වයස අවුරුදු 16 වූ පාසල් ශිෂ්‍යයෙකු අන්තර්ජාලය ඔස්සේ කරනු ලැබූ පරිගණක ක්‍රීඩාවක් හරහා ලබාගත් ජයග්‍රහණය සඳහා එම වෙබ් අඩවිය විසින් ත්‍යාගය වශයෙන් ලබා දී ඇත්තේ රුසියානු නිල් චිත්‍රපට නිළියක් වන Ekaterina Makarova සමග මොස්කව් හෝටලයක මාසයක් පුරා ගතකිරීමට අවස්ථාවකි. මෙම නිල් චිත්‍රපට නිළිය පෙනී සිටින්නේ Macy Ssens නැමැති අන්වර්ත නාමයෙනි.
මෙම පාසල් ශිෂ්‍යයා ජයග්‍රහණය කර ඇත්තේ මෙම වෙබ් අඩවිය සඳහා පිවිසෙන 100,000කට අධික පරිශීලකයන් පිරිසක් අතරින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. Ruslan Schedrin නම් වූ මෙම පාසල් ශිෂ්‍යයාගේ මව මෙම ත්‍යාගය සඳහා අතිශයින් විරුද්ධත්වය පළකර තිබේ. තම දරුවා නිල් චිත්‍රපට නිලියක් සමග මාසයක් වාසයට නොයවන බව ඇය තරයේ ප්‍රකාශ කොට තිබුණි.
එම ත්‍යාගය මොහුට බාර ගත නොහැකි නම් ඔහුගේ පියාට බාර ගත හැකි බව තරගයේ සංවිධායකවරුන් දැනුම්දී තිබුනත් Ruslan ගේ මව විසින් එයටද විරුද්ධ වී තිබේ. ඇය පවසා ඇත්තේ මෙම දරුවාගේ වයස 14ක් වුවත්, ඔහු මෙම ක්‍රීඩාව සඳහා අවතීර්ණ වීමට වයස අවුරුදු 16ක් ලෙස ඇතුළත් කර ඇති බවයි.
Ekaterina Makarova නම් වූ චිත්‍රපට නිළිය මොස්කව් හෝටලයකට යාමට තීරණය කර ඇත්තේ ඇය මොස්කව් සඳහා සංචාරයකට සූදානම්ව තිබූ බැවින් යැයිද සඳහන් වෙයි.