායම කිසිවිටකත් කඩන් වැටුණෙ නැහැ. සාමාජිකයන් ගැන කතා කළොත් අපේ ප්‍රධාන සාමාජිකයන් හතරයි හිටියේ. අමතර සාමාජිකයන් වේදිකාවට යද්දි තමයි භාවිත කළේ. ඒ දේවල්වලටත් මුහුණ දීගෙන අපේ නිර්මාණ ඉදිරියට ගෙන ආවා.
Q වර්තමානයේ තියෙන ප්රවණතාවලට යන්නැතුව සෙන්ටිග්රේඩ්ස්ලට ගොඩයෑමක් තියේවිද? නැත්තම් සෙන්ටිග්‍රේඩ් මොකද්ද මේ කරන්න හදන්නේ?
මේ කාලෙ සංගීත ක්ෂේත්රය යම්කිසි පිරිහීමකට ලක්ව තිබෙනවා. මෙම කර්මාන්තයට නොගැළපෙන අය මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම පිවිස තිබෙනවා. ප්‍රධාන ආයතන හරහා අඬන සින්දු, මල් සින්දු කියන රැල්ලත් එක්ක සංගීතය දන්න වගේම නොදන්න අයත් මේ ක්ෂේත්රයට පැමිණ තිබෙනවා. නමුත් අපි රිගින් ටෝන් වලින් මුදල් හොයන්න නිර්මාණ කරල නෑ. අපි කරන්නේ ගුණාත්මක නිර්මාණ සහ කතාකරන්න පුළුවන් විදියේ වැඩක්.
මේ එළිදැක්වූ ගීතයත් ඒ වගේ එකක්. අපි හැමෝම දන්න මාතෘකාවක් නමුත් වෙනස් විදියට ඉදිරිපත් කළා. ඇයි අපි අඬන සින්දුම හදන්නේ. අපි ඉස්සර කොටුව කියල ගීතයක් නිර්මාණය කළා. ලංකාවේ තිබෙන ප්‍රධාන බස් මාර්ගයේ නම්බර් එක යොදාගෙන ඒ නම්බරේට අදාළ බස් එක ගැන ලස්සන ගීතයක් අපි නිර්මාණය කළා. වෙනස් විදියේ නිර්මාණ කරනවා නම් ඒවා ජනප්‍රිය වෙනවා. මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම ගීත නිර්මාණය කරන්න හොඳ නෑ. එක ගීතයක් කරලා රිගින් ටෝන්වලට ඒක දාලා ඊට පස්සෙ ගායකයා ඉන්නවද නැද්ද දන්නෙ නෑ.
අපි එහෙම කරන්නෙ නැතුව සමාජයට වෙන පණිවිඩයක් දෙන්න ඕන. ගීතය වගේම රූප රචනයේදීත් අපි කල්පනාකාරී වෙනවා. පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් නිර්මාණයක් කරන්න තමයි අවශ්‍ය වෙන්නෙ. එහිදී දුක දැනෙන්න ඕන නම් රූප රචනය තුළින් අඬලා නෙවෙයි රූප රචනයේ තිබෙන සමහර තැන්වලදී ප්‍රේක්ෂකයාට ඒ හැඟීම් දැනෙන්න තමයි නිර්මාණ කළේ. මම හිතනවා මේ කාලෙ කරන නිර්මාණ සෙන්ටිග්රේඩ්ස්ලට අභියෝගයක් නෙවෙයි. පහුගිය කාලෙත් අපි රැල්ලට නිර්මාණ කළේ නෑ. අපි කරපු නිර්මාණ රැල්ලක් වුණා මිසක්